මිල සුත‍්‍රය තිබුණා නම් පෙට‍්‍රල් 117ට ඩීසල් 84ට දෙන්න පුළුවන්..- මංගල

March 10, 2020 at 6:48 pm | lanka C news
මිල සුත‍්‍රය තිබුණා නම් පෙට‍්‍රල් 117ට ඩීසල් 84ට දෙන්න පුළුවන්..- මංගල

ලොක වෙලදපලේ බොරතෙල් මිල අඩුවීම සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

යහපාලන රජය විසින් ජනතාවට සහන සැලසීම සඳහා පැවති ඉන්ධන මිල සූත්‍රය මෙවන තෙක් ක්‍රියාත්මක වූයේ නම් සෑම ඉන්ධන වර්ගයකම මිළ අවම වශයෙන් රුපියල් 20කින් අඩුකර ඒ හරහා බස් ගාස්තු හා ත්‍රී වීල් ගාස්තු ද අඩුකර අඩුකර ජනතාවට සහන ලබාදී ජීවන වියදම් අඩු කිරීමට හැකියාවක් තිබිණු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ලෝක වෙළඳපොලේ මිල ගණන් සංසන්දනය කරමින් මෙරට පාරිභෝගිකයාට උපරිම වාසියක් අත්වන පරිදි මිල සුත්‍රයට අනුව සෑම මාසයකම 10 වනදා ඉන්ධන මිල ප්‍රකාශයට පත්කරනු ලැබිය.

ජාත්‍යන්තර  වෙළඳපොලේ  තෙල්මිල අඩුවන විට එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට තෙල් මිල සූත්‍රය හඳුන්වාදෙමින් එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා  පොරොන්දු වී තිබිණි.

ඒ වගේම තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වන ගෘහස්ථ ගෑස් සඳහා ද යහපාලන රජය විසින්  මිල සූත්‍රයක් හඳුන්වාදීමේ ප්‍රතිපලයක් ලෙස 2015 දී රු 2000 ට වඩාවැඩි මුදලකට විකුණු 12.5 කිලෝ ග්‍රෑමයක ගෑස් සිලින්ඩරයක මිල අද වන විට රු 1500 දක්වා අඩු කර තිබේ

ඒ අනුව සින්ගප්පූරු වෙළඳ පොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 65 ක් ව තිබියදී 2019 සැප්තැම්බර් මස අවසන් වරට මිල සූත්‍රය අනුව තෙල් මිල පහත පරිදි සංශෝධනය කරන ලද අතර එය 2019 සැප්තැම්බර් මස ට සාපේක්ෂව 2020 මාර්තු වන විට තිබිය යුතු තෙල් මිල

ඉන්ධන වර්ගය පැවති මිල රු. 2019 සැප්10 දාසංශෝධිත මිල රු 2020 මාර්තුවේ වෙනස් කළ යුතු ව තිබූ මිල රු
ඔක්ටේන් 92 පෙට්‍රල් 138/- 137/- 117/-
ඔක්ටේන් 95 පෙට්‍රල් 163/- 161/- 141/-
ඔටෝ ඩීසල් 104/- 104 84/-
සුපිරි ඩීසල් 134/- 132/- 112/-

අද වන විට එනම් 2020 මාර්තු මස 07 වනදා වන විට ලෝක වෙලඳ පොලේ බොරතෙල් මිල 30 % ටත් වඩා අඩු ප්‍රමාණයකින් අඩු වී ඇත. 2019 සැප්තැම්බෙර් මස ඇ.ඩො. 65 සිට අද වන විට ඇ.ඩො 45 දක්වා බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල බෙහෙවින් අඩු වී ඇත.

ඒ අනුව 2019 මෙම රජය ජනතාවට සහන දීම පිළිබඳව සැබෑ ලෙසම උනන්දුවක් දක්වන්නේ නම් 2019 සැප්තැම්බර් 10 ට සාපේක්ෂව 2020 මාර්තු වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රු 20 කින් අඩු කිරීමට අවස්තාව තිබේ. මෙමගින් බස් ගාස්තු සහ ත්‍රී වීල් ගාස්තු ද අඩු කර ජීවන වියදම් අඩු කර එලවලු සහ සහල් ඇතුළු අත්‍යාවශ්ය භාණ්ඩ මිල වැඩිවීම නිසා ජීවන බරින් මිරි කී සිටින ජනතාවට සහන ලබාදීමට හැකිව තිබුණි. පොහොට්ටු රජයේ සහන මල්ල අපේක්ෂාවෙන් සිට අපේක්ෂාබන්ගත්වයට පත්වූ ජනතාවටත් තෙල් මිල අඩු කිරීමෙන් සහනයක් ලබා දිය හැකිය.

මේ රජය ජනතාවට සහන ලබාදීමට කිසිඳු ආකාරයකින් කටයුතු නොකරන බව ඉන්ධන මිල සහනය ජනතාවට ලබා නොදිමෙන්ම පැහැදිලිවන බව මංගල සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

– MIdea unit

 

10,928 Viewers

19 Comments to “මිල සුත‍්‍රය තිබුණා නම් පෙට‍්‍රල් 117ට ඩීසල් 84ට දෙන්න පුළුවන්..- මංගල”

  1. Niru says:

    There is lot more government has to do now because of Corona. This idiot doesn’t realize this. As usual he is acting like a buffoon. The country will suffer due to reduction in exports and excess expenditure. That has to come from whatever the savings

  2. බය්යා says:

    ඔය සුත්‍රයට වෙන්න ඇති උඹ රණවිරුවෝ ටිකත් පවා දුන්නේ

  3. Love nature says:

    “ලැජ්ජා නැති කම මහ මුදලී කමටත් වඩා ලොකුයි”

    • Alapaluwa says:

      මට මේ ගම්කබරයාගේ සුත්‍රය තඹ දෝයිතෙකට වටින්නේ නැ.නමුත් මෙතරම් crude oil වල මිළ පහත වටිලත් ඇයි ඒ benefit එක අපිට නොදෙන්නේ?ගරු ගොටභය මැතිතුමෙනි මෙය එතරම් හොඳ දෙයක් නොවේ ඔබේ ප්‍රතිරූපයට ඉදිරියේදී ඇති කර්තාවිය ගැන තෙවරක් සිතන්න මේ අවස්ථාවේ පෙළක් අය බොරදියේ මහළු බෑමට බලාසිටිනවා එමනිසා මේ සම්බන්ධව ඒ අංශයේ බලධාරීන්ට නියම කරන්න සාධාරණ මිලකට අපිට තෙල් ටික ලබාදෙන්න කියා!

      • Wijebahu says:

        Gota is nothing but a media myth. He is has no political experience or vision. This is what happen when a old ordinary (not a brilliant tactician like SF) military man is elected to run a country.

        • Norata Eka says:

          Your English is wrong , learn your English first , එහෙම නැත්නම් දන්න සිංහලෙන් ලියන්න …

      • Pal says:

        I think we need to use this low price situation of crude oil should be used to increase the income of our country.
        Country need money.
        If the benefit is given to the people, they would get around Rs.750 benefit individually on an average, but it is some saving for the country.
        We know Gota is not allowing government money going waste

  4. True news says:

    Dinaka mila anuwa newe masayak a samanya mila anuwa ganan thiranaya karanne, anika me loka wela da pale milata thel lankawe wela da palata enna adu a gane masayakata wada yanawa, mangala mila suthrayen keruwe mila onawatath wada wadi kirima pamanai

  5. sanjeewa says:

    There idiots boesnot know it takes about two months to receive crude oil after place an order. And during YAHAPALANA government they increase prides but not any deduction. Still we are not blind

  6. Puncha says:

    Saudi i dan bata line ekak lankawata thibuna nam 32$ K Unu eye patan adukaranna thibuna moda harako.

  7. sajeewa says:

    Publish your formula. Then government will reduce the price

  8. Aba says:

    ඔබතුමාගෙ වකවානුවේ ඔය මිල සුත්‍රයෙන් මිල වැඩි උනා මිසක් අඩු උන බවක් අපිට මතක නැත. අනුන් ගෙ මගුල් ගේවල් වල කෑම බෙදන්න යන්නෙ නැතිව හිටිය නම් හොදයි නේද මැති තුමනි.

  9. malraj says:

    now this is fun period ….. hitan … 69 lacks pawe,,,,,,,,,,

  10. හෙලයා says:

    අනේ පලයන් උට්ටෝ යන්න.. උබලගෙ පොන්න මිල සූත්තරෙ තිබුනනම් මෙලහට තෙල් මිල බහින්නෙ උබේ ..කට තමා.. ..සිගෙ පුතා.

  11. ඇයි පින්සිරි 42 දෙන්න තිබුන වෙලාවේ 142 ක් ගත්තේ අංඤ්කොරෝ වෙලාද හිටියේ නැතිනම් සමනොල ලොකෙද පොන්නයා????????

  12. Sun says:

    This man has no sense of politics and what is happening round the world. He is following american politics as the best in the world without understanding the interior of their hearts and minds. They are the people creating problems round the world looking for ways to get into other countries and sell some arms by creating internal politics. They cannot sleep due internal pressure of such dirty thinking. Hearts are bubbling with hate and pressure. They think their thinking is the best out of everybody in the world. Problem creator in the world.

  13. MD says:

    chandaya illagena awoth kurudu pollaka power eka pennanko.desadrohiya.👎

Main News