මියගොස් ආදහනයට සුදානම්ව ඇති විධායක ජනාධිපති ධූරය පස්සේ දයාන් ජයතිලක හබා යන්නේ රනිල් විරෝධී මානසිකත්වය නිසාමද..?

April 22, 2017 at 12:00 pm | lanka C news
මියගොස් ආදහනයට සුදානම්ව ඇති විධායක ජනාධිපති ධූරය පස්සේ දයාන් ජයතිලක හබා යන්නේ  රනිල් විරෝධී මානසිකත්වය නිසාමද..?

පසුගිය ජනාධිපතිවරණයේ දි හැට දෙලක්ෂයක් රටේ ජනතාව ඡන්දය පාවිච්චි කලේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාව මගින් හදුන්වා දුන් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමටයි. ඒ සඳහා නායකත්වය දෙමින් එදා පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාත්මක වී ජනතාව පෙල ගස්සවා එදා පැවති පාලනය වෙනස් කලේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමටයි.

මෙයින් රටේ බහුතරයක් බලාපොරොත්තු වුනේ විධායක ජනාධිපති ධූරය අහෝසි කොට නැවතත් වෙස්මිනිස්ටර් පාලනයක් එනම් වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් රටට හදුන්වා දීමටයි, එය විධායක ජනාධිපති ධූරයෙන් තොර අගමැති ප්‍රමුඛව අමාත්‍ය මණ්ඩලයකින් රටේ පාලනය සිදු කිරීමයි.

එහෙත් ඒ සියල්ලම අමතක කොට ආචාර්ය දයාන් ජයතිලක වැනි උගතෙක් තමා සිතන දෙය පමණක් හරි යයි හිතමින් අගමැති රනිල් සමඟ තිබෙන උරන කම නිසාම මේ වනවිට මියගොස් ආදාහන කටයුතු සඳහා පවතින විධායක විධායක ජනාධිපති ධූරය නැවතත් ශක්තිමත් කිරීමට උත්සහ ගැනීම පුදුමයට මෙන්ම හාස්‍යට කරුණක් බව ක්ලම්බු ටෙලිග්‍රාෆ් හී දයාන් ජයතිලකගේ ලිපියක් සම්බන්ධව පිලිතුරු ලිපියක් ලියමින් ශ්‍යමන් ජයසිංහ කියා සිටී.

සම්පූර්ණ පුවත මෙතනින්

210 views
Main News