මිය ගිය රණවිරුවන් වෙනුවෙන් අනුරාධපුර ජේතවනාරාමයේදී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අධිෂ්ඨාණ පූජාවක්…
March 25, 2019 at 2:02 am | lanka C news
තිස් වසරක යුද්දය නිමා කර දීමට උර දුන් වීරෝධාර රණවිරුවන්ට සෙත් පැතීම මිය ගිය රණවිරුවන්ට හා ආබාධිත වූ රණවිරුවන්ට පිං පමුණුවා ආශිර්වාද කිරීමේ මහා අධිෂ්ඨා පූජාවක් අනුරාධපුර ජේතවන සෑ රද වන්දනාව සංවිධානය කොට තිබුණි.
ශ්‍රීලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව විසින් විසින් පූර්ණ සංවිධාන කටයුතු සිදු කොට තිබූ අතර ජේතවන සෑරද වන්දනාවේ ප්‍රධාන ධර්ම දේශනාව සිදු කරනු ලැබුවේ පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමිපාණණ් විසින් වූ අතර ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ දම්මරතන හිමියන්ද අනුශාසකත්වය දැරීය.
යුද සමයේදී මිය ගිය තුවාල ලැබූ හා ආබාධිත වූ රණවිරුවන්ගේ ඡායාරූපද සහිතව ඔවුන්ගේ දෙමාපියන් ඥාතීන් හිතමිත්‍රාදීන් ලක්ෂයකට ආසන්න බැතිමතුන් පිරිසක් මෙලෙස ජේතවන සෑරද වන්දනාවට සහභාගී වූහ.
එමෙන්ම යුද සමයේදී 58 වන සේනාංකය භාරව සිටි එවකට මේජර් ජෙනරල් ශ්රෙව්ද්ර සිල්වා මහතාද මෙම ජේතවනසෑරද වන්දනාවට සහභාගී වෙමින් එය සංවිධානය කිරීමට ප්‍රමුඛත්වය දී තිබුණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ