මිල සූත්‍රය අනුව පෙට්‍රල් 179ක් හා ඩීසල් 134ක් විය යුතයි..- ගම්මන්පිල

July 13, 2021 at 3:29 am | lanka C news
මිල සූත්‍රය අනුව පෙට්‍රල් 179ක් හා ඩීසල් 134ක් විය යුතයි..- ගම්මන්පිල

පසුගිය මාසයක කාලය ඇතුළත ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල 10% කින් ඉහළ ගොස් ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එම තත්ත්වය යටතේ දැන් පවත්වා මිලට ඉන්ධන ලබා දීම ජනතාවට ලබාදී ඇති සහනයක් යැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

මංගල සමරවීර මහතාගේ මිල සූත්‍රය අද ක්‍රියාත්මක වූයේ නම් මෙරට ඉන්ධන මිල මීට වඩා ඉහළ දැමීමට සිදුවන බව ද ඔහු පැවසීය.

පැවති එම මිල සූත්‍රය අනුව අද පෙට්‍රල් ලීටරයක් රුපියල් 179ක් සහ ඩීසල් ලීටරයක් රුපියල් 134ක් විය යුතු යයිද ඔහු පැවසූවේ තම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

8,439 views

6 Comments to “මිල සූත්‍රය අනුව පෙට්‍රල් 179ක් හා ඩීසල් 134ක් විය යුතයි..- ගම්මන්පිල”

  1. jude perera says:

    baral eka 40$ ta giya welawe mila suththareth nehe adu kaleth nehe neda

  2. සිකා says:

    ලංකාවේ තෙල් නෑනෙ. පිටරටින් ගෙන්නන දේ ඒ රටේ ගානට ගන්න වෙනව. මේ රටේ මිනිස්සු නයට අරන් කනව මිසක් රට පටවන්න දෙයක් හදන්නෙ නෑ. ඉතිං රුපියල වැටෙනව. අන්තිමට තෙල් මිල වැඩි වෙනකොට බලශක්ති ඇමති පලි!

  3. Saman says:

    ගම්මන්පිල මහත්තයො අපිට පව් නොදී තමන්ගෙ මව්බිම වන ඔස්ට්‍රෙලියාවට යන්න.

  4. A Sri Lankan says:

    Stop supplying fuel below the cost. Introduce a fuel coupon at subsidised rate only for most deserving sectors of the society under strict regulations. The cost of subsidy should be told to the public and recovered thru other means.

  5. Open mind says:

    දැන් මිල සූත්‍රයක් නැහැ නේ. කයිවාරු ඇති වැඩ පෙන්නන්න.

  6. saman says:

    ගිය අවුරුද්දේ මිල සූත්‍රය තිබුනනම් ගාන කීයක් වගේද තියෙන්නේ තිබුනේ? ඒකත් හදලා කියන්න ප්ල්ස්

Main News