මියන්මාර් භික්ෂූන් හමුදා පාලනයට විරුද්දව පත්තනිකුජ්ජන කර්මය පනවයි… තානාපති සපදතා අතහරින්නැයි ජනාධිපති ගෝටාභයගෙන් ඉල්ලයි..
March 25, 2021 at 1:20 pm | lanka C news
හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
ගරු ජනාධිපති තුමා
ජනාධිපතිකාර්යාලය
කොළඹ 01
ගරු ජනාධිපතිතුමනි.
මියන්මාර් මහ සඟරුවන හමුදා පාලනයට එරෙහිව පත්තනිකුජ්ජන කර්මය පනවයි.
අද වන විට මියන්මාරයේ රාජ්‍යය බලය අත්පත් කරගත් හමුදා ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ වඩාත් තීව්ර වෙමින් පවතී. මේ වන විටත් සිය ගණනක් අහිංසක මිනිසුන් හමුදා ආණ්ඩුවේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත. එම වෙඩි උණ්ඩයට අද වන විට කුඩා දරුවන්ද බිලිවෙමින් ඇත. ශ්‍රි ලංකාවේ සම්ප්‍රදායික භික්ෂු සංස්ථා දෙකක් වන අමරපුර හා රාමඤ්ඤ නිකායන් පැවැත එන්නේ මියන්මාරය භික්ෂු සම්ප්‍රදායට අනුවයි. එම නිසා මෙරට භික්ෂුන් හා බෞද්ධයන් අතර අති විශාල බැදීමක් ඇත. මේ වන විට දැඩි ලෙස හමුදා ආණ්ඩුව බෞද්ධ ජනතාව මර්ධනය හමුවේ මහා සංඝරත්නය ද ජනතාව සමඟ එක්ව හමුදා පාලනයට විරෝධය පළ කරමින් ඇත. ඒ අනුව බුදු රජාණන්වහන්සේ අනුදැන වදාළ විනය කර්මයක් සිදු කරමින් එරට භික්ෂූන් වහන්සේලා අතිවිශාල ප්‍රමණයක් හමුදා ආණ්ඩුවට එරෙහිව පත්තනිකුජ්ජන කර්මය පනවා ඇත. ලංකාවේ ද කාස්ශ්යප රජුට හා සිතාවක රජුට මෙම දඩුවම පනවා ඇත. ඒ අනුව යමින් අදවන විට මියන්මාර් හමුදා පාලනය කරන අයගෙන් සිවු පසය පිළිගැනීම භික්ෂූන් වහන්සේලා වැළකී සිටියි. එම නිසා ලංකාරාජ්‍ය ද මියන්මාර් රාජ්‍ය සියලු රාජතාන්ත්‍රික සම්බන්ධතා හමුදා පාලනය තිබෙන තුරු අත්හිටුවීමට ඔබතුමා කටයුතු කරන්නේ නම් මියන්මාර් හමුදා පාලනයට දැඩි බලපෑක්ද? එරට සිටින බෞද්ධ ජනතාවට අතිවිශාල ශක්තියකි.
අටුවා අනුව පත්තනිකුජ්ජන කර්ම වශයෙන්,“මහණෙනි,අංග අටකින් යුත් උපාසකයාට සංඝ තෙමේ කැමැත්තේ නම් පාත්‍රය යටිකුරු දෙසට නමන්නේ “කවර අටකින්ද යත්ද?. භික්ෂූන්ට අලාභ පිණිස තැත් කරයි ද, භික්ෂූන්ට අවැඩ පිණිස උත්සාහ කරයිද,භික්ෂූන්ට ස්ථාන නැති කිරීමට උත්සාහ කරයිද, භික්ෂූන්ට නින්දා පරිභව කරයි ද, භික්ෂූන් භික්ෂූන් හා බිඳවයි ද, බුදුරජාණන් වහන්සේ පිළිබඳව නුගුණ කියයි ද, ධර්මයට නුගුණ කියයි ද, සංඝයාට නුගුණ කියයි ද, මහණෙනි, මේ අංග අටෙන් යුත් උපාසකයාට සංඝ තෙමේ කැමැත්තේ නම් පාත්‍රය නමන්නේය.
99% බෞද්ධයන් වාසය කරන මියන්මාර රටේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගය පක්ෂය 3/2 ජන්දයක් ලබා ගත්තාය. එයට සම්මුතිවාදි නොවි අහිංසක බෞද්ධ ජනතාව ඝාතනය කරමින් තුවාල කරමින් සිදුකරන අපකිර්තිමත් ක්‍රියාව ථේරවාදි බෞද්ධ රටක් වශයෙන් හෙළා දැකිය යුතුය. අප මියන්ර්මාර බෞද්ධයන් සමග එක්සිත්ව සිටිමින් මියන්මාර් හමුදා පාලනයට එරෙහිව ලෝකයේ සියලුම බෞද්ධ රටවල් එක්ව නැගි සිටිය යුතුය. ඒ සදහා අප ශ්‍රි ලංකා ආණ්ඩුව හා අනිකුත් බෞද්ධ රටවල් සමග කතා කරමින් අද සිදු වන බෞද්ධ විරෝධි ප්රජාතන්ත්ර විරෝධි හා සම්මුතිවාදි විරෝධි ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් නැගි සිටිය යුතුය. ශ්‍රි ලංකාවේ ථේරවාදි මහ සංඝයා සමග ආණ්ඩුවද මියන්මාර් හමුදා ආණ්ඩුවට එරෙහිව පත්තනිකුජ්ජන කර්ම පැන විය යුතුය.
මෙයට
සසුන්ලැදි
බුදුගල ජිනවංස හිමි
සභාපති
ඔය අල්ලපනල්ලෙ ජාතිකවාදයේ පියා නලීන් මහැදුරු තුමා හමුදා පාලනේට බයේ පින් තානාපතිකමත් අත් ඇරල එන්න අඩනව.මෙහේ ඇවිත් ගෝලයන්ට හමුදා පාලනේක ගුණ වයනව.ගෝලයෝ ඒව අල්ලන් කපටි රජපවුලෙ වහල්ලු වෙනව
Hmmmm.
This is an incredible lie. Those crowds are not in Burma. Why is this monk talking on behalf of Monks in Burma anyway ? What a load of rubbish.
එය එසේ නම් අපේ රට කොලනි කර විනාස කරපු අයටත් විරුද්දව කතා කරමු
ඒකට අපේ හාමුදුරුවරු හමුදා පාලනයකට එකෙන්ම.
හිට්ලර් කෙනෙක් වුනත් කමක් නැහැ ලු.
These Buddhist organizations suddenly sprang up and make stupid statements. Behind these organizations always are bankrupt political parties. What they don’t know is Thailand still under military government. In Myanmar and Thailand it was a common occurrence. When the army thinks their government go against peoples will, they gonna take over the government.
ඉදිරියේ දි මෙහෙත් එහෙම තමයි .
It is a matter of time for the junta guns to turn towards the monks. China killed Buddhist Monks and planted their version. Will do same with Miyanmar and then even with Srilanka.
How much were you paid to say this, aney manda?
Stop telling LIES,
when suki’s govt tried to arrest Buddhist monks, the Army protected the monks.
You have NEVER BEEN TO BURMA.
BORU KIYANA HOREK