මිල පාලනයට අනුව ඖෂධ අලෙවි නොකරන වෙළෙද සැල් සොයා මෙහෙයුමක්…

November 9, 2016 at 2:04 am | lanka C news
මිල පාලනයට අනුව ඖෂධ අලෙවි නොකරන වෙළෙද සැල් සොයා මෙහෙයුමක්…

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කරන ලද අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල පාලනය ක‍්‍රියාත්මක නොකරන ඖෂධ අලෙවිසැල් සොයා වැටලීම් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි මත වැටලීම් සිදු කරන බවයි. එම පැමිණිලි ලබාගැනීම සදහා පසුගිය සිකුරාදා (04* සිට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇත. උදෑසන 8.00 සිට රාත‍්‍රි 08 දක්වා ක‍්‍රියාත්මක මෙම ඒකකයට ෙමි වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 82 ක්. ඖෂධ ලබානොදීම, මිල අඩුකර නොතිබීම, ඖෂධ සඟවාගෙන තිබීම වැනි චෝදනා යටතේ ජනතාව පැමිණිලි ඉදිරිපත් කර ඇත. ලැබුනු පැමිණිලි මත ආහාර සහ ඖෂධ පරික්ෂකවරුන් මගින් වැටලීම් සිදුකර අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන තිෙබි. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛදය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මකය. නියම කළ මිලට ඖෂධ ලබානොදෙන ඖෂධ අලෙවිසැල් පිළිබදව සෑම දිනකම සෞඛ්‍ය අමාත්‍යවරයාට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ෙවි.

මෙම වැඩපිළිවෙල පිළිබදව දිවයින පුරා සිටින ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් දැනුවත් කිරීෙමි වැඩපිළිවෙලක් ලබන 10 දා ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිෙබි. ඖෂධ සමාගම් විසින් ශ‍්‍රී ලංකාවට ආනයනය කර ඇති ඖෂධ තොග සඟවාගෙන ඇත්නම් ඒ පිළිබදව ද සොයා බැලීෙමි විමර්ශණ ක‍්‍රියාත්මකයි. ඒ සදහා සියළුම ගබඩා පරීක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කරයි.

දෙවන අදියර යටතේ මිල අධික ඖෂධ වර්ගවල මිල ගණන් අඩු කිරීමට නියමිතය. රෝගීන්ට ගැටළුවක් නොවන අයුරින් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාම සදහා රජයේ රෝහල්වල සහ ඖෂධ සැපයුම් අංශයේ මාස 03 කට ප‍්‍රමාණවත් ඖෂධ ගබඩා කර ඇත.
ෙමි වනවිට රජය විසින් ඖෂධ මිලදී ගැනීම සදහා රුපියල් බිලියන 45 ක්. වැය කරයි. එය ලබන වර්ෂයේ දී රුපියල් බිලියන 50 දක්වා වැඩි කිරිමට ද අපේක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියේය.

ගැසට් පත‍්‍රය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ඖෂධ සමාගම් රැසක් ඖෂධ මිල අඩු කර ඇති බවත්, සුළු කොටසක් පමණක් ප‍්‍රශ්න මතු කරමින් ඖෂධ මිල අඩු කර නොමැති බව මාධ්‍ය හමුවට එක්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය. සියළුම පැමිණිලි 011-3071073 සහ 011-3092269 යන දුරකථන අංක වලට සහ 011-2686113 යන ෆැක්ස් අංකයට යොමු කිරීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදාකර තිෙබි. මෙම මධ්‍යස්ථානය වෙත පැමිණ ලිඛිතව ද පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
මෙම අවස්ථාවට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධාන විධායක නිලධාරී කමල් ජයසිංහ මහතා, හදිසි ආපදා කළමණාකරණ ඒකකයේ සහ පැමිණිලි අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් යන මහත්වරුන් ද එක්ව සිටියහ.

– නිපුන් ඒකනායක

7 views
Main News