මියන්මාරයේ මුස්ලිම් ජනතාවට සිදුවන වධහිංසාවලට විරෝධය පා මන්නාරමේ විරෝධතා…

September 7, 2017 at 5:30 pm | lanka C news
මියන්මාරයේ මුස්ලිම් ජනතාවට සිදුවන වධහිංසාවලට විරෝධය පා මන්නාරමේ විරෝධතා…

මියන්මාරයේ වෙසෙන මුස්ලිම් ජනතාවට එරට ආරක්‍ෂක අංශ හා රජය විසින් සිදුකරන වධහිංසා හෙලාදකිමින් එයට විරෝධය පා මන්නාරම නගර මධ්‍යෙය් විරොධතාවක් සංවිධානය කොට තිබුණි.

මන්නාරම දිස්ති‍්‍රක් සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධාන කර තිබූ එම විරෝධතාවට මුස්ලිම් වැසියන් සමග දෙමළ වැසියන්ද කතෝලික පියතුමන්ලා පිරිසක්ද සහභාගී වී සිටියහ.

එහිදී ඔවුන් කියාසිටියේ මියන්මාරයේ ජීවත්වන මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙසටත් ඔවුන්ගේ අයිතිය ඔවුන්ට ලැබිය යුතු අතරම ජාතීන් අතර සිදුකෙරෙන මෙම වධහිංසාවන් වහාම නැවත්වීඹ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වහා මැදිහත්විය යුතු බවට අදාල විරෝධතාවය මගින් පෙන්වා දුන්හ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

115 views
Main News