මිරිස් ආනයනය නවතන්න සූදානම්..

September 26, 2021 at 7:24 pm | lanka C news
මිරිස් ආනයනය නවතන්න සූදානම්..

මෙරටට අවශ්‍ය මිරිස් මෙරටේ දී නිෂ්පාදනය කර ගැනීම සදහා දියත් කර ඇති මිරිස් වගා කීරිමේ ව්‍යාපෘතිය යටතේ නාවලපිටිය ගලබොඩ වතුයායේ අක්කර සියයක මිරිස් වගාවේ අස්වැන්න නෙලීම අද (26) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් සිදු විය.

මෙරට වාර්ෂික මිරිස් අවශ්‍යතාවය මෙ.ටොන් 5,000 ක් වුවද මෙරට නිෂ්පාදනය කරනු ලබන මිරිස් ප්‍රමාණය මෙ.ටොන් 50 ක් පමණය. මෙනිසා මිරිස් ආනයනය සදහා වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිටරටට ඇදී යාම වළක්වා මෙරට මිරිස් අවශ්‍යතාවය මෙරටදීම නිෂ්පාදනය කර ගැනීම සදහා පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. මේ අනුව හෙක්ටයාර් 3,000 ක මිරිස් වගා කිරිමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනවසමට අයත් ආර්ථික ඵලදායිතාවක් නොමැති ගලබඩ වතුයායේ අක්කර සියයක් වතුකරයේම දෙමළ තරුණයින් සියදෙනෙකු වෙත බෙදා දී මිරිස් වගාව ආරම්භ කළේ ආදර්ශ වගාවක් ලෙසය.

වියලි කලාපයේ සාර්ථකව වැවෙන මිරිස් සීත දේශගුණික තත්වයන් යටතේ වගා කර පලදාව ලබා ගැනීම අසීරු බවට මතවාදයක් ගොඩ නගා තිබුණි. ඒ මතයට අභියෝග කරමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම අක්කර සියයක මිරිස් වගාව ආරම්භ කර ඇත.

දමිළ තරුණ පිරිසද ඉතා උනන්දුවෙන් මිරිස් වගාවට යොමු වී පලමු අක්කර සියය තුළ වගාව සාර්ථක කරගැනීම හේතුවෙන් ගලබඩ වත්තතේ තවත් අක්කර සියයක මිරිස් වගාව ආරම්භ කිරිමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කටයුතු යොදා තිබේ.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

21,355 views

7 Comments to “මිරිස් ආනයනය නවතන්න සූදානම්..”

  1. ගෞම් ඊයාරාජ් says:

    මිරිස් ගොවියට හොද කල දසාවක් ! යන මාතෘකාව යටතේ ලස්සනටම ලියන හොදම බෛයි රචනාවට මහින්දානන්ද මහත්තයගෙන් ඉම්පොර්ටඩ් නයිකී සපත්තු කට්ටලයක්. දැන්මම ලියන්න පටංගන්න පිංවතුණි.

  2. සවි අරික්කාල says:

    මිරිසුත් කාල හමාරයි ඉදිරියට. කරැම රටක් මේක. දැන් ඉතින් මිරිස් හිගයක් ඉබේම ඇතිවෙනවා. ඇයි, මිනිසුන් පැනික් වෙලා වැඩි පුර මිරිස් ඵකතු කරනවා. ඉබේම වෙලදපොල හිගයක්.

  3. පාවඩදෙණිය දොස්තර says:

    අවුරුදු උත්සවේ හොදම බොරුව තරගෙට යන්න ආසාවෙන් ඉදල ඇමති කෙනෙක් උනාම මෙහෙම තමයි.මූ දවසට එක ගනෙ අතාරින කෙබර තොගේ.මුගේ මේ ප්ලෑන ක්‍රියාත්මක කලොත් මට බොලාට ගෙදරදීම මිරිස් හදා ගන්න විදිහත් කියල දෙන්න වෙයි වගේ.හාඩ්කෝ බයියෙක් නම් කියතෑකි මිරිස් රහට කන්න ඕන ඒත් මේ ඒකට වෙලාව නෙමේ.

  4. ඩයස්මී says:

    මට දැන් රටවිරුගාය හොදටම සනීපයි.ලන්කාව ස්වයන් පෝෂිත වෙලා ණය ටික ගෙවල කන්න බොන්න බඩු තියෙන අතමිට සල්ලි තියෙන පාලකයො හොරා කන්නෙ නැති කාලෙක කියපල්ල ආයි අතින් කයිට් කරන් එන්නම් චන්දෙ දාන්න.හී හී විහිලුවට බන් කිව්වෙ මැරිලත් එහෙම කාලයක් එන්නෙ නෑ කියල දන්නව.බොලා වරෙල්ල කොන්ගෝවට හරි කමක් නෑ වීස හදන්

  5. මුතුහුනා වීරරත්න says:

    ඇත්තෙන්ම මේ වගේ ගොන් තීරණ නිසා මේ රජය මිනිස්සුන්ට නැතිවෙන්න ම එපා උනා. කහ තහනම දාලා අවුරුදු දෙකක් වෙනවා. මේ වෙනකොට කහ වලින් මේක පිරිලා ඉතිරෙන්නා ඕන. උනේ අන්තිමට කිලෝ එක රු 600 ට තිබ්බ කහ දැන් කිලෝ එක රු 1000 වෙච්ච එක. අන්තිමට කෙලවෙලා ගියේ පාරිභෝගික යාට. රජවුනේ අතරමැදි මුදලාලි ලා. කිච උනේ .. නෑ එක්කෝ ඕන නෑ…අපේ ස නෙමේ..හෝදේ.

  6. Consumer says:

    Let’s hope and pray that he gets his numbers correct this time

  7. SAMAN says:

    වුරුදු උත්සවේ හොදම බොරුව තරගෙට යන්න ආසාවෙන් ඉදල ඇමති කෙනෙක් උනාම මෙහෙම තමයි.මූ දවසට එක ගනෙ අතාරින කෙබර තොගේ.
    මුගේ මේ ප්ලෑන ක්‍රියාත්මක කලොත් මට බොලාට ගෙදරදීම මිරිස් හදා ගන්න විදිහත් කියල දෙන්න වෙයි වගේ.හාඩ්කෝ බයියෙක් නම් කියතෑකි මිරිස් රහට කන්න ඕන ඒත් මේ ඒකට වෙලාව නෙමේ.

Main News