මීගමුවේ ගැටුමට හේතුව මෙන්න..

May 5, 2019 at 10:10 pm | lanka C news
මීගමුවේ ගැටුමට හේතුව මෙන්න..

මීගමුව පොලිස් කොට්ඨාසට හෙට පෙරවරු 7.00 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවන ලද්දේ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකින් පසු ඇති වූ නොසන්සුන්තාවක් පාලනය කිරීමට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙම ගැටුම අද පස්වරුවේ මීගමුව පෝරුතොට ප්‍රදේශයේ දී සිදුව ඇති බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු හෝ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප‍්‍රකාශ සිදු කරන අයට එරෙහිව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරන බවද ඒ මහතා කියා සිටී.

205 views
Main News