මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගැන චම්පික හෝ මංගලට විවාදයකට එන්නයි ප්‍රසිද්ධ අභියෝගයක්…
November 6, 2019 at 8:40 am | lanka C news
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පල කලේය.
මිලේනියම් චැලේන්ජ් ගිවිසුම තරම් මව්බිම දැවැන්ත පාවා දීමකට සැරසෙන ගිවිසුමක් ඉතිහාසයේ කවදාවත් තිබිලා නෑ. 1505 දී ගෙරි හම් කඩක ඉඩක් කඳවුරක් ඉදි කරන්න පෘතුගීසින්ට ලබා දීමේ ගිවිසුමට වඩා මේක භයානකයි. 1580 දී දොන් ජුවන් ධර්මපාල රජු විසින් කෝට්ටේ රාජ්‍යය පෘතුගීසින්ට පැවරීමට වඩා මේක භයානකයි. 1815 දී ඉංග්රිසින් එක්ක අත්සන් කළ උඩරට ගිවිසුමට වඩා මේක භයානකයි. නමුත් ඇමෙරිකාවේ කුණු ලොන්ඩරි බවට පත් වී ඇති මංගල සමරවීර ඇමතිතුමාත් පා ච රණවක ඇමතිතුමාත් මාධ්‍ය ඉදිරියේ මේ ගිවිසුම සාධාරණීකරණයට අසාර්ථක උත්සාහයක යෙදෙනවා. මංගල ඇමතිතුමා බටහිර ඉත්තෙක් ගැත්තෙක් කියන එක කවුරුත් දන්නවා. නමුත් පා ච රණවක ඇමතිතුමා ඇමෙරිකානු සීඅයිඒ ඒජන්තයෙක් කියන එක නම් අළුත් ප්‍රවෘත්තියක්.
මිලේනියම් චැලේන්ජ් ගිවිසුමක් මුලින්ම අත්සන් කලේ මැඩගස්කරයයි. ඒ 2005 දී. ලංකාවේ වගේම මැඩගස්කරයේත් ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් තිබුණා. ඒ ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස රටේ වගා කළ හැකි ඉඩම් වලින් 50%ක් ඒ කියන්නේ හෙක්ටයාර මිලියන 1.3ක් කොරියානු සමගමකට බදු දෙන්න ආණ්ඩුව එකඟ වුණා. මේ ගිවිසුමට එරෙහිව රටේ මතු වුණු විරෝධය අන්තිමට අවසන් වුණේ කුමන්ත්රණයකින් ආණ්ඩුව පෙරලීමෙන්. අළුත් ආණ්ඩුව කොරියානු සමාගමට ඉඩම් දෙන්න බෑ කිව්වාම මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හකුලා ගෙන මැඩගස්කරයෙන් යන්න ඇමෙරිකාව තීරණය කළා.
ඇමෙරිකාවට ඉඩම් බදු දීමෙන් ලොකුම අමාරුවේ වැටුණු රට පැනමාවයි. පැනමා ඇල හදන්න ඇමෙරිකාවට ඉඩම් බදු දීලා පැනමාවේ පාලනය ඇමෙරිකාව අතට ගත්තා. ඊට විරුද්ධ වුණු එක ජනාධිපති කෙනෙක් මරලා දාන්නත් තවත් ජනාධිපති කෙනෙකු පැහැරගෙන ගිහින් ඇමෙරිකාවේ හිරේ දාන්නත් ඇමෙරිකාව පසුබට වුණේ නෑ. වීසි කළ නොහැකි කිසිවක් අල්ලාගනු එපා යැයි ඉංග්‍රීසි කියමනක් තියෙනවා. මේ රට ඇතුළට එන්න හදන්නේ ලෝකයේ බලගතුම රාජ්‍යයයි. එම රාජ්‍යය අපේ ඉඩම් අල්ලා ගත්තාට පස්සේ අප යන්න කිව්වත්, අපට ඔවුන් එළවා ගැනීමට අවශ්‍ය වුණත් අපට එළවා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇමරිකානු සීඅයිඒ ඒජන්තයන් විදිහට මංගල සහ චම්පික මේ ගිවිසුමට පක්ෂ වීම තේරුම් ගන්න පුළුවන්. ඔවුන් හදන්න බෑ. ඔවුන් වැඩ කරන්නේ ඩොලර් කුට්ටි වලට. නොදන්නා කමට පක්ෂ වන අය ඉන්නවා නම් ඇමෙරිකාව සමග ඉඩම් ගිවිසුම් ගහලා පැනමාවට සහ මැඩගස්කරයට මොකද වුණේ කියලා සොයා බලන්න කියා අපි ඉල්ලා සිටිනවා.
ඒ අයනම් කියන්නේ මේ ගිවිසුම පිළිබඳ අපි මවන්නේ බොරු බිල්ලෝලු. ජනපතිවරණයේ දී දේශපාලන වාසි ගන්න හදනවාලු. අපි ස්ටොප් යූඑස්ඒ සංවිධානය ගොඩ නගලා මේ ගිවිසුමට විරුද්ධ වුණේ අවුරුද්දකට තරම් කලින්. එතකොට මැතිවරණයක් තිබුණේ නෑ. හරි. අපි දේශපාලන වාසි ගන්න හදනවා කියමුකො. කිසිම දේශපාලන පක්ෂයක් එක්ක සම්බන්ධයක් නැති කිසිම දවසක දේශපාලනයට ඇවිත් නැති පූජනීය උඩුදුම්බර කස්සප හාමුදුරුවන් මාරාන්තික උපවාසයකට වාඩි වෙන්නේ ඇයි? මේ රටට ආදරය කරන කිසිම කෙනෙකුට මේ පාවා දීම ඉදිරියේ ඇස් කන් පියාගෙන බලා ඉන්න බැරි නිසා.
ඉදිරියේදී රටට ආදරය කරන හැමෝම පුජනීය උඩුදුම්බර කස්සප ස්වාමින්වහන්සේගේ පිටුපසින් සිටගෙන මේ ගිවිසුම අහෝසි කරන තෙක් සටන් කරාවි කියලා විශ්වාසය අපට තියෙනවා.
මංගල චම්පික ඇමතිවරුන් රෙදි ගලවා ගෙන ඇමෙරිකාවට කඩේ යමින් බොරු වපුරනවා. ඒ නිසා පාළු ගෙවල් වල වලං බිඳින්නේ නැතුව මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ මාත් එක්ක ප්‍රසිද්ධ විවාදයකට එන්න කියා මංගල සහ චම්පික ඇමතිවරුන්ට අභියෝග කරනවා. බොරු හේතු ඉදිරිපත් නොකර අවංකවම මේ ගිවිසුමක් හොඳ යැයි ඔවුන් සිතනවා නම් ඔවුන් මේ විවාදයට පැමිණේ යැයි අප සිතනවා.
– අරවින්ද අතුකෝරල
ජාතික හෙළ උරුමය වැනි ශ්‍රී ලාංකික ජාතික හිතකාමී පක්ෂයකින් ආ චම්පික වැනි උගතෙක් පවා MCC වැනි ගිවිසුමක් අනුමැත කරයිනම්, චම්පිකලත් මුදලට විකිනෙනවානම්, සෝම ස්වාම්ව්ව්න් වහන්සේලාගේ දර්ශනය ඔස්සේ ගියවුන් මෙහෙමනම්, කීමට ඇත්තේ කුමක්ද? “යකඩ මල්ලටත් ගුල්ලො ගහලනම් ….” නොවේද?
බුද්ධදාස, රාජපස්සයෝ චීනෙට විකිණිලා නැතෙයි?
2015 චම්පික රණවක මහත්තයයි , උදය ගම්මන්පිල කියන ඔස්ට්රේලියානුවයි ෆේස් බුක් ලයිව් ඇවිල්ලා රාජපක්ශවරුන්ගේ දූර්ධාන්ත පාලනය ගැන රටට හෙලිකලා , එහෙම රාජපක්ශලව පතුරු ගහපු ගම්මන්පිල පහුවෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ,මහින්ද මහත්තයට සහයෝගය දැක්වූවා , උදයට පුළුවන් ,කැමැති නාලීකාවක , කැමැති දිනයක , MCC ,ACSA,SOFA විතරක් නෙමේ ශැංග්‍රිලා ,පොර්ට් සිටී ,ඩෝල් කොපරේශන් වගේ අතයට ගණුදෙනු ගැනත් විවාද කරන්න , චම්පික රණවක ඕල් වේ’යිස් රෙඩී. හැබැයි බ්‍රයන් ශැඩික් ගේ නඩුව ගැන කතා කරන්නෑ.
pala gon katha kiyanne nathiwa gol CRIMINAL. issalla oya givisuma gana hoyala balapanm
රණ වක මහත්තයාටත් හොරණෑකාරයෙක් ඉන්නවනේ. ඩොලර් විසිරෙන තරම් හා වේගය හරි අපූරුයි.
😹😂😹😂😹😂😰😹😂😹😂😹😂😰😱😱