මිරිහානේ කිරිපිටි කඩය සීල් කලේ නෑ… පෝලිම නවතන්නැයි ජනාධිපති කිවුවා..- පොලිසිය

December 31, 2021 at 10:00 am | lanka C news
මිරිහානේ කිරිපිටි කඩය සීල් කලේ නෑ… පෝලිම නවතන්නැයි ජනාධිපති කිවුවා..- පොලිසිය

මිරිහානේ පිහිටි කිරිපිටි වෙළඳ සැලකට පොලිසිය විසින් සීල් තබා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොට්ඨාශය සඳහන් කරන්නේ පැලවත්ත සමාගමේ කිරිපිටි අලෙවි සැලකින් නිෂ්පාදන මිලදී ගැනීමට ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටීමේ හේතුව කුමක් දැයි සොයා බලන ලෙස ජනාධිපතිතුමන් විසින් උපදෙස් ලබාදී ඇති බවයි.

ඒ අනුව ඒ ගැන සොයා බැලීමේදී පොලීසිය විසින් සොයා බලා පෝලිම් තත්වය මගහරවා ගැනීමට උපදෙස් ලබාදී ඇති බව ද අදාල නිවේදනය සදහන් කර ඇත.

46,222 views

15 Comments to “මිරිහානේ කිරිපිටි කඩය සීල් කලේ නෑ… පෝලිම නවතන්නැයි ජනාධිපති කිවුවා..- පොලිසිය”

  1. Saman kumara says:

    පෝලිම තියෙන්නෙ ඇයි කියල දන්නෙ නෑ….ඌ බබා..

    • Jagath says:

      හිටන් ට හපන් මු. පත්තරේන් වත් දැනගෙන නෑ 😄😂q

    • චන්දේ දුන්නු මී හරකා says:

      පැලවත්ත සමාගමේ කිරිපිටි අලෙවි සැලකින් නිෂ්පාදන මිලදී ගැනීමට ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටීමේ හේතුව කුමක් දැයි සොයා බලන ලෙස ජනාධිපතිතුමන් විසින් උපදෙස් ලබාදී ඇති බවයි.

      😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣අපි පිටිකිරි පෝලිමේ හිටියේ “”””සෞභාග්‍යයේ දැක්ම පොත අරගන්න සෑර්””””🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂

  2. Saleem says:

    “කිරිපිටි අලෙවි සැලකින් නිෂ්පාදන මිලදී ගැනීමට ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටීමේ හේතුව කුමක් දැයි සොයා බලන ලෙස ජනාධිපතිතුමන් විසින් උපදෙස් ලබාදී ඇත”. මේකට මොකෙන්ද බං හිනාවෙන්නෙ? එහෙනං ගෝඨා මෙව්ව ගැන අද වෙනකං දන්නෙ නෑ?

    • LalithM says:

      ඉස්සර ගෝඨා. . දැන් අනාගත්ත රජු. .ඒ උත්තමය බය ඇති ඔතන කොටි පෝලිම් ගැහිල ඉඳී කියල. ඒක රටේ ආරක්ෂාවට තර්ජනයක් නේ.

      • Alapaluwa says:

        වෙන කිසිවක් නිසා නෝවේ ඇත්තටම ජනතාව හු කියායි යන භයට.නමුත් අද ජනතාව එතරම්ම මෝඩ නැහැ හු කියන්න තරම්.. කරන්නේ කුණු බිත්තරවලින් ගසන එක.අන්න ඒ දිනය වැඩි ඇතක නැහැ ගෝටාභයෝ තෝ අපිව රැවටුවා, නැතිකළා.අපේ රට නැති කළා,දැන් ඒ පවු ගේවිමට කාලය පැමිණි ඇත.Alapaluwa from SA (Western Cape)

  3. බන්ඩා says:

    දිගු පෝලිම් වලට හේතුව ජනාධිපති න්නෙ නෑ කියන්නෙ ජනාධිපති අටර් ෆේලියර් කෙනෙක්. ජනාධිපති වෙස්වලාගෙන ත්‍රි වීලයක රටේ තොටේ ඇවිද්දොත් හොඳය්.

  4. සිංහල බන්ඩා says:

    කාබනික වැඩේ එක කන්නෙන් ජනතාවට පැටවූ ජනාධිපති ලඟ එන සාගතයට වග කිව යුතුය්.

  5. 69lakshe says:

    මේ ගොඩක් 31 ලක්ෂෙ අයට නොපෙනෙන ඇත්තක් මේකෙ තියෙනවා. මොකද උන් ආත්මෙකට වත් දේශීය කිරිපිටි බොන්නෙ නැති නිසා දන්නෙ නෑ. පැලවත්ත කිරිපිටි වල සැපයුම අඩු නිසා සහ තොග ලාභය අඩු නිසා ඔක්කොම ලොකු සුපර් මාකට් සහ ගොඩක් සිල්ලර මුදලාලිලා ගන්නෙ නෑ. ඉතින් නිෂ්පාදකයාට පුළුවන් විදියට සීමිත ස්ථානවලින් බෙදාහරින නිසා ඒ ස්ථානවල පෝලිම වැඩියි. හැබැයි ඕකට ලස්සන විසඳුමක් තියෙනවා. බඩු ඕන අයට වට්ස් ඇප් කරන්න දුන්නා නම්, එන පිලිවෙලට බෙදා හරිනවා ගෙදරටම. මහරගම පැත්තෙ ඕක කරනවා. මොන පෝලිමක්වත් නෑ. එතකොට ස්මාට් ෆෝන් අරහං අය සීමිත පිරිස විතරයි කඩේට එන්නෙ. පෝලිමක් තිබුනත් බොහොම කෙටියි. හැමෝටම ලේසියි. පේනවා නේ අපේ ටොයි/ ටොයි බාග හිතන පතන විදිය උඩ කොටන විදියෙන්. මුන්ගෙ ජීවිතත් මේ වගේම සදා ළිං පතුලෙම තමා ඉතින්. පව්.

    • panikkiya says:

      THOPI THAMAI ME RATA KEWE GON BYYO

    • කැපුවත් පොහොට්ටුවට says:

      අනිවා මුන් හිතන් ඉන්නෙ ලබන පාර දිනන්න. පොහොට්ටුව තව අවුරුදු 25ක් රජ කරනව කියල ටෙලිපොන් ගොන් කබ්බො දන්නෙ නෑ.

  6. Alapaluwa says:

    ලංකාවෙ මාර මිනිස්සු ඉන්නෙ. මිනිස්සු පෝලිමේ ඉදගෙන හූ කීමේ තරගයක් පවත්වල. මිනිසුන්ගෙ වෙලාවට ගෝටා සර් එතනින් ගිහින්. සර් මිනිස්සුන්ගෙ කාලෙ නාස්තිවෙන නිසා කිරිපිටි ගෙවල්වලට ගිහින් බෙදන්න අණකරලා.
    ඔබයි අපේ විරුවා!

  7. Alapaluwa says:

    ලංකාවෙ මාර මිනිස්සු ඉන්නෙ. මිනිස්සු පෝලිමේ ඉදගෙන හූ කීමේ තරගයක් පවත්වල. මිනිසුන්ගෙ වෙලාවට ගෝටා සර් එතනින් ගිහින්. සර් මිනිස්සුන්ගෙ කාලෙ නාස්තිවෙන නිසා කිරිපිටි ගෙවල්වලට ගිහින් බෙදන්න අණකරලා.
    ඔබයි අපේ විරුවා!!!

  8. sithamu says:

    මේකත් 225හේ වැරැද්දක්.. ජනාදිපති හොදා.. ජනාදිපති මුකුත් දන්නෙ නෑ. ජනාදිපති බබා. අහිංසකයි. 225 කාලකණ්ණි හින්දා තමා රටට කෙල වෙලා තියෙන්නෙ.. – බයියෙක් වගේ සිතමු.

  9. Sirimal says:

    Thothà baba. Danne naha mahajanaya karakiyaganna deyak nathuwa sagathe kiyala muge anduwa nissa.

Main News