මිය ගිය LTTE නායක වෙනුවෙන් උතුරේ පින්තූර බැදගෙන පාගමන්..

September 22, 2019 at 12:00 pm | lanka C news
මිය ගිය LTTE නායක වෙනුවෙන් උතුරේ පින්තූර බැදගෙන පාගමන්..

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රභල සාමාජිකයෙකු වන දිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නැමත්තාගේ 32 වන ගුණ සැමරුම වෙනුවෙන් වව්නියාවේ සිට යාපනය දක්වා පා ගමනක් සංවිධානය කොට ඇත.

වව්නියාව නගරසභාව ඉදිරිපිටින් ඊයේ (21) දින ආරම්භ වූ මෙම පාගමන ලබන 24 වනදා යාපනයට ලඟා වීමට නියමිතව ඇති අතර ස්වේච්ඡා සංවිධානයක් විසින් සංවිධානය කොට තිබූ මෙම පාගමන වෙනුවෙන් උතුරේ අතුරුදහන් වූවන්ගේ ඥාති සංගමය විසින්ද සහය ලබා දී තිබුණි.

තිලීපන් එදා නිරාහාරව සිටිමින් මිය ගියේ දෙමළ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ සුභ සිද්ධිය පතා වන අතර එහෙයින් එවැනි අයෙකු සිහිපත් කොට මෙම පාගමන සංවිධානය කළ බවට සංවිධායකයින් පැවසූහ.

1987 සැප්තැම්බර් මස 15 වනදා දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයකක් ආරම්භ කරනු ලැබුවේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බවටයි

එම උපවාසය අතරතුරදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද පැමිණ අදාල උපවාසය නවත්වන ලෙසට ඉල්ලා සිටියද උපවාසය අත් නොහැරීමෙන් සැප්තැම්බර් 26 වනදා ඔහු උපවාසය අතරතුරදී නිරාහාරව සිටීම නිසා මිය ගියේය.

මිය යන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබා දී ඇති අතර ඔහුව එවකට හැඳින්වූවේ ලුතිනන් කර්නල් දිලීපන් ලෙසින්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,891 Viewers

5 Comments to “මිය ගිය LTTE නායක වෙනුවෙන් උතුරේ පින්තූර බැදගෙන පාගමන්..”

  1. merata eka says:

    Gotata sinhala chanda wedi karawanna wasuge massina Vigneshwaran dana sellamak me

  2. LION says:

    අපේ සංගයා වහන්සේලා මෙසේ ගියානම් මෙලහාකටත් හිරේ නායකයන් ලැජ්ජා වෙන්න ඕනේ

  3. ප්‍රභාත් says:

    බයිලා තමයි දිලීපන් කැන්සර් ලෙඩෙක් . දිලීපන් ව බේරල දෙන්න කියල දිලීපන්ගෙ අම්මයි තාත්තයි එවකට යාපනය මහ රෝහලේ අද්‍යක්ශක විදිහට හිටපු දොස්තර ශිවකුමාරන් මහත්තයට කිව්වම එතුමා ඇවිල්ලා සේලයින් දෙන්න හදනකොට ප්‍රභාකරන් උත්තමයා ඔලුවට පිස්තෝලය තියල වැඩේ නවත්තල තියෙන්නෙ .එදා රෑ යාපනෙන් පැනල ආපු දොස්තර මහත්තය ආයෙ ගියේ අපි එක්ක 2002 අවුරුද්දේ සාම කාලෙ ..

  4. පොරමෝලා says:

    දිලීපන් මැරෙව්වේ ප්‍රභාකරන්. ඔය එල්ටීටී කොඩි උස්සන් එන ඈයො ඉන්නෙ සුමන්දිරන් එක්ක නෙවෙයි

Main News