මිලියන 6 ක් අලාභ ලේක්හවුස් “රැස” පුවත්පත වහාම වසා දමන ලෙස ජනමාධ්‍ය රාජ්‍ය ඇමති නියෝග කරයි…

August 2, 2019 at 6:26 am | lanka C news
මිලියන 6 ක් අලාභ ලේක්හවුස්  “රැස” පුවත්පත වහාම වසා දමන ලෙස ජනමාධ්‍ය රාජ්‍ය ඇමති නියෝග කරයි…

රැස දිනපතා පුවත්පතහි රැපියල් ලක්ෂ 70 ක පමණ පාඩුව හේතුවෙන් මේ වන විට ලේක්හවුස් ආයතනය දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව තිබේ.

ආයතනයේ සියලු සුබ සාධන කටයුතු සියයට 75% පමණ කපා දමා තිබේ. ආයතනයේ ප්වාහන අංයේ යොදවා ඇති පුද්ගලික වාහන සඳහා මාසික කුලී මුදල් ගෙවීම් කරන ලද චෙක්පත් අගරු වී තිබේ.

මුද්‍රණය අංශයේ සේවකයන් වෙත ලබා දෙන සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ සබන් ලබා දීමට හේ මුදල් යෙදවිය නොහැකි මට්ටමේ මුදල් අර්බුදයක් ඇතිව තිබේ.

සේවකයන් වෙත ලබාදෙන ලද ආපදා ණය ලබා දීම සෑම මසකම 20 දා පමණක් සිදු කීරීමට තීන්දු කර තිබේ. සේවකයන් විශ්‍රාම ගිය පසු ක්ෂණිකව ගෙවනු ලබන ග්රැටිවිටි සදහා චෙක් ලබා දීම විශ්‍රාම දින සිට මාසයත් මාස තුනත් දක්වා කල්තබා තිබේ.

ගිය වසරේ ලේක්හවුස් සමස්ථ අලාභය රැපියල් මිලියන 150 ක්( රැපියල් ලක්ෂ 1500/= වු අතර රැස දිනපතා පුවත්පතේ අලාභය රැපියල් මිලියන 77 ක් (රැපියල් ලක්ෂ 770 ක් වීය.)

රැස පුවත්පත මෙතරම් අලාභ ලැබුවද පවත්වාගෙන යාමට හේතු වුයේ සභාපති ක්‍රිෂාන්ත කුරේගේ අතිශය සමීප මිතුරකු වු අභාවප්‍රාප්ත රැස ආරම්භක කර්තෘ චාමර ලක්ෂාන් මහතාගේ මව විසින් අවසන් කටයුතු අවස්ථාවේ කරන ලද ඉල්ලීමක් ඉටු කීරීමක් වශයෙනි.

අභාවප්‍රාප්ත කර්තෘ චාමර මහතාගේ මවගේ ඉල්ලීමක් ඉටු කීරීම නිසා ලේක්හවුස් ආයතනය මූල්‍ය වශයෙන් හතර ගාතෙන් වැටී තිබේ.

ලේක්හවුස් ආයතනය පසුගිය 2019 ජුනි මස සේවක වැටුප් ගෙවුයේ ඩී.එෆ්.සී.සී බැංකුවෙන් ලබා ගත් ණය මුදලකිනි. 2019 ජුලි මස සේවක වැටුප් ගෙවුයේ කොමර්ෂල් බැංකුවේ ණය මුදලක් ලබා ගැනීමෙනි. මේ වන විට ලේක්හවුස් ආයතනයේ සතු ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ජංගම ගිණුම් දෙකම සම්පූර්ණයෙන්ම අගය බින්දුව බවට පත්ව තිබේ.

ලේක්හවුස් වෘත්තීය සමිති පෙන්වා දෙන පරිදි එවන් පසුබිමකදී ජනමාධ්‍ය රාජ්‍ය ඇමති රැවන් විජයවර්ධන රැස දිනපතා පුවත්පත වසා දමන ලෙස නියෝග කීරීම ලේක්හවුස් ප්ධාන වෘත්තීය සමිති සිය සහාය දක්වා තිබේ.

– repoter

170 views

6 Comments to “මිලියන 6 ක් අලාභ ලේක්හවුස් “රැස” පුවත්පත වහාම වසා දමන ලෙස ජනමාධ්‍ය රාජ්‍ය ඇමති නියෝග කරයි…”

  1. කොළඹ බණ්ඩා says:

    රැස පුවත්පත මෙහෙයවන්නේ ලිබරල් ප්‍රගතශීලි තරුණ මාධ්‍යවේදීන් පිරිසක් විසින් – රැස පුවත්පතේ ලිපි අතිශයින් නැවුම්, අලුත් දෙයක් ඉගෙනගන්න පුලුවන් – ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවා රැසට ලිපි සපයනවා. ඉතින් මේක ලේක්හවුස් එකේ මුල් බැහැ ගෙන ඉන්න බඩ තඩි නාකි ඩයිනෝසර් අදහස් තියන පත්තරකාරයෝ කැමති නැහැ – මේක හරියට උතුරු කොරියන් පත්තර කන්තෝරුවක් ඇතුළේ නිව්යෝක් ටයිම්ස්, වොෂිංටන් පෝස්ට්, ලන්ඩන් ටයිම්ස් වගේ පත්තරයක් ගහන්න ගත්ත වගේ වැඩක්. 1970 ලේක් හවුසිය “ජනසතු” කරපු නිසා තමයි ‍මේ වගේ තුට්ටු දෙකේ පත්තරකාරයො මේකට රිංග ගත්තේ – ඊට කලින් එස්මන්ඩ් වික්‍මසිංහ යටතේ ටාර්සි විට්ටච්චි, ඩෙන්සිල් පීරිස්, මර්වින් සිල්වා වගේ කීර්තිමත් හා ලෝක ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් බිහි කරපු ලේක්හවුසිය තුට්ටු දෙකට බැහැල බුලත් විට කන පත්තරකාරයො ඉන්න තැනක් බවට පත් කළේ ඊනියා මැතිණියයි 1970 ශ්‍රිලනිප රජයයි. රැස ආරම්භ කිරීමම ඒ ඓතිහාසික ආපස්සට යාමේ ක්‍රියාවලියට නැවතීමේ තිතක් තැබූ අවස්ථාවක් – මිත්‍යාව වෙනුවට නූතනත්වයට තැන දුන්න අවස්ථාවක් – දැන් ඒකත් ඉවරයි මේ ඉරිසියාකාර පත්තරකාරයෝ නිසා

    • Devaka Sithara says:

      මන්ජුල සමරසේකර වගේ ගොන් ජෙප්පො යුඑන්පියට කඩේ යන්න අටවගත්ත එක. මුන්ට හෙන ගහනවා මහජන මුදල් ගිලිනවට.

      • අංජුල වීරසේකර says:

        තමුන්ගේ යාළුවන් පාවලා දීපු දේවක වගේ මිත්‍ර ද්‍රෝහින්ගෙන් ‍මීට වඩා දෙයක් අහගන්න බැහැ. අපට මතකයි දේවක ලා උඩින් යාළුවකම් පෙන්නලා යටින් මිනිස්සුන්ට පිහියෙන් ඇනපු හැටි

    • එක්නැලිගොඩ says:

      ඉතින් උබලගෙ සිරා පොරවල් ලියන නැවුම් (කැලෑ) පත්තරේ කවුරුත් කියවන්නේ නැත්තේ ඇයි බං.

  2. හිතුමතේ ජිවිතේ says:

    රැස කියන්නේ කාලෙකට පස්සේ ලේක් හවුස් ආයතනයෙන් මිනිස්සු කියවන්න පුරුදු වෙච්ච පත්තරයක්.. මිනිස්සු ආදරය කරන තරුණ පිරිස එක්ක ජිවත් වෙන වචන එක්ක සම්බන්දයන් හදන ලේඛකයෝ පිරිසක් රැස වටා ඉන්නවා. හැබැයි මේකේ පැවැත්ම ලේක් හවුස් ආයතනයට දරාගන්න බැහැ. පත්තරේ විකුනන්න අවශ්‍යය මොන විදියටද, මිනිස්සු අතරට ගෙනියන්න ඕනේ කොහොමද මේ කිසි දෙයක් ඔද්දල් වෙච්ච දේශපාලනික බත් බැලයෝ පිරිච්ච ලේක්හවුස් එකට තේරෙන්නේ නැහැ. ඒ නිසාමද මන්ද පරණ පුරුදු කාලකන්නි රාමුවෙන් පත්තර මහ ගෙදර වෙනස් වෙනවට ඇතුලේ ඉන්න කුහක හැත්ත බය ඇති. දෙයක් විකුණගන්න තේරෙන්නේ නැතුව ඒක වහන එකද එහෙමත් නැත්තන් එකේ වටිනාකම පාවිච්චි කරන එකද වෙන්න ඕනේ කියන එක ජනමාධ්‍ය ඇමතිතුමා උනත් තේරුම් ගන්න ඕනේ දෙයක්.

  3. ශ්‍රැතියා says:

    මසැස පෑදීම මිස මනස පෑදී නොතිබීම මෙවන් පුවත් නිර්මාණයට හේතුවයි. රැස පාඩු ලබන්නේ නම් එය රැස කතු මඩුල්ල ද නොවේ නම් මාකටින් සෙක්ශන් එකේ අවුලක්ද යන්න කල්පනා කළා නම් යහපති. ලේක් හවුස් කිව්වත් “අනේ හපොයි” කියනා කාලයක රැස ඇල්ලුවේ තාරුණ‍යයි. සමහර කෝපිකාලේ උදවියට ඒ රහ පදම් පත්තියම් නොවුනද පත්තර මහගෙදර ලොකු අයියලාට අක්කලාට වඩා “රැස” පොඩි එකා ඇත්තටම අගෙයි. ආයතනයක් පාඩු ලැබීමට කතුවරුන් පලි නම් ලාබ ලබන කොයි කවුරුත් ගොඩ යන්නේ ප්‍රවෘත්තිම විකුණලාද?

Main News