මිල පාලනය රජය අතහරි.. සමාගම් මිල නියම කරයි.. කිරිපිටි නව මිල මෙන්න…

October 9, 2021 at 10:40 am | lanka C news
මිල පාලනය රජය අතහරි.. සමාගම් මිල නියම කරයි.. කිරිපිටි නව මිල මෙන්න…

ආනයනික කිරිපිටි සඳහා අද සිට ක්‍රියාත්මක වන නව මිල ගනන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ප්‍රකාශයට කර ප්‍රකාශයට පත් කර ඇත.

රජය විසින් කිරිපිටි මිල පාලනය පනවා තිබුණු ලද පාලන මිල ඉවත් කිරීමෙන් පසු මෙම මිල නියම කිරීම සිදු කර තිබේ.

කිලෝවක් රුපියල් 250කින් හා ග‍්‍රෑම් 400 පැකැට්ටුවක් රුපියල් 100කින් ඉහල දමමින් ප‍්‍රකාශ කර ඇති කිරි පිටි වල නව මිල ගනන් මෙසේය.

කිලෝ 01 පැකට්ටුව රුපියල් 1195
ග‍්‍රෑම් 400 පැකැට්ටුව රුපියල් 480

23,848 views

11 Comments to “මිල පාලනය රජය අතහරි.. සමාගම් මිල නියම කරයි.. කිරිපිටි නව මිල මෙන්න…”

  1. හාල් මිල says:

    හාල් කිලෝව පිටි කිලෝවක මිලෙන් අඩක් කරනු…

  2. පැන්ඩෝරා පේපර්ස් says:

    ඔක්තෝබර් 07 වැනි දා පැවැති කැබිනට් රැස්වීමේ දී නව කිරි පිටි මිල කොපමණදැ යි රජය තීරණය කරද්දී කිරි පිටි සමාගම් එය කලින් දැන සිටියේ ද සහ එලෙස කලින් දැනගත්තේ කෙසේ ද යන්න සමාජ ජාල තුළ දැඩි ලෙස ප්‍රශ්ණ කොට ඇති බව දක්නට ලැබෙනවා.එමෙන්ම කිරි පිටි මිල ගණන් පිළිබඳව තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇති ගැසට්ටුව නිකුත් වී ඇත්තේ ඔක්තෝබර් 08 වැනි දා වීම සහ කිරි පිටි සමාගම් මිල මුද්‍රණය කොට ඇත්තේ ඔක්තෝබර් 01 වැනි දා වීම බරපතළ ගැටළු සහගත බවක් පෙන්වන බවට සමාජ ජාල පරිශීලකයින් මත පළ කොට තිබෙනවා.
    පව් නේද බං බෛයි පාණ්ඩුව බොරුවේ සීමාවක් තියෙන්න ඔනේ. 😂😂

  3. Consumer says:

    People who can afford buy at this rate. People who are against Milk Powder can drink whatever they like. More price increases on the way and pressure on the wallet..

  4. කැලණියේ නයා says:

    ඔන්නොහෙ ආණ්ඩුව ඩඩිලගෙ හාල්මෝල් කාරයො ටිකටයි සීනි තෙල් ගෑස් පිටි කොම්පැනි ටිකටයි දීල සෑර් දරු පවුල ඉන්න රටට ගිහින් රෙස්ට් එකේ එන්න එක්ස්පීරියන්ස් ඕනිත් නෑ වැරදීම් වෙන්නෙත් නෑ පැන්සොන් දෙක තුනක් එනව ඒකත් අරන් ආතල් එකේ ඉදිතෑකි මෙහේ කොම්පැනි හාල් මෝල් කාරයො ආණ්ඩු කරන විදිහට අපි ඉන්නම් දැනුත් වෙන්නෙ ඒකනෙ

  5. බයියා says:

    ලංකවට ඔරොත්තු නොදෙන ලක්‍ෂ 18 ඉක්මවූ රජයේ රැකියා ප්‍රමාණයක් දැනටමත් ලබා ද ඇත. මෙලස පින්පඩි කරුවන් නඩත්තු කිරීම හා ඔවුන්ගේ පඩි ගෙවීම රජයේ රැකිය නොකරන බහුතර රජයට බදු ගෙවන ජනතවමත පටවා ඇත. අද වන විට ජිවන වියදම වැඩි වීමට ප්‍රධාන හේතුව රජයේ සේවකයන්ගේ පඩිය ඉහල ගිය විට භාන්ඩ මිල ඉහල යාමද ඊට සාපේක්ෂව අනෙකුත් පුද්ගලයන්ගේ වැටප් ඉහල නොයාමය මෙවන් තත්වයක් තුල නව පත්වීම් 6 0 0 0 0 ලබාදිම සහ මෙතෙක් කිසිදු රජයකින් රැකියා ලබා නොදුන් NSBM වැනි ප්‍රථමික උපාධි ආයතන වල උපාධිධාරීන්ට ද රජයේ රුකියා ලබාදීම තවත් උපහාසාත්මකය

  6. BOC -සුහද මාවතේ-රාජන්ගනේ චාමර says:

    ලෝකෙම කිරි පිටි හදන බිස්නෙස්ස් කාරයෝ මගේ මර යාලුවෝ,
    ගම්පහ සුඅද මාවතේ ගොබ්බයන්ට මම බඩයන්ද.

    අපේ පව්ලටම කිරි විද්ද සා ලූ පක යා, එක ප්‍රසිද්ද රහසක්

  7. Kaputa says:

    දැන්වත් මිත්‍යවෙන් මිදෙමු පිටිකිරි බොනඑක නවත්තමු. අපි විතරයි මෙි මෝඩ වැඩෙි කරන්නේ මුලු ලෝකෙන්ම.

  8. Norata Eka says:

    බොහොම හොඳයි …

  9. On The Spot says:

    මිල පාලනය රජය අත්හරී,සමාගම් මිල නියම කරයි.ඩඩ්ලි සහල් මිල ප්‍රකාශයට පත් කලාම වෙළඳ ඇමති කැසට් ගහනව වගේ ගැසට් ගැහුවත් ඒ කැසට් කවුරුවත් ඇහුවෙ නැහැ,වැදුනෙ බත් කන පොඩි එකාගෙ බඩට.කෘෂිකර්ම ඇමතිත් කාබනික රසායනික තෝරා බේරා ගත නොහැකිව ලත වෙනව.ගොවියො අතර මග ලත වෙනව. කිරි පිටි,සිමෙන්ති,ගෑස් ඕනෑම කෙනෙකුට ඕනෑම විදියට මිල වෙනස් කරන්නත් පුළුවන් වෙයි.පාරිභෝගිකයො වෙනස් වෙන ඕනෑම මිලකට ගන්න සූදානම් වෙලා ඉන්නව නම් හොඳයි.මත් කුඩු මිල පහල බහින ලකුණු පේනවලු.මත්කුඩුවලට මිනිස් ඇට කටු පුලුස්සා කලවම් කිරීමේ ව්‍යාපෘතියක් තියෙනවලු.ඒක මත් ලෝලීන්ට නම් සුභාරංචියක්,මත් කුඩු ලාභ වෙයි.ඒ අතරෙ පැන්ඩෝරා,පැනමා වගේ පේපර්ස් දාල සාමාන්‍ය ජනතාව මත් කරනව,කරකවල අත හරිනව.මේක මඤ්ඤං වෙච්ච රටක් කියල හිතෙන්නෙ මට විතරද?

  10. 3% ට බය බයියා. says:

    කිරිපිටි මාෆියාව ,හාල් මාෆියාව විරුවන් ට පරාජය කිරිමට නොහැකි බව ඔප්පු කරලා තියෙන්නේ .ඔය සියලුම මාෆියා පරාජයට පත් කර ජනතාවට සහන දෙන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

Main News