මියන්මාරයෙන් පැන ආ රෝගින්‍යා සරණාගතයින් ලංකාවේ කදවුරු ගසාගනී.. බෞද්ධ සංවිධාන වටලා අල්ලයි.. [Video]

September 26, 2017 at 11:07 pm | lanka C news
මියන්මාරයෙන් පැන ආ රෝගින්‍යා සරණාගතයින් ලංකාවේ කදවුරු ගසාගනී.. බෞද්ධ සංවිධාන වටලා අල්ලයි..  [Video]

මියන්මාරයේ මේ දිනවල ඇති වී තිබෙන ගැටුම්කාරී තත්වය හේතුවෙන් මෙමරට නීති විරෝධී ලෙස ඇතුළු වී තිබෙන රොහින්ග්‍යා සංක්‍රමණිකයන් 31 දෙනෙකු ගල්කිස්ස ප‍්‍රදේශයෙන් හමුව තිබේ.

මෙම පිරිස සොයාගෙන ඇත්තේ භික්ෂූන් වහන්සේලා ඇතුළු කණ්ඩායමක් විසින් එහි ගොස් කල සෝදිසි කිරීම්වලදීය.

එම සංක්‍රමණිකයන් වහා ශ‍්‍රී ලංකාවෙන් පිටුවහල් කරන්නැයි පිරිස එහි විරෝධතාවක් පැවැත්වූ අතර පොලිසිය පැමිණ සංක්‍රමණිකයන් පිරිස පොලිස් භාරයට ගෙන තිබේ.

සංක‍්‍රමනිකයන් පිරිස පවසා ඇත්තේ පසුගිය අපේ්‍්‍රල් මාසයේදී නීති විරෝධීව මෙරටට පැමිණිමට ගත් උත්සාහයේදී අත්අඩංගුවට පත්වූ බවත් ඉන් පසු මිරිහාන ආගමන රැදවුම්භාරයේ රදවා තිබූ බවත්ය.

පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයද දැනුවත්ව එම ස්ථනයේ රැඳී සිටි බවත් 31 දෙනෙකු සිටින තම කණ්ඩායමේ 6දෙනෙකු පාසල් යන බවත් ඔවුන් පවසා ඇත.

ආණ්ඩුවේ ඇමතිවරුන් ඇතුලු බලධාරීන් පසුගියා දා සහතික කර කියා සිටියේ කිසිදු රෝගින්‍යා සරණාගතයෙක් ශ‍්‍රී ලංකාව තුල නැති බවයි.

163 views
Main News