මිල අඩු කළ ඖෂධ වාසිය ජනතාවට ලැබීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමර්ශණයක්…

October 28, 2016 at 2:06 am | lanka C news
මිල අඩු කළ ඖෂධ වාසිය ජනතාවට ලැබීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්  විමර්ශණයක්…

ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීෙමි වාසිය ජනතාවට ලැබීම පිළිබදව විමර්ශණයක නිරතවීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඇතැම් ඖෂධ වර්ග ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කළ මිලට ජනතාවට මෙතෙක් දිවයින පුරා ෆාමසි වලින් ලබාගැනීමට නොහැකි බව පාරිභෝගික ජනතාව ඉදිරිපත් කළ පැමිණිලි සැළකිල්ලට ගනිමින් මෙම විමර්ශණය ආරම්භ කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ පාලිත මහීපාල මහතා පවසයි.

ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීෙමි වාසිය ජනතාවට ලැබීම පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දි මෙම තීරණය ගන්නා ලදි. ඒ අනුව වෙළෙදපොලේ ඇති ඖෂධවල ගුණාත්මකභාවය පරික්ෂා කිරීම සදහා පසු විපරම් වැඩපිළිවෙලක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ක‍්‍රීයාත්මක කිරීමට ද තීරණය විය. ඖෂධ තොඟ සගවා ඖෂධ හිඟයක් ඇති කිරීම වැළැක්වීෙමි අරමුණින් දේශිය ආනයනයකරුවන්ගේ ඖෂධ ගබඩා පරීක්ෂා කිරිමට ද නියමිතය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලයලත් නිලධාරින් මගින් එම පරීක්ෂා කිරීම් සිදු කරනු ලබයි.

ගැසට් පත‍්‍රයට අනුව මිල අඩු කළ ඖෂධ වර්ග ඔසුසැල් හා ෆාමසි වල අලෙවි කිරීම විමර්ශණය කිරීම සදහා පරීක්ෂක කණ්ඩායම යෙදවීම පිළිබදව ද මෙහිදී සාකචිඡ කෙරුනි. ෙමි අතර සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් වැටලීම් සිදුකරන ආකාරය පිළිබදව විශේෂ සාකචිඡවක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සමග පසුගිය බදාදා (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් පසුගිය (21) සිකුරාදා සිට ක‍්‍රියාත්මක වන පරිදි ඖෂධ වර්ග 48 ක මිල පාලනයක් ඇති කරමින් ගැසට් පත‍්‍රයක් නිකුත් කරන ලදි. එම ගැසට් පත‍්‍රයට අනුව ඖෂධ වල වාසිය ජනතාවට ලබාදීමට ඖෂධ වාණිජ මණ්ඩලය සහ සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය මෙන්ම සුළු පරිමාන ඖෂධ ආනයනයකරුවන් ද ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග පැවැති සාකචිඡවල දී පොරොන්දු විය.

– නිපුන් ඒකනායක

0 views
Main News