මිල සුත‍්‍රය තිබුණා නම් මෙරට ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා..

February 19, 2020 at 12:00 pm | lanka C news
මිල සුත‍්‍රය තිබුණා නම් මෙරට ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා..

පසුගිය රජය විසින් හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය තිබුණ ක්‍රියාත්මක වූයේ නම් අද වන විට ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවන බව විදුලිබල බලශක්ති හා ඛණිජ තෙල් සංවර්ධන ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

කොරෝනා වෛරස් තත්ත්වය නිසා බොරතෙල් මිල සුළු අඩුවීමක් ඇති වුවද පෙබරවාරි දෙවන සතියේ සිට නැවතත් බොරතෙල් මිල වැඩිවීමක් සිදුවී ඇතැයි ඔහු පැවසීය.

ඒ අනුව ඉන්ධන මිල සූත්‍රය පැවතුනේ නම් නැවතත් මෙරට ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවන බවද ඔහු පැවසුවේය.

කෙසේ නමුත් ලෝක වෙළඳපලේ බොර තෙල් මිල ගණන් අනුව ජනතාවට සහන ලබාදීමට රජය පියවර ගන්නා බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

ඇමැතිවරයා මේ අදහස් පළකරන ලද්දේ පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

103 views

4 Comments to “මිල සුත‍්‍රය තිබුණා නම් මෙරට ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා..”

  1. චම්පා. says:

    පසුගිය රජයේ හිටපු අය කවුද? මේවාට පක්ෂව අත උස්සපු අය කවුද? Lancacnews පරණ ඒවා පෙරලලා බැලුවොත් දැනගන්න පුළුවන්. මේ කතාකරන අයත්, ඒ දවස්වල කිව්වේ මොනවාද කියල.

  2. ගල් මුසලයා says:

    එක තමයි නේද ඒයි. පසුගිය රජයේ කවුද දන්නේ නෑ හිටියේ නේද?? මට නම් දැන් මතක නෑ…..

  3. Open mind says:

    පච කෙළින්න එපා. බොර තෙල් මිල අඩුවේගෙන එනවා.

  4. Niru says:

    I cannot understand why responsible ministries are given to assholes like these?

Main News