මිලේනියම් ගිවිසුමේ ඇමරිකා ඒජන්තයන් මංගල-චම්පික විවාදයෙන් පැන යයි..

November 8, 2019 at 12:40 pm | lanka C news
මිලේනියම් ගිවිසුමේ ඇමරිකා ඒජන්තයන් මංගල-චම්පික විවාදයෙන් පැන යයි..

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පල කලේය.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ මාධ්‍ය හමු පවත්වමින් පාළු ගෙයි වළං බිඳෙන්නේ නැතුව මා සමග විවාදයකට පැමිණෙන මෙන් ඇමරිකානු ඒජන්තයන් ලෙස කටයුතු කරමින් මිලේනියම් චැලේන්ජ් ගිවිසුමේ කුණු හෝදන ලොන්ඩරි බවට පත්වෙලා සිටින මංගල සමරවීර ඇමතිතුමාටත් පා ච රණවක ඇමතිතුමාටත් අභියෝග කළා. තමන් කරන්නේ ඇමෙරිකානු කොන්ත්‍රාත් එකක් නොවේ නම් තමන් පෙනී සිටින්නේ සත්‍යය සහ රට වෙනුවෙන් නම් විවාදයකට එන්නේ නැත්තේ ඇයි?

ඊයේ මංගල සමරවීර ඇමතිතුමා නම් මාධ්‍ය හමුවක මට පිලිතුරක් දෙනවා මම දැක්කා. එතුමා කියනවා මම පිටරටවල වංචා කරලා තියෙන නිසා වනචරයෙක් නිසා මාත් එක්ක විවාද කරන්නේ නැතිලු. මම පිටරටක කිසිම වංචාවක් කරලාත් නෑ. කළ බවට බොරු චෝදනාවක්වත් නැහැ. කිසිම වනචරකමක් ගැන හතුරෙක් වත් චෝදනා නගලා නැහැ. මට 1997 දී මෙරට දී විදේශිකයෙකු ලබා දුන් ඇර්ටනි බලපත්‍රයක් පසුව ඔහු විසින් ලබා නොදුන් බවට 2015 දී ඒ කියන්නේ වසර 18කට පසු පොලීසියට පැමිණිල්ලක් කළා. ඒ විදේශිකයා ශ්‍රී ලංකාවේ උසාවියට පමණක් නොව ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් බොරු කියලා හසු වුණු පුද්ගලයෙකු බව අධිකරණයේදී ඔප්පු වුණා. තමන් මේ නඩුවේදි ද බොරු කියූ බව උසාවියේ දී පිලිගත්තා. කරුණාකර කොළඹ මහාධිකරණයේ 8394/2016 නඩුවේ වාර්තාව අරගෙන කියවන්න. එවිට ඕනෑම කෙනෙකුට සත්‍ය වැටහෙනවා. මා වංචනිකයෙක් වූ බවට වනචරයෙක් වූ බවට පදනම් විරහිත චෝදනා නැගූ මංගල සමරවීර මැතිතුමා මගේ කීර්තිනාමයට කළ හානියට රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවනවා. අනිත් අය වගේ මම එන්තරවාසි යවලා නිකන් ඉන්නේ නෑ. අනිවාරරයෙන්ම නඩු පවරනවා. එසේ පැවරූ නඩු වලින් මට වන්දි ගෙවීමට නියම වෙලාද තියෙනවා.

පා ච රණවක ඇමතිතුමා නම් මීක් කියලා ශබ්දයක් නෑ. ගිවිසුම පිළිබඳ අපි කියන්නේ බොරු කියලා කලින් කුංචනාද කලානෙ. ඇයි මේ අභියෝගය භාර නොගන්නේ?

මංගල සමරවීර ඇමතිතුමාටත් පා ච රණවක ඇමතිතුමාටත් හොරකම්, මැරකම් සහ සල්ලාලකම් පිළිබඳ චෝදනා තිබෙනවා. නමුත් මේ විවාදයේදී ඒ කිසිවක් ගැන වචනයක්වත් කතා නොකර මේ විවාදයේ දී මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ පමණක් කතා කරන්න මම පොරොන්දු වෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මෙම ගිවිසුම අත්සන් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මංගල සමරවීර අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන නිසා, නොවැම්බර් 16 වැනි දින මෙරට ජනතාව කුමන පැත්තටද ඡන්දය දිය යුත්තේ යන්න තීරණය කිරීමේ දී මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමෙන් රට පාවාදීමක් සිදු වෙනවාද නැද්ද දැන ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ නිසා නොවැම්බර් 16 වැනිදාට පෙරාතුව මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් මාසමඟ ප්‍රසිද්ධ විවාදයකට එන්නයැයි මම මංගල සමරවීර අමාත්‍යවරයාට සහ පාච රණවක අමාත්‍යවරයාට නැවත වරක් අභියෝග කරනවා. එසේම ඒ විවාදය මේ ගිවිසුම සම්බන්ධ කරුණු වලට පමණක් සීමා කරන බවට ද අප පොරොන්දු වෙනවා.

– අරවින්ද අතුකෝරල

33,121 Viewers

8 Comments to “මිලේනියම් ගිවිසුමේ ඇමරිකා ඒජන්තයන් මංගල-චම්පික විවාදයෙන් පැන යයි..”

  1. kamal says:

    මැත කාලයේ භික්ෂුන් ඇරෙන්න ලංකාවේ බිහිවු එකම ප්‍රඤායා නලින්ද සිල්වා විතරයි. නමුත් ඔහුගේ තිබ්බ බටහිර ගැති නැති ප්‍රතිපත්තිය නිසා බුදු දහමෙන් ලබා ගත යුතු හරය ලබාගත්තා නමුත් මාක්ස් හින්දා කමල්ට වුන දේ වුනා. ඔල්කට් කියන්නෙ නින්දිතයෙක් අනගාරික ධර්මපාල තුමා කියන්නෙ කපටියෙක් නෙවෙයි මෝඩයෙක්.සිංහල අන්තවාදය නෙවෙයි හදන්න ඔනේ ජාතික චින්තනය විතරයි එය හැදුවේ අනගාරික ධර්මපාල තුමා නෙවෙයි නලින්ද සිල්වා ඔහු අද සෝවාන් වෙනවා මිට කිරිබත්ගොඩ ඤාණානන්ද මහා රහත් හිමි

    • සැබෑ සිංහල බෞද්ධයා says:

      කමල් කෝ බං උබේ මෙෙත්‍රිය…උබ මෙෙත්‍රිය අතහැරලා වෙෙරය පතුරවනවා ජාතිවාදියෙක් වෙලා.
      මේ ගැන කිරිබත්ගොඩ හිමිට පැමිණිලි කල යුතුයි.උබ උන්නාන්සේගෙත් නම විකුණනවා.

  2. සමන් says:

    රට වැසියන් වන අපිට තේරෙන ආකාරයට මේ ඊනීයා ගිවිසුමේ තියෙන දේවල් මේ කඩ්ප්පුලි ආණ්ඩුවේ ඉන්න එකෙක්වත් දන්නේ! මේ බුරු හැත්ත ඕවට අත්සන් කරන්නේ කියවලා බලලා කිසිම හැඟිමකින් නෙවෙයි! – ඇමරිකන් කාරයන්ට තියෙන අධෝමුඛ රුදාව මොකක් ද අපිට හැටිහැටියේම ඩොලර් 480 ක් දෙන්න! – මේව්ව මුං කරන්නේ රට-ජාතිය ගැන හිතලා නෙවෙයි. මුංට රට ජාතිය ගැන සංවේදි බවක් හැඟීමක් තියෙන එවුං නෙවෙයි. නපුංසකයින්ගෙන් දෙමව්පිය සෙනෙහස බලාපොරොත්තු වෙන්න බැ! – මුං
    දූ දරු මුනුබුරෝ මිනිබිරියෝ කියන මතු පරපුර ගැන හිතන එවුන් නං නෙවෙයි!!! කොහොම වුනත් මේ බුරුවෝ රැල රට විනාශ කරන එන පැහැදිලියි

  3. Aurora says:

    බොරු කියන කාලකන්නින්ට එරෙහිව නඩු දමල මිලියන් 500, 1000 වගේ ලොකු වන්දි ලබාගන්න ඕන. ගෙවන්න බැරිනම් බන්ධනාගාර ගතකරන්න ඕන. ඒ වගේම එහෙම වන්දි නොඉල්ලන දේශපාලකයන් අදාල චෝදනාව ඔප්පුවුණා හා සමානව සලකලා දේශපාලනයෙන් එලවන ක්‍රමවේදයක් ඇතිකරන්න ඕන. මොකද යම් දේශපාලකයකුට චෝදනා කරනකොට ඔහුට චන්දය දෙන, ඔහුව විශ්වාසකරන පුරවැසියන්ට සාධාරණයක් ඉටුවෙන්න ඕන. එක්කෝ චෝදනා බොරුයි කියල ඔප්පුකරල බොරුකරයාගෙන් වන්දි අරන් තමුන් නිවැරදි බව ඔප්පුකරන්න ඕන. නැතිනම් ඉල්ලලා අස්වෙන්න බලකරන්න ඕන. මේ සංස්කෘතිය හදමු. ඔබතුමා පෙරගමන්කරුවා වෙන්න.

  4. Rohan says:

    Agree 100%

  5. gamarala says:

    අපේ රට ඇමෙරිකාවට විකුනන්න යන අවජාතක යන් රටින් පන්වමු

Leave a Comment

Main News