මීගමුවේ සිදුවීමෙන් පොදු හා පුද්ගලික දේපල හානි වෙලා..- අගමැති කියයි..

May 7, 2019 at 12:00 pm | lanka C news
මීගමුවේ සිදුවීමෙන් පොදු හා පුද්ගලික දේපල හානි වෙලා..- අගමැති කියයි..

පෙරේදා පස්වරුවේ මීගමුව ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය නිසා අලාභ හානි වූ පොදු දේපළ සහ පුද්ගලික දේපල සියල්ලටම වහා වන්දි ගෙවන්නයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

ඒ අනුව හානි පූර්ණ කාර්යාලය මගින් මීගමුවේ අලාභ හානි තක්සේරු කිරීමට කඩිනම් පියවර දැනටමත් ගෙන ඇති බවද අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

මීගමුව ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පෙරවරුවේ ආරක්ෂක අංශ ඇතුළු සියලු පාර්ශව අරලියගහ මැදුරට කැඳවාගෙන සාකච්ඡා කළ අතර එම තත්ත්වය ඇතිවීමට හේතු ද සාකච්ඡා කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කර පුළුල් වාර්තාවක් ලබාදෙන්නැයි රාජ්‍ය ඇමති නිරෝෂණ පෙරේරා මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාට ද අගමැතිවරයා නියම කර ඇත.

31 views
Main News