මියයන තෙක් මේ සටන අතහරින්නේ නෑ..- විමල් වැලිකඩ සිට සහතික කරයි..

March 23, 2017 at 10:50 pm | lanka C news
මියයන තෙක් මේ සටන අතහරින්නේ නෑ..- විමල් වැලිකඩ සිට සහතික කරයි..

තමන්ගේ සෞඛ්‍ය තත්වය අනතුරුදායක වුවත් එය සතුරන්ගේ සතුටට හේතු වුවත් මේ ආණ්ඩුවේ අයුක්ති සහගත සහ අසාධාරණ ක‍්‍රියා කලාපයට එරෙහිව ඇරඹු සටන මිය යන තෙක් සිදු කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

තම සිර කුටියේ පැය 40කට වැඩි කාලයක් උපවාසයේ යෙදී සිටින විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසීමට මැගසින් බන්ධනාගාරයට ගිය ජානිපෙ නියෝජ්‍ය නායක, වීරකුමාර දිසානායක මහතාට ඒ මහතා මේ බව පවසා තිබිණි.

විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව බන්ධනාගාරයෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වූ වීරකුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.

‘විමල් වීරවංශ මහතා රක්‍ෂිත බන්ධනාගාරයේ තමන් රඳවා සිටින සිරකුටිය තුළ ආහාර නොගෙන මේ වන විට පැය 40කට වැඩි කාලයක් අඛණ්ඩ උපවාසයක නිරතව සිටිනවා, වෛද්‍යවරුන් කියනවා ඔහුගේ තත්වය අනතුරුදායකයි මොනවා හරි කරන්න’ කියලා. අපි දන්නවා අපට සිටින සතුරන් මේ පණිවිඩය අහලා සතුටු වෙනවා කියලා. විමල් වීරවංශ මහතා කියන්නේ ‘මගේ තත්වය අනතුරුදායක වුවත් සතුරන්ගේ සතුට ඒක වුණත්, මා නිහ`ඩව සිටීම අපේ ජනතාවගේ සතුටට හේතු වන්නේ නැහැ. ‘මා ඇරඹූ සටන ඉදිරියට ගෙන යන්න. මා හිටියත් නැතත් මේ රටට ද්‍රෝහී මේ ආණ්ඩුව පලවා හරින්න පෙරට එන්න’ කියන පණිවිඩය මාගේ ආදරණීය ජනතාවට, සහෘද දේශපාලනඥයන්ට දෙන්න’ කියලයි.

‘මේක ඉතාම අසාධාරණ, අයුක්ති සහගත රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමක්. අද මට මෙහෙම කරනවා. හෙට තවත් දේශපාලන නායකයකුට මේ දේ කරාවි. ඒ නිසා මේක නතර කරන්න ඕනෙ’ කියලත් විමල් වීරවංශ මහතා පවසනවා. එවිට මම ඇහුවා මේ දේශපාලන දඩයම නතර කරන්න ඔබතුමාගේ ජිවිතය පූජා කරන්නද යන්නේ’ කියා. මම එවිට ඔහු අවධාරණය කළා ‘අපි මේ ආණ්ඩුවට ඕනෑම දෙයක් කරන්න ඉඩ දීලා නිහඩව ඉඳලා බැහැ. අපි එළියේ හිටියත් මැරෙනවා. ඇතුළේ හිටියත් මැරෙනවා.’ ඒ නිසා මේ අසාධාරණය නතර කරන තෙක් මම මේ වැඬේ අත හරින්නේ නැහැ’ කියා’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

88 views