මිලියන 50ක් වූ වින්ඩෝස් 10 පරිශීලකයන් වෙත මයික්‍රොසොෆ්ට් සමාගම අනතුරු අගවයි….

July 9, 2019 at 6:32 am | lanka C news
මිලියන 50ක් වූ වින්ඩෝස් 10 පරිශීලකයන් වෙත මයික්‍රොසොෆ්ට් සමාගම අනතුරු අගවයි….

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මිලියන ගණනක්වූ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 10 පරිශීලකයින් හට එම සමාගම විසින් පවසා ඇත්තේ නවතම KB4501375 යාවත්කාලීය යාවත්කාලීන කිරීම මගින් වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්ධතියේ පද්ධතියේ දුරස්ථ ප්‍රවේශ සම්බන්ධතා කළමනාකරු හොහොත් Remote Access Connection Manager (RASMAN) පරිගණක සේවාව ක්‍රියාත්මක නොවන බවයි.

මෙම සේවාව වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්ධතිය සහිත ඔබගේ පරිගණකය අන්තර්ජාලයට VPN හරහා සම්බන්ධ කිරීමට උපකාරී වන පරිගණක වැඩසටහනක් වන අතර මෙය ක්‍රියාත්මක නොවීම නිසා වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්ධතියේ VPN යෙදවුම් භාවිතයට කිසිදු හැකියාවක් නොමැත.

මේ නිසා VPN භාවිතා කොට අන්තර්ජාලය තුල සිදුකිරීමට හැකි සියලුම කාර්යයන් කිරීමේ හැකියාව වැළකෙනු ඇතැයි ඔවුන් සදහන් කොට තිබෙ.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අප ඔබගේ පරිගණකය වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්ධතියේ නවතම යාවත්කාලීන කර දැන්ම යාවත්කාලීන නොකරන ලෙස දැනුවත් කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

53,155 Viewers

5 Comments to “මිලියන 50ක් වූ වින්ඩෝස් 10 පරිශීලකයන් වෙත මයික්‍රොසොෆ්ට් සමාගම අනතුරු අගවයි….”

  1. jsk says:

    මෙම දෝශය ඇතිවන්නෙ වින්ඩ්ඩොස් 10 එන්ටර්ප්‍රයිස් වල පමනයි. මෙම වින්ඩොස් ප්‍රභේධය භාවිතා වන්නේ සාමාන්යයෙන් කාර්යාල වලයි. Only Enterprise version is affected. That too when used with a non-default setting.

  2. කුරුවිටගේ මැතිව් says:

    රජීව් යසිරු කුරුවිටගේ මැතිව් කියන කෙනා වෙලාවකට ශ්‍රී ලංකා පරිවර්තන සමුහයේ තව වෙලාවක ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය හැම වෙලාවේම මිනිසුන්ට පිහිට වෙනවා ඉතිං පොහොට්ටු ආණ්ඩුවකින් තොරතුරු තාක්ෂණ අමාත්‍යකම මුටම දෙමුකෝ.

    • ඊට කලින් එයාගෙන්ම අහන්න ඕන මයික්‍රොසොෆ්ට් එකට කහනවටද එතකොට ඔය යාවත්කාලිය දීල තියෙන්නේ.. ඒකත් හරියට පැහැදිලි කරානම් ඇමතිකමක් දෙන්න වටිනවා.. නිකං භාගෙ උත්තර කොලේ වහල මිනිස්සුන්ට දෙන එක වැරදියි,

  3. dinesh says:

    USE REDHAT

  4. Dhammika says:

    නිවැරදිව සිංහල ලියන්න පුලුවන් කෙනෙක් ගන්න, ඔබේ වෙබ් සයිට් එකේ සමහර වෙලාවට ව්‍යාකරණ දෝෂ සහිතයි, වැරදි අදහස් ප්රකාශවීමට තියෙන අවස්ථාව වැඩියි

Main News