මීගමුව නගරයෙන් ආසාදිතයන් 10ක්..
October 14, 2020 at 3:00 pm | lanka C news
මීගමුව නගරයෙන් කොරෝනා ආසාදිතයන් දස දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඔවුන් සියලු දෙනා කොළඹ උණ රෝහලකට යොමු කළ බව මීගමුව නගර සභා සෞඛ්‍ය අංශය සඳහන් කරයි.
මෙම ආසාදිතයන් මීගමුව නගරයේ ශාන්ත ජෝශප් විදිය, පිටිපන, උප්පලම, මුන්නක්කරය සහ කටුවපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
ආසාදිතයන් අතර අවුරුදු පහක් වයසැති දරුවෙකුද වෙයි.
හඳුනාගත් ආසාදිතයන්ගෙන් හතර දෙනකු බැන්ඩික්ස් ආයතනය සේවිකාවෝ ය.