මිල ඉහල දැමීම, රූපමය අවවාද නිසා දුම්පානය 15%කින් වැඩිවේ.. නමුත් බදු ආදායම බිලියන 52 තෙක් අඩුවේ..

March 27, 2017 at 4:40 pm | lanka C news
මිල ඉහල දැමීම, රූපමය අවවාද නිසා දුම්පානය 15%කින් වැඩිවේ.. නමුත් බදු ආදායම බිලියන 52 තෙක් අඩුවේ..

රජය විසින් දුම්වැටි සදහා අලූතින් පනවන ලද පැකැට්ටුවේ රූපමය අවවාද නීතිය හා මිල ඉහළ දැමීමෙන් පසු ගිය වසරට සාපේක්ෂව මේ වසරේ දුම්බීම 15%කින් ඉහළ ගොස් ඇති බව ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතා කියයි.

ඔහු පෙන්වා දෙන්නේ දුම්බීම 15%කින් ඉහල ගියත් දුම්කොළ සමාගම විසින් රජයට ගෙවින බදු මුදල රුපියල් බිලියන 52 දක්වා පහළ වැටී ඇති බවයි.

ඔහු පෙන්වා දෙන්නේ දුම්වැටි මිල ඉහල යාමත් සමග නීති විරෝධී දුම්වැටි හා බීඩි සුරුට්ටු වැනි විකල්පයන් කෙරෙහි ජනතාව නැඹුරු වී ඇති බවත් ඒවායින් රජයට බදු මුදල් ලැබෙන්නේ නැති බවත්ය.

27 views

4 Comments to “මිල ඉහල දැමීම, රූපමය අවවාද නිසා දුම්පානය 15%කින් වැඩිවේ.. නමුත් බදු ආදායම බිලියන 52 තෙක් අඩුවේ..”

  1. kamalsiri kuruwita says:

    මේ රොටියත් වෙනසකට කෑගෑහවේ ඔය තනතුරු පෙරේත කමට කියල දෑන ගත්තේ නම දැක්කට පස්සේ තමයි. දැන් ඉන්නවද නැද්ද නෑ.

  2. Dushantha says:

    සිගරට් බොන එකා ගෙදර කඩදාසි ඔතලා හරි බොනවා. අනික ගන්ජයි කුඩුයි ඕනි තරන් රට පුරාම තියෙද්දි මොකටද සිගරට් බොන්නෙ?

  3. මල්සෝමෙ says:

    ඒ විතරක් නං මදෑ, දැං එකක් ගන්ඩ කඩේට යන එකාට පැකට් එකක්ම ගන්න වෙනවනෙ. ඉතින් බොන එකා ණයට හරි ගන්නව. ඊට පස්සෙ ඉබේම පෙවෙනව.

  4. ප්‍රවිර says:

    උපුල් ජයසූරියට මේවා කියනවට සිගරට් කොම්පැනිීයෙන් කීයක් ගෙවුවද දන්නෑ

Main News