මියගිය වනඅලි හතර දෙනෙකුගේ සිරුරු හමුවේ..

September 28, 2019 at 2:13 am | lanka C news
මියගිය වනඅලි හතර දෙනෙකුගේ සිරුරු හමුවේ..

මියගිය වන අලි ගැහැණු සතුන් හතර දෙනෙකුගේ සිරුරු හමු වූ බව සිගිරි වන රක්ෂිත කලාපයේ චුන්ඩිකුලම් වන රක්ෂිතයේ හිරිවඩුන්න වැව්පිටියේදි හමුවු බව සිගිරිය වනජිවි කාර්යාලය පැවසීය.

මෙම පිලිබදව වනජිවි සිගිරි අඩවිවන නිලධාරි චන්ද්‍රා බණ්ඩාරනායක මහතා පවසන්නේ අලි දෙදනකුගේ මරණයක් පිලිබදව ආරංච් වු බවත් පසුව සොයා බැලිමෙදි අලි ගැහැණුසතුන් 4 දෙනකු හමු වි ඇති බවත්ය.

මෙම සුතුන්ගේ මරණයන්ට සැක කරනුයේ මිනිස් ක්‍රියාකාරිත්වයක් නිසාවෙන් සිදුවන්න ඇති බවයි. ලංකාවේ වන අලිපරම්පරාව ගෙනයන්න සිටින ගැහැණු සතුන් මිය ගොස් ඇති බවයි. මෙම සතුන් 4දෙනා අතර දෙදනෙකු ගැබ්බර බවට සැක කරණ බවත් පැවසිය. මෙම අලි මරණයන් සිදුව ඇති චුන්ඩිකුලම් රක්ෂිතයේ මෙන්ම වැව් රක්ෂතයේද අනවසර හේන් ගොවිතැන් යහමින් සිදුවන බවත් මෙම මරණ බොහොවිට මිනිසුන්ගේ ක්‍රියාකරකමක් නිසා සිදුවුවක්විය හැකිබවට සැක කරණ බවද අඩවිවන නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මෙම අලින් මැරි සිටින කලැව හා මින්නනේරි රක්ෂිතය අතර අලින් මාරුවන ප්‍රධාන අලි ගමන්මාර්ගයක් වන අතර අලින් දැඩි වේදනාවෙන් කැලයේ පෙරලෙමින් සිට මිය ගොස් සිටින ආකාරය දැක ගත හැකිය.

අලි මරණයන් පිලිබදව වැඩිදුර පර පරික්ෂණ සිදු කරණ බවද හේතේම පැවසීය.

අලි මරණ පිළිබදව වනජිවි පශුවෛද්‍ය දිනුෂා ද සිල්වා මහත්මිය ප්‍රමුඛ වනජිවි පශුවෛද්‍ය වරුන් පැමිණ පශ්චාත් මරණ පරික්ෂන සිදු කරණ අතර අවට ප්‍රදේශයේ තවත් වන අලින් සතුන් රැදි සිටින නිසා වෙන් පරික්ෂණ සිදුකීරිම අපහසු වි ඇති බවද වනයට පැමිනේන ජනතාවට ආරක්ෂිතව වනයෙන්පිටයයන ලෙසද වනජිවි නිලධාරින් පවසති.

සිද්ධිය පිලිබදව අධිකරණයට වාර්තා කොට වැඩිදුර පරික්ෂන සිදුකරණමින් සිටන අතර සිද්ධියට සම්බන්ෂ සැක කරුවන් හදුනාගතහොත් තරාතිරමක් නොබලා දඩුවම් දෙන බවද වනජිවි නිලධාරින් පැවසීය.

– මහින්ද උදයසිරි දඹුල්ල

3,939 Viewers

One Comment to “මියගිය වනඅලි හතර දෙනෙකුගේ සිරුරු හමුවේ..”

  1. Love nature says:

    සෑම කුරා කූඹියෙකුටම ජීවත් වීමේ පරම අයිතිය ඇත. .එය නැති කිරීම විසාල පාපයකි

Main News