මිල්කො සභාපති ඉවතට.. දෙපැයක් ලිත්‍රො සභාපති වූ රේණුක පත් කරයි..

January 19, 2022 at 3:12 am | lanka C news
මිල්කො සභාපති ඉවතට.. දෙපැයක් ලිත්‍රො සභාපති වූ රේණුක පත් කරයි..

මිල්කො ආයතනයේ සභාපති ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා පත්කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ වන විටත් අදාළ ලිපිය නිකුත් කර ඇති අතර රේණුක පෙරේරා අදාළ සභාපති ධූරය භාරගැනීම සඳහා මෙතෙක් තීන්දුවක් ගෙන නැත.

කෙසේ වුව ද පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් රේණුක පෙරේරා මිල්කො සභාපති ධූරයට පත්කර ගැනීමට දැඩි උත්සාහක නිරත වන බව වාර්තා වෙයි.

රේණුක පෙරේරා මහතා මෑතකදී පැය කිහිපයකට ලිට්‍රො සමාගමේ සභාපති ධූරය සඳහා පත් වූ අතර බසුව ඒය අවලංග විය.

58,733 views

19 Comments to “මිල්කො සභාපති ඉවතට.. දෙපැයක් ලිත්‍රො සභාපති වූ රේණුක පත් කරයි..”

  1. sam says:

    මුන් දේසපාලන හෙන්චයියන් රාජ්‍ය යතනව වල ඉහල තනතුරු වලට පත් කරනවා, මේ රටවල් කවද දියුණු වේවිද. සුදුසුකම් අනුව සම්මුඛ පරික්ෂය පවත්වල ගන්නේ නැතිව. කලින් නැට්ට හැලුණු බය්යෝන්ටම හොදයි. ගොන් බය්යෝ තව රටට $$ එඅවන්නලු මුන්ගේ ස්වාමියෝනට සැප දෙන්න

  2. saman says:

    මේකේවත් ටික දවසක් තියාගන්න නැත්නම් පවු

  3. Gamarala says:

    අන්දරේගේ විහුලු කථා මුන් දැන් පරද්දල්ලා තියෙන්නේ.

  4. LalithM says:

    පඩත්තර නාකි හෙන්චයියන්ට රස්සා දෙන්නද රාජ්‍ය ආයතන තිබෙන්නේ. ජනසතු සේවා අපේ රටවලට ගැලපෙන්නේ නෑ. පුද්ගලික අංශය වෙත සියලු රාජ්‍ය ජනසතු සේවා සහ දුම්රිය භාරදෙන්න.

  5. Open mind says:

    උත්සාහය ඵල නෙළා ගන්න ද ?

Main News