මිල සීමාවෙන් සහල් අර්බුදය දරුණු වේ.. රට පුරා වී මෝල් හිමියෝ වී කෙටීම නවතා දමති..

February 13, 2017 at 8:40 am | lanka C news
මිල සීමාවෙන් සහල් අර්බුදය දරුණු වේ.. රට පුරා වී මෝල් හිමියෝ වී කෙටීම නවතා දමති..

රජය විසින් පනවා ඇති උපරිම මිල සීමාව ඉවත් කරන තුරු වී කෙටීම නවතා දැමීමට රට පුරා සහල් මෝල් හිමියෝ තීරණය කර තිබේ.

මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ රජය විසින් නියම කර ඇති උපරිම මිල සීමාව ප‍්‍රතික්‍ෂෙප කරන බවයි.

සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා පවසන්නේ රට පුරා සහල් නිෂ්පාදකයෝ පොලොන්නරුවේදී රැස්වී මෙම තීරණය ගත් බවයි.

රජයේ රැපියල් 45 මිලට වී ගෙන එය නාඩු සහල් කිරීමට රුපියල් 82 වියදමක් යන බවත් නාඩු සහල් කිලෝව රුපියල් 72ට ලබා දීමට නම් වී කිලෝව රුපියල් 35ට ලබා දිය යුතු බවත් ඔහු සදහන් කරයි.

සහල් මෝල් හිමියන් යෝජනා කරන්නේ නාඩු සහල් කිලෝව 87ක්, සම්බා සහල් කිලෝව 90ක්, රතු කැකුළු කිලෝව රුපියල් 80ක් ලෙස රජයේ මිල සීමා සංශා්ධනය විය යුතු බවයි.

26 views

One Comment to “මිල සීමාවෙන් සහල් අර්බුදය දරුණු වේ.. රට පුරා වී මෝල් හිමියෝ වී කෙටීම නවතා දමති..”

  1. Sirimal says:

    එතකොට රුපියල් 28ට 30ට හාල් ගත්ත කාලෙ හාල් වික්කෙ කීයටද? ගොවියාට හාල් විකුනන්න බැරි කාලෙ.

Main News