මිය ගිය තරුණියගේ සුලමුල හෙලිවේ..

August 30, 2018 at 5:30 pm | lanka C news
මිය ගිය තරුණියගේ සුලමුල හෙලිවේ..

කිලිනොච්චිය,පණ්ණකඩ්ඩි ප්‍රෙද්ශයේ කුඹුරු යායක තිබි හමු වූ තරුණියකගේ මළ සිරුර ඇගේ ඥාතීන් විසින් මේ වන විට හඳුනාගෙන ඇති බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ එසේ මිය ගොස් ඇත්තේ මාන්කුලම් මුරුගණ්ඩි වසන්තනගර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එක්දරු මවක් වන 32 හැවිරිදි කරුපයියා නිත්‍යකලා නැමති කාන්තාවක් මෙසේ මිය ගොස් ඇති බවටයි.

මිය ගොස් සිටි කාන්තාවගේ පියා සහ සහෝදරයා විසින් මළ සිරුර හඳුනාගෙන ඇති අතර ඔවුන් පවසා ඇත්තේ මෙම මරණය ඝාතනයක් බවට සැකකරන බැවින් ඝාතකයින් වහාම අත්අඩංගුවට ගත යුතු බවටයි.

කිලිනොච්චිය පන්නංකඩ්ඩි ප්‍රදේශයේ කුඹුරු යායක ඇළ මාර්ගයක තිබි ඊයේ (29) දින කාන්තාවගේ මළ සිරුර ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට ගිය පිරිසක් විසින් සොයාගත් අතර, මළ සිරුර අසළ තිබි යතුරුපැදි යතුරක්,පාවහන් ඇතුළු කොටස් කිහිපයක් හමුවි ඇති බවද පොලිසිය සදහන් කළේය.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ මේ වන විට මළ සිරුර කිලිනොච්චිය රෝහලේ මෘත ශරිරාගාරය වෙත යොමුකොට පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමු කොට ඇති බවටත් අදාල මරණය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22 views
Main News