මිලින්ද මොරගොඩගේ ඔත්තු සේවාවක් ජනපති වටා.. රට කරන හැටි උපදෙස් දෙනවා..- විමල්

June 29, 2020 at 3:25 am | lanka C news
මිලින්ද මොරගොඩගේ ඔත්තු සේවාවක් ජනපති වටා.. රට කරන හැටි උපදෙස් දෙනවා..- විමල්

තාක්ෂණික දැනුමින් සන්නද්ධ, ජාතිකවාදී හදවතකින් යුත් නූතන තරුණ පුරපුරකට අද රට හමුවේ වන කේන්ද්‍රීය ප්‍රශ්නය වන ‘පශ්චාත් කොවිඞ් – 19 නැගිටීම’ සඳහා පෙරමුණ ගත හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ “69 ලක්‍ෂයේ අපේක්ෂාව ඉටු කරන – ජනපතිඳුන්ගේ අධිෂ්ඨානය සඵල කරන ‘හරි මඟ’ පශ්චාත් කොවිඞ් – 19 නැඟිටීම සඳහා දොළොස් වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශය” කෘතිය එළිදැක්වීම සඳහා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ජාතික නිදහස් පෙරමුණ කැඳවා තිබූ විශේෂ නියෝජිත සමුළුව අමතමිනි.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

‘අද අපි ඉන්නේ කොරෝනාවලට කලින් පැවතුණ ලෝකයේ නොවෙයි. එදා බටහිර බලවතුන් විශේෂයෙන්ම ඇමරිකාව තමන් කේන්ද්‍රකරගත් ඒකධ්‍රැවීය ලෝකයක් පවත්වාගෙන යන්න උත්සාහ කළා. චීනය එය ද්වීධ්‍රැවීය ලෝකයක් බවට පත්කරමින් සිටියා. අද මේ සියල්ල කණපිට පෙරළිලා. එදා සමත් රාජ්‍යයන් ලෙස ඉදිරියෙන්ම සිටි ඇමරිකාව ප්‍රමුඛ රටවල් පහළට ඇද වැටිලා. ඔවුන් කොරෝනාවලින් අසමත්. එත් අසමත් රාජ්‍යයන් ලෙස පැවති ලංකාව වැනි රටවල් කොරෝනාවලින් සමත් වුණා.

ලෝකයට ලොක්කා වෙන්න හදන ඇමරිකාවට ෆෙඩරල් පාලනය නිසා නිව්යෝර්ක්වත් වහගන්න බැරි වුණා. චීනය මධ්‍යගත රාජ්‍යයක් නිසා වූහාන් වහලා කොරෝනාවලට මුහුණ දුන්නා. නිව්යෝර්ක්වත් වහගන්න බැරිවුණු අමරිකාවේ ජනාධිපති චීනය එක්ක පැටලුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පැටලුණා. දැන් කළු ජාතිකයන් සමග පැටලිලා. හැමදේම නූල් බෝලයක් වගේ පටලාගෙනයි ඉන්නේ.

‘ජනපති ගෝඨාභය තීන්දු ගත් හැටි’

විද්‍යාවෙන් තාක්ෂණයෙන් ඉදිරියෙන් ඉන්න රටවල, හොඳම සෞඛ්‍ය සේවය තිබෙනවා කියන රටවල කොරෝනා මර්දනය කරගන්න බැරි වුණා. කොරෝනා හැදුනට පස්සේ ගෙදර ඉන්න අමාරුම නම් විතරක් රෝහල්වලට එන්න කියලා සමහර රටවලින් ජනතාවට කිව්වා. මොකද ඒ? ඒ රටවල් නිදහස් සෞඛ්‍ය සේවයක් නැහැ. ලාභමත පදනම් වූ සෞඛ්‍ය සේවාවක් තමයි තිබෙන්නේ. පෞද්ගලික රෝහල් සූදානම් නැහැ දුප්පත් මිනිස්සුන්ට නොමිලේ බෙහෙත් කරන්න. ඒත් නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතින අපේ රටේ විදේශිකයන්ටත් නොමිලේ ප්‍රතිකාර කරලා යැව්වා. මේ රටේ හැම දේශීය, විදේශීය පුද්ගලයෙක්ම හමුදාවෙන් නිරෝධායනය කළේ නොමිලේ තුන්වේලටම කන්න දීලා, සියලු පහසුකම් සපයලා. ඒ නිසා විදේශිකයෝ ලංකාවෙන් ගියේ අපේ රටට ලකුණු දාලා. ඒ ලකුණු ලෝකයේ හැම තැනම අද තියෙනවා. බලවතුන් කතා නොකළාට අද අපේ රටේ ගුණාංගයන්, අපේ සත්කාරයන් ගැන සාකච්ඡා වෙනවා. විවිධ හේතු නිසා වෙන රටවල ජීවත් වුණු අපේ ජනතාව අපි ලංකාවට ගෙන්වා ගෙන ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර දුන්නා. ජනාධිපතිවරයා හැම විටම තීන්දු ගත්තේ ආර්ථික ලාභය පදනම් කරගෙන නොවෙයි. ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගැනීම ප්‍රමුඛ ප්‍රශ්නය ලෙස දැකලයි ජනාධිපතිතුමන් වැඩ කළේ.

කොරෝනා එනකොට මේ රටේ ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වෙලා තිබුණා. ඔහු තනිවම තීන්දු ගත්තේ නැහැ. මේ සම්බන්ධයෙන් උපදෙස් ගත හැකි අය, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් මේ සියලුදෙනා එකතු කරගෙන සාකච්ඡා කරලා තමයි තීන්දු ගත්තේ. අපේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වුණත් පසුගිය කාලයේ පමණක් නෙවෙයි අදටත් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් රටේ තීන්දු ගන්නේ කවුද? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්. තීන්දුව ගන්නේ ජනාධිපති වුණත් එය පදනම් වෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ මගපෙන්වීම, උපදෙස් හා නිර්දේශ මතයි. මේ වසංගතයකින් රට වෙළාගෙන ඇති වෙලාවක සෞඛ්‍ය බලධාරින්ට තමයි හොඳම අදහස තිබෙන්නේ කරන්න ඕන මොනවාද, කියලා. එහෙම තමයි වැඩ කරන්න ඕනෙ. ඒ නිසා තමයි අපි ජය ගත්තේ.

අද බ්‍රසීලය – ඇමරිකාව වැනි රටවල වළ දමන්නේ මිනී නොවෙයි

කොරෝනා නිසා අපි කලින් අත්ඇරලා තිබුණ ආහාර රටාවට නැවත ගියා. අපේ රටේ නිෂ්පාදනවලට මුල්තැන දුන්නා. දේශීය වෛද්‍ය ක්‍රමයට කෝචොක් කර කර හිටපු අයට මේ වෙලාවේ දේශීය බෙහෙත්වලට යොමු වෙන්න සිදු වුණා. ඒවා හොඳයි කියලා කියන්න සිදුවුණා. දැන් ලෝකයේ වෙනත් රටවල් පවා අතීතයේ අපේ ශක්තිය වඩවන ලද ඇතැම් ආහාර වර්ග ඉල්ලන්න පටන් අරන්. වෙළඳපොළ තර්කනය මත පවතින රටවල් අද නිර්මාණය කරන්නේ නරුමයන් වැනි පිරිසක්. ඒ නිසා අද ඇමරිකාව වැනි රටවල “හෝම්ලස් ” මිනිසුන් වැඩි වෙලා. අද බ්‍රසීලය, ඇමරිකාව වැනි රටවල මිනී නොවෙයි අර වළ දමන්නේ, නව ලිබරල්වාදී ආර්ථිකයයි.

පාත්ෆයින්ඩර් – ඔත්තු සේවා සංවිධානයක්

මේ ජනවරමේ කොටස්කරුවන් නොවන පාත්ෆයින්ඩර් වැනි සංවිධාන දැන් රජයට උපදෙස් දෙනවා ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය ගැන. මිලින්ද මොරගොඩගේ පාත්ෆයින්ඩර් කියන්නේ ඔත්තු සේවා සංවිධානයක්. එම සංවිධානයේ මිලින්ද මොරගොඩ, ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ආදීන් ජනාධිපතිතුමන්ට වැඩපිළිවෙළක් ඉදිර්පත් කර තිබෙනවා පශ්චාත් කොවිඞ් 19ට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන්. එහි කියනවා, ‘රට හදන්න දර්ශනයක් අවශ්‍ය නැහැ’ කියලා. ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන විදිහට වැඩ කරන්නලු. ඔවුන්ට ඕනෙ හැටියට නොවෙයි, මේ රට හදන්න ඕනෙ මහා සංඝරත්නයේ උපදෙස් මතයි, ජාතික බලවේගවල මගපෙන්වීම මතයි.

අපිට ආපහු කොවිඞ්වලට කලින් තිබුණ රටට යන්න බැහැ. යන්න අවශ්‍යත් නැහැ. අපේ රටේ පවතින කෘෂිකාර්මික පරිසරයෙන් තරම් නව නිෂ්පාදන කරන්න පුලුවන් රටක් තවත් නැහැ. කාර්මික නිෂ්පාදනත් ඒ වගේ තමයි. අපේ රටෙන් තමයි ලෝකයේ පළමු රෝහලේ නටඹුන් හමුවුණේ. අපේ රටේ ඉතිහාසයේ පැවති තාක්ෂණය, විද්‍යාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
අද අපිට අවශ්‍ය කරන්නේ පශ්චාත් කොවිඞ් අභියෝගයට මුහුණ දෙන්න පුලුවන් තාක්ෂණික දැනුම සහිත නව පරපුරක්. අපේ නිෂ්පාදනය මුල්කරගත් ආර්ථික රටාවක්. එයට නායකත්වය දිය හැකි බලවේගයක්. ඒ බලය පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරවීමේ හැකියාව තිබෙන්නේ මේ රටේ ජනතාවටයි”

එහිදී අනුශාසනාවක් කළ පැපිලියාන ශ්‍රී සුනේත්‍රාදේවි මහා පරිවේණාධිපති, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේ පැවසූහ.

“2020 ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රට මුහුණ පා තිබුණ අර්බුදයෙන් ගොඩගන්න වැඩපිළවෙළක් ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙයි කියලා හිතුවා. රට ඉදිරියට ගෙගන යන්න පුලුවන් කියලා හිතුවා. ඒත් කෙරොනා වෛරස් තත්ත්වය නිසා අපට ඒක එලෙසම කරන්න බැරි වුණා.

2015න් පස්සේ මේ රටේ බලයට ආවේ එම්සීසි වගේ රටට අහිතකර ගිවිසුම් අත්සන් කරන ආණ්ඩුවක්. දැන් ඇමරිකාව උත්සාහ කරන්නේ උපාය මාර්ගිකව ගිවිසුම අත්සන් කිරීමටයි. එහෙත් අපේ රටේ ජාතික බලවේග එයට ඉඩ දෙන එක්ක නැහැ, කියලා මම විශ්වාස කරනවා. සම්බන්ධන්ලා දැන් දන්නවා තිස් වසරක යුද්ධයෙන් දිනාගන්න හදපු වෙනම රාජ්‍යය දැන් ඒ ක්‍රමයට දිනාගන්න බැහැ කියලා. ඒ නිසා ඔවුන් ව්‍යාවස්ථා සංශෝධනයකින් එය කරගන්නයි උත්සාහ කරන්නේ. අපිට නව ව්‍යවස්ථාවක් ඕනෙ තමයි. ඒක සම්බන්ධන්ලා ඉල්ලන එක නොවෙයි. ඒක මේ රට තවත් ශක්තිමත් කරන ව්‍යවස්ථාවක්. ඒක කරන්න නම් මේ මහමැතිවරණයේදි රටට ආදරය කරන පිරිසක් පාර්ලිමේන්තු යැවිය යුතුයි.

කරුණා අම්මාන් කළ ප්‍රකාශයක් ගැන දැන් කතා වෙනවා. මේ කතාව දැන් අහන්න දෙන්න ඕනෙ අර ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට. ඔවුන් අපේ ත්‍රිවිද හමුදාවට චෝදනා කළා යුද සමයේදී උතුරේ දෙමළ වැසියන් ඝාතනය කළා, කියලා. මෙන්න දැන් කරුණා අම්මාන් කියනවා, තමන් හමුදාවේ පොලිසියේ තුන්දහසක් පමණ ඝාතනය කළා කියලා. දැන් අර මානව හිමිකම් කවුන්සිලයට මේවා ඇහෙන්නේ – පෙනෙන්නේ නැද්ද? දැන් වැදගත් වන්නේ කරුණා ඉන්නේ කොහෙද? කා ළඟද යන්න නොවෙයි, ඔහු කියන කතාවේ ඇත්ත නැත්තයි. කුළල් කා ගන්නා දේශපාලනය අතුගා දමා, මතුවන දුෂ්කරතාවලදී ජාතියක් ලෙස එකට නැගී සිටිය හැකි රටට, ජාතියට, ආගමට ආදරය කරන පිරිසක් පාර්ලිමේන්තු යැවීමට හැකිවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.”

එහිදී අදහස් දැක්වු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙසේද පැවසීය.

“මේක ලාංකීය දේශපාලනයේ තීරණාත්මක අවස්ථාවක්. මේ රටේ ජාතික බලවේග ගෙන ගිය සටනේ ප්‍රතිඵලය තමයි දැන් අපි භුක්ති විඳින්නේ. අපේ රටේ ඉතිහාසය පුරාම බලයට පත්වුණු ආණ්ඩු ජාතික බලවේග යොදාගත්තේ රම්පේ කරපිංචා වගේ හොද්ද රස කරන රසකාරක ලෙසයි. බලයට ආවාට පස්සේ ඒවා පැත්තකට විසි කරනවා. ඒත් දැන් ජාතික නිදහස් පෙරමුණ වැනි දේශපාලන ව්‍යාපාර කටයුතු කරන ආකාරය අනුව අපිට එහෙම අත්දැකීමකට මේ ආණ්ඩු කාලයේ මූණ දෙන්න වෙන එකක් නැහැ, කියලා හිතෙනවා.

කොරෝනා වෛරසය මම දකින්නේ අපිට ලැබුණු වෙස්වළාගත් ආශිර්වාදයක් කියලයි. මේක තමයි ජාතික ආර්ථිකය ගොඩනගන්න අපිට ලැබුණු හොඳම අවස්ථාව. අපේ කෘෂිකර්මාන්තය ගොඩනගන්න ලැබුණු හොඳම අවස්ථාව. ඒ ගැන දැන් අවධානය යොමු වී තිබෙන බව පෙනෙනවා.”

එහි දී මෙවර මහ මැතිවරණයට තරඟ වදින ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයෝ 12 දෙනා මීට පෙර මහා සංඝරත්නය ඉදිරිපිට දණ නමා විමල් වීරවංශයන් ලබාදුන් ‘එකුන්විසි ප්‍රතිඥාව හෙවත් හෘද සාක්ෂිය සමාජ සම්මුතිය‘ට තමන් ද එකඟ වන බවට ප්‍රතිඥා ලබා දුන්හ. මෙම අවස්ථාවේ දී වේදිකාවේ අසුන් ගෙන සිටි කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් වීරවංශ, කළුතර දිස්ත්‍රික් අපේක්ෂක ජයන්ත සමරවීර, ගම්පහ දිස්ත්‍රික් දිස්ත්‍රික් අපේක්ෂක ලලන්ත ගුණසේකර, හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක ජයන්ත වන්නිආරච්චි, බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක රෝහිත තිලකරත්න, රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක ගාමිණී වලේබොඩ, පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක ජගත් ප්‍රියංකර, වන්නි දිස්ත්‍රික් අපේක්ෂක කර්නල් රත්නප්‍රිය බන්දු, මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂක උදයශාන්ත ගුණසේකර, අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක උද්දික ප්‍රේමජයන්ත, මාතර දිස්ත්‍රික් අපේක්ෂක නිරෝෂන් ප්‍රේමරත්න යන මහත්වරු නැගී සිට දෑත් ඔසවා එම ප්‍රතිඥාව කියවා, ඊට එකඟ බව සපථ කළහ.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

86,106 Viewers

25 Comments to “මිලින්ද මොරගොඩගේ ඔත්තු සේවාවක් ජනපති වටා.. රට කරන හැටි උපදෙස් දෙනවා..- විමල්”

  1. MD says:

    මා ඔබට හදවතින්ම ජය පතනවා!නමුත් මිලින්ද සම්බන්ධ කාරණා මෙවැනි අවස්ථාවක ජනපති අගමැති හමුවී කතා කලා හෝ නොකළ වුනත් ප්‍රසිද්ධ වේදිකාවට ගෙන ඵ්ම ගැන තරයේම පිළිකුල් සහගත ලෙස ප්‍රතික්ෂේප කරමි. කනගාටුයි

  2. ඉක්කා says:

    ඔය කියන පාත්ෆයින්ඩර් එකේ තොරතුරු සන්නිවේදන ඒජන්සියේ හිටපු මහාචාරී සබාපති කෙනෙකුත් ඉන්නවද කොහෙද. මේ අය තමයි තවමත් යටින් ගේම දෙන්නේ, තමන්ගේ කට්ටියක් ඉන්නවා තවම යහතින් ඉන්නවා වෙඩ දීගෙන. කල්පනාකාරි නොවුනහොත් පසුව පසුතෙවිලි වෙන්නයි වෙන්නෙ. බුද්ධිමත්වව විමසිල්ලෙන් ඉන්න.

  3. Sun says:

    The nature of Americans are based on spying and inducing American ideas to poor countries. Most of our people think that the USA is the best country in the world without knowing inside and the nature of Americans. Their business to create problems in countries, then only they can sell something like arms. They are good at talking like a genuine friend to get into the country. After that they suck whatever we have and destroy the nature and the culture also. They think science and big building are the indication of development. But their inside is full of hatred and stress. They want to induce their dirty thinking to third world countries.

  4. ක්‍රිමිනල් says:

    ඔව්වා ඉතින් අපිට කියලා වැඩක් නෑ ! තමන්ගේ පක්ශේ ජනාධිපති තුමාට කියලා දැම්මනං මූනටම අහවරයි නේ.

  5. ගමේ වෙදා says:

    ජනාධිපති වටා පවුරක් ඉදිකරගෙන ඉන්න වියත් මගෙහි වියතුන් යැයි කියාගන්නා සමහරුන් දරන්නෙ ධනවාදී ලිබරල් මතවාද. කොවිඩ් අරබුධයෙන් ලිබරල් ආර්ථික මොඩලය ලෝකයේ අප වැනි රටවල් වලට සුදුසු නොවන බව තහවුරුවී ඇති නිසා ජනාධිපතිට මේ පිළිබඳව අවබෝධ කිරීම පිණිස විමල්ලට ජනතාවගෙන් ලොකු වගකීමක් පැවරී ඇත

  6. Hari says:

    රටට හදන්න අපිට මතකයි මහින්ද රාජපක්ෂ එක්ක රට හදපු හැටි

  7. Kaliya says:

    විරවංශ ඇමතිතුමා හා සමරවිර මැතිතුමා කොළඹ හා කලුතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප වලින් තොරා ගනිමු අනෙකුත් සියලුම ජානිපෙ අපේක්ෂකයින් පාර්ලිමෙිතුවට වැඩිම මනාපයෙන් යවමු රට වෙනුවෙන් සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් කතාකරන එකම පක්ෂය ජයවෙිවා

  8. Kaliya says:

    විරවංශ ඇමතිතුමා හා සමරවිර මැතිතුමා කොළඹ හා කලුතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප වලින් තොරා ගනිමු අනෙකුත් සියලුම ජානිපෙ අපේක්ෂකයින් පාර්ලිමෙිතුවට වැඩිම මනාපයෙන් යවමු රට වෙනුවෙන් සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් කතාකරන එකම පක්ෂය ජයවෙිවා අපේ නිවසේ මනාප 4ම ජයන්ත සමරවිර මහතාටයයි දොඩමිගොඩ අපි

  9. sumith says:

    Whoever advise, whatever advise by advisers , Final decision need to take according to the advise of Mahasanga, who has been protected Sri Lanka and its nations for Last 2500 years, otherwise end of this century , Sri Lanka or its Nations may be eliminated by others.

  10. Saradiel says:

    පංච සීලය රකින ගොටාබයතුමා රවටන්න කිසිම කෙනෙක්ට බැහැ එය අපට විස්වාසයි එතුමාගේ වැඩපිළිවලට 3/2 කේ බලය ලබාදී රට පෙරට ගෙනයමු. සියලු දෙනාට බුදු සරණයි.