මියගිය මෙහෙකාර දැරිය බදියුදීන්ගේ නිවසේ රදවා ඇත්තේ බල්බයක්, පංකාවක් නැති වර්ග අඩි 100ක සිරකුටියක.. පිටතින් අගුළු දාලා…

July 22, 2021 at 12:02 am | lanka C news
මියගිය මෙහෙකාර දැරිය බදියුදීන්ගේ නිවසේ රදවා ඇත්තේ බල්බයක්, පංකාවක් නැති වර්ග අඩි 100ක සිරකුටියක.. පිටතින් අගුළු දාලා…

සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි ඉෂාලිනි දැරිය බරපතළ කෲරත්වයකට – නොසලකා හැරීමකට ලක්කර මියයාමට සලස්වා ඇති බව දැනට සිදු කෙරෙන විමර්ශනවලින් අනාවරණය වී ඇති හෙයින් මෙම අපරාධයට වගකිවයුත්තන් වහාම නීතිය හමුවට පමුණුවන ලෙස ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතාගෙන් ඉල්ලා සිටියි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේය.

දිනපතා උදෑසන 05:30 සිට රාත්‍රී 10:30 තෙක් මෙහෙකාර සේවයේ යෙදවීමෙන් පසුව, ඉෂාලිනි දැරිය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසට යාබද විදුලි බල්බයක් හෝ විදුලි පංකාවක් හෝ නොමැති, නිසි පරිදි වාතාශ්‍රය ද නොලැබෙන වර්ග අඩි 100ක පමණ සිරකුටියක් වැනි කාමරයක පිටතින් අගුළු දමා නිවැසියන් විසින් රඳවා තබා තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සමරවීර මහතා පෙන්වා දුන්නේය.

එසේම ඉෂාලිනි එම නිවසේ සේවයේ යොදවාගෙන තිබූ මාස 08ක කාලය තුළ මාසයකට 02 බැගින් 16 වතාවක් පමණක් ඇයට තම මවට දුරකථන ඇමතුම් ලබා ගැනීමට ඉඩ දී තිබූ බවත් ඉෂාලිනීගේ මවගෙන් ලැබුණු දුරකථන ඇමතුම් ඇයට ලබාදී නොමැති බවත් වාර්තා වී ඇතැයි ද ජානිපෙ ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

එපමණක් නොව අධිකරණ වෛද්‍ය වාර්තා මඟින් මෙම 16 හැවිරිදි දැරිය මැදිවියේ කාන්තාවන්ගේ කායික ලක්ෂණවලින් සමන්විත බවත් නිතිපතා ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවත් හෙළිදරව් කර තිබෙන බව කී සමරවීර මහතා මේ සියලු කරුණු මඟින් ‘ඉෂාලිනී දැරිය බරපතළ කෲරත්වයකට සහ නොසලකා හැරීමකට ලක්කර ඇති බව මැනවින් තහවුරු වී ඇතැයි’ සඳහන් කළේය.

මෙහිදී දණ්ඩ නීති සංග්‍රහය අනුව බදියුදීන් නිවැසියන් අපරාධමය වරදක් සිදු කොට ඇතැයි දැනටමත් තහවුරු වී තිබෙන බවත් තිදරු පියකු වන බදියුදීන් මහතා ඇතුළු නිවැසියන් සිත්පිත් නොමැතිව, අබමල් රොනකවත් මනුස්සකම නොහඳුනන පිරිසක් ලෙස කටයුතු කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දරුවන් කෲරත්වයට – නොසලකා හැරීමට ලක්කර සියදිවි හානි කරගන්නා තත්වයකට පොළඹවාලන, එසේ සිදු කළ අපරාධය වසන් කර දැමීමට ඔවුන්ගේ දිවි තොර කරන ”අපරාධකරුවන්ට” බරපතළ ලෙස වැට බැඳෙන, ඉදිරියේදී දරුවන් මෙවන් ඉරණමකින් බේරාගැනීමට තබන බලගතු පියවරක් ලෙස සලකා මෙහිදී කඩිනමින් යුක්තිය ඉටුවිය යුතු බවත් සමරවීර මහතා අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සමන්සිරි හේරත්, දීපාල් ගුණසේකර යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

40,184 views

16 Comments to “මියගිය මෙහෙකාර දැරිය බදියුදීන්ගේ නිවසේ රදවා ඇත්තේ බල්බයක්, පංකාවක් නැති වර්ග අඩි 100ක සිරකුටියක.. පිටතින් අගුළු දාලා…”

  1. LalithM says:

    සීමාවක් නැතිව ලමයි හදල කුලියට දෙන එක වතුකරය ආශ්‍රිත ප්‍රදේශවල තදින්ම ක්‍රියාත්මක වෙනව. මෙය ඒ පවුල්වල ජීවනෝපාය. ලමයින්ට සලකන්න බැරිනම් බලයෙන් එය සීමා කිරීමට පියවර ගැනීම මේක අල්ලාගෙන දේශපාලනය කරන එකට වඩා හොඳ නැද්ද.

  2. 3% ට බය බයියා. says:

    හාල් කීය ද ……පොල් තෙල් කීය ද ………පරිප්පු සැමන් ලාභ ද ……….ඉන්ධන මිල අඩු ද…………හාල් මැස්සන් ලාභ ද ………..වෙනස ෂැපද ………….පාස්කු ප්‍රහාරය කරපු මහ මොළකරු කව්ද …………මහ බැංකු මංකොලයේ මොළකරුවන් ඇල්ලුවාද …………ඔබට සතුටුයි ද …………

  3. MD says:

    සත්තකින්ම නිතීඥ මහත්වරුත් මෙවැනි අපරාධ නඩුවලට විත්තිය වෙනුවෙන් පෙනී නොසිටින්න හදවත් කාරුණික කරගන්නවානම් රටට දැයට වැඩදායී පුරවැසියන් ලෙසත් නිතී විරුවන් ලෙසත් විරුදාවලිය ලබයි නේද?

  4. Gabgabadya says:

    මේ අහිංසක ජීවිතයට සාධාරණය ඉෂ්ට විය යුතුයි.එය වන්දියකින් විතරක් නොවෙයි ,චූදිතයන් නීතිය හමුවට හමුවට ගෙනවිත් උපරිම දඩුවම් දිය යුතුයි.ඒ ඇරෙන්නට අහිංසක මිනිස්සු එක්ක ඩීල් දාන්න එපා.
    ස.ජ.බ ,නින්දිත ජ.වි.පෙ නිහඩයි.

  5. සහොදරය says:

    කොලමබ 7ට කොහෙන් ව බූමිතෙල් ළඟ පාත කඩවල් වල බූමිතෙල් විකුණන නෙ නෙහේ ඕනෙ නම් ගන්න තියෙන්නෙ බම්බලපිටිය පෙට්‍රල් සෙඩ් එකෙන් විතරයි .
    ගෙවල් එතුලෙ බූමිතෙල් තියාගන්නෙ නෙහෙ ගද ගගහන නිසා

  6. Sarath Bulathsinghala says:

    මෙම දැරිය සුමානයකට වැඩි කලක් රෝහලේ සිටිබව කියනවා. මේ කාලය තුල මේ දැරියගෙන් කිසියම් සාක්ෂියක් ගන්නට හැකිවුනා ද යන්න කොතනකවත් කියවෙන්නේ නැහැ. රෝහල් සිටි සම්පූර්ණ කාලය ඇය සිටියේ සිහිසුන්වද?

    දැනට කියනවිධියට ඇය මරණයට පත්වී ඇත්තේ පිලිස්සීම් නිසා බව පවසනවා. මේ පිලිස්සීම් තුවාලවල පිහිටීම් අනුව සිදුවීම සියදිවිනසා ගැනීමක්ද නැත්නම් දැරියට සිදුවී ඇති අකටයුතුකම් වසන් කිරීමට පුලුස්සා දැමා මරණයට පත්කිරීමක්ද යන්න නිසි ලෙස නිරීක්ෂණය කිරීමට බලධාරීන් උත්සුක විය යුතුය.

    මේ කාර්ය සම්බන්ධයෙන් රටතුල එවැනි දැනුමක් නැත්නම් විදේශ රටවලින් ඒ දැනුම ලබාගත යුතුය. පිලිස්සීම් සම්බන්ධ විශාල දැනුම් පද්ධතියක් දැනට ලෝකයේ තියෙනවා. මේ කාරනය එලෙස විශ්ලේශනය කිරීම ඉතාම පහසුය.

    ඇයට මේ ඇබැද්දිය සිදුවූ රිෂාඩ් බදියුදීන්ගේ නිවස මෙයිට වඩා පරීක්ෂණ වලට යොමුවිය යුතුය! මේ දක්වා රිෂාඩ් බදියුදීන්ගේ නිවැසියන් අත්අඩංගුවට නොගෙන ඇත්තේ කිසියම් දේශපාලන ඩීල්ද යන්න රටවැසියන්ගේ කුකුසට ලක්වීම වැලැක්වීය නොහැකිය.

    මීට අනතුරුව මේතාක් කල් රිෂාඩ් බදියුදීන්ගේ විල්පත්තු වනවිනාශය සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුවට අනුව කොපමණ අක්කර ගස් හිටෙව්වාද යන්න ජනතාව දැනගත යුතුය. මාධ්‍යය පලකරන දෑගැන කරන පසුවිපරුම් දැනට වඩා කර්යක්ෂකම විය යුතුය.

Leave a Comment