මිල සූත‍්‍රය ක‍්‍රියාත්මකයි.. ඉන්ධන මිල අද යලිත් ඉහලට..?

September 10, 2018 at 3:26 am | lanka C news
මිල සූත‍්‍රය ක‍්‍රියාත්මකයි.. ඉන්ධන මිල අද යලිත් ඉහලට..?

රජය විසින් මෑතක දී හඳුන්වා දෙන ලද ඉන්ධන මිල සූත්‍රය අනුව මෙරට වෙළඳපොලේ ඉන්ධන මිල සංශෝධනය වීම ද අද දිනයේ සිදු කිරීමට නියමිතය.

මෙම මාසය තුලදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් පහකින් පමණ ඉහළ ගොස් ඇත.

එමෙන්ම මෙම මාසය තුළ ඩොලරය හමුවේ රුපියල ද රුපියල් 3-4 අතර ප්‍රමාණයකින් අවප්‍රමාණය වී තිබේ.

මෙම තත්වයන් මත අද දිනයේදී ඉන්ධන මිලේ ඉහළ යාමක් අපේක්ෂා කළ හැකිය.

මෙම ඉන්ධන මිල සූත‍්‍රය මේ වන තෙක් ප‍්‍රසිද්ධියට පත් කර නැත.

40 views
Main News