මිරිහානේ පැත්තක් ලොක්ඩවුන්…

October 30, 2020 at 9:26 pm | lanka C news
මිරිහානේ පැත්තක් ලොක්ඩවුන්…

මිරිහාන පොලිස් බල ප්‍රදේශයේ ප‍්‍රදේශ තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මෙසේ හුදකලා කරන ලද්දේ ප්‍රගතිපුර, වැල්සිරිපුර හා රාහුලපුර යන ප්‍රදේශ බවයි.

එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

දැනට බස්නාහිර පළාතට ක්‍රියාත්මක ඇඳිරි නීතිය සදුදා ඉවත් වුවද මෙම හුදෙකලා කරන ලද ප්‍රදේශයන් ඒ ආකාරයෙන්ම නැවත දන්වන තුරු ක‍්‍රියාත්මක බවද මධ්‍යස්ථානය කියා සිටී.

32,086 views

5 Comments to “මිරිහානේ පැත්තක් ලොක්ඩවුන්…”

  1. Ranga says:

    ජනාදිපතිතුමා ඉන්නෙත් මිරිහානෙ නේද?
    දෙවි පිහිටෙන් එතුමා රැකේවා!

    • Test says:

      ඇයි අනිත් අය මැරුනට කමක් නැද්ද ?

    • ටිකිිටි says:

      ඔය කොරෝනා වලට තිය‌ෙන බයට න‌ෙවේ.. මිනිස්සු පාරට බහීවි කියලා තිය‌ෙන බයට.
      ඇයි මිනිස්සුන්ට කන්න නෑ.ආදායම් මාර්ග නැති ව‌ෙලා.බඩු මිල අහස උසට.
      නමුත් රටේ ලොකුම ප්‍රශ්ණය ව‌ෙලා තිය‌ෙන්නේ “දුමින්ද සිල්වාට නිදහස” .

  2. අසංඛ්‍ය says:

    පළමු රැල්ළේදී මිරිහානේ කොරෝනා මධ්‍යස්ථානයක් දානවා කියා කොරියාවේ කොල්ලන්ගෙන් ලක්ෂ 50ක් 100ක් කඩන්න හැදූ හොරිකඩයා මතකද? මිනිහා ලෝක හොරා!!!

  3. Ranga says:

    සමාවන්න. ජනාදිපතිතුමා වගේම සියලුම දෙනා ආරක්ෂා විය යුතුය්.
    Test ඔබට ස්තූතිය .

Main News