මිලින්දගේ බලතල පිලිගන්න ඉන්දියාව බෑ කියලා..?

September 5, 2021 at 10:22 pm | lanka C news
මිලින්දගේ බලතල පිලිගන්න ඉන්දියාව බෑ කියලා..?

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා පත්කරන ලද මිලින්ද මොරගොඩ මහතා ගේ විශේෂ බලතල පිළිගැනීම ඉන්දීය මධ්‍යම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කරයි.

මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය මහ කොමසාරිස් ධූරයට පත්කර ඇත්තේ අමාත්‍ය වරයෙකු සතු බලතල සහිතව බව ද එම වාර්තාවන්හි සඳහන් වේ.

මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මිලින්ද මොරගොඩ මහතාගේ එකී බලතල පිළිගන්නා ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා තිබුණද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය එය ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තාවල දැක්වෙයි.

ඒ අනුව අදාළ වගන්ති ඉවත් කර නව ලිපිගොනුවක් එවන ලෙසත් එය ඉන්දීය රජය වෙත යොමු කළ හැකි බව ද දැනුම් දී ඇතැයිද සඳහන්ය.

මෙම තත්ත්වය මත මහ මහකොමසාරිස් ධුරයේ අක්ත පත‍්‍ර මිලින්ද මොරගොඩ මහතා මෙතෙක් භාර දී නැති බවත් වාර්තාවන් තව දුරටත් කියා සිටී.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කරන ලද මිලින්ද මොරගොඩ මහතා සිය රාජකාරි ආරම්භ කිරීම නව දිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ දී පසුගිය 30 වැනිදා සිදු කර තිබිණි.

85,511 views

12 Comments to “මිලින්දගේ බලතල පිලිගන්න ඉන්දියාව බෑ කියලා..?”

  1. BJP says:

    රාජපක්‍ෂ ආණ්‌ඩුව විසින් පත් කල කෙනෙක්ව ඉන්දියාව නොපිලි ගැනීම රාජපක්ෂ ආණ්ඩුවට දෙන රාජ්‍ය තාන්ත්‍රික කනේ පහරක්.

    • NAK says:

      කෙනාව නෙවෙයි නෙ පිලිගන්න බෑ කියන්නෙ. එයාට දීල තියෙන බලතල නේ.ඒක හොදයි කෙහොමත් මෙයා එච්චර විස්වාසබල් කෙනෙක් නෙවෙයි මොන මගුලකට ලගට ගත්තද මන්දා

  2. A Sri Lankan says:

    Unwanted controversy at this stage. ..

  3. Colvin R. says:

    Why ministerial powers only to Miranda Moragoda?. How about other ambassadors and high commissioners?. This is clear favoritism to this man, descrinimination, injustice to others and violation of the constitution of the country.

  4. sira says:

    මේ යකාව රටෙන් එලවන්න ඕන එකෙක්. රාජපක්ෂලාගේ යාළුවො තමයි මේ.

  5. ජනරාණි says:

    රහසිගතව මැතිවරණ වලට සල්ලි දෙන එවුන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා කරන්නේ ඇයි?

  6. John Fernandez says:

    Moragoda was a special rep to Washington DC embassy in the 90s. He refused stay at any hotel other than the watergate. He spent government money without any regard. Even billed his laundry bill to the government. He pushed the then ambassador aside and acted as the God. He billed the govt. thousands of dollars every day just by his demanding stay at the Wayergate

  7. Buddhika says:

    Hoo, Hoo Ambassadors/ High Comsmsioners with cabinet powers appointed only by Sri Lanka. What is Joke to diplomacy. India will teach a lession. India , a great country, practises diplomacy, values Vienna Convention and follow protocol.

  8. Sam says:

    I fully understand the stand taken by India, What is so special in this man?

  9. ඉන්දියානු රිලා පාහරයන්ට දැනුම්දී දැඩිලෙස අනතුරැ අගවා සිටිනු ලබයි,.! says:

    ”මහදවල් මහබැංකුව සොරකම් කරනලද” ”බටලන්ද ඝාථකයා” ”ඡාතියේ සතුරා” ඡනතාවගෙන් ප්‍රතිකශේප වීමෙන් පසුව නැවතත් පර්ලිමේන්තුවට කැදවනලද ”මහින්ද රාඡපක ඩිල්කාර වසලයා”, සහ කොටළුවෙකුට දෙවෙනි වු බුරැවා යුද්දයේදී හැංගිමුත්තන් කළා යැයි තරමට සැක පහලවන ” බටහිර ගැති පල් මෝඩයා” ගූඨා සහ ‘ කොකනට් පයිලට්’ නාමල් සමග බුරැ රාඡයා මිස්ටර් ෆිෆ්ටීන් ප්‍රසන්ට් ”බෑැ සිල් අලය”, පන්නා දමා විිඡයදාස වැනි බුද්ධිමතෙකුට රටබාරදීමට සුදානම් වන්න,.!

    ඉන්දියාව විසින් ඉතිහාසය පුරාවටම අපගේ ශකක්තිමත් රාඡ්‍ය නායකයන් කුමන්ත්‍රණකාරීලෙස ඝාථනය කළ බවට අපහට සනාතකරගන්නාලද සාකෂි සමග විශාළ දත්ත ගබඩාවක් අපවිසින් පවත්වාගෙන යන අතර, රණසිංහ ප්‍රේමදාස ඡනාධිපති ඝාථන කුමන්ත්‍රණයට අදාළ සියළුම දත්ත අපවිසින් අත්පත් කරගනු ලැබුවෙේ ඉන්දියානු වාණර බුද්ධදිබලකායේ දත්ත ගබඩා තුලින් බව ”මෙය කියවනු ලබන”‘ ”ඉන්දියානු බුද්ධිය යැයි නරිවාදං දොඩනා රිලා නැට්ටන්ට” දැනුම්දී සිටින අතර ‘ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටළු සදහා මොනයම්ම ආකාරයක මැදිහත්වීමක් ඉන්දියනුවන් සිදුකරන්නේද රටතුළ සිදුවන දැ පැහැදිලිවම නිරීකශණය කරනු ලබන බව මෙය කියවන ඉන්දියානු රිලා පාහරයන්ට දැනුම්දී දැඩිලෙස අනතුරැ අගවා සිටිනු ලබයි,.!

  10. උරණ දෙකුස්සා says:

    මූ හොඳම CIA කාරෙයක්. ඉන්දියාව ඕවට, අපේ පොන්නයො වගේ අහුවෙන්නෑ.

Main News