මීගස්වත්ත පොලිසිය වසා දමයි…

April 25, 2021 at 12:03 pm | lanka C news
මීගස්වත්ත පොලිසිය වසා දමයි…

බියගම මීගස්වත්ත පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

ප‍්‍රදේශයේ මහජන සෞඛ්ය පරීක්ෂක කාර්යාලය පවසන්නේ පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ තවත් නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම පියවර ගත් බවයි.

පොලිසියේ තවත් නිලධාරීන් 40ක් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව තිබේ.

10,720 views

6 Comments to “මීගස්වත්ත පොලිසිය වසා දමයි…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    මෝඩ බයි රැලට රිසිසේ අවුරුදු බාල් නටන්න රට ඇරල නවත්තල තිබ්බ පී සී ආර් ආයි පටන් ගත්ත.දැන් ඉතින් රට බන්කොලොත් වෙන එකට ලෝකෙ වටෙන් ණය ගන්න එකට කෑලි කෑලි හිලවුවට දෙන එකට ඉහල යන බඩු මිලට හේතු තියෙනව.මිනිස්සු කොරෝනා බියේ වෙවුලද්දි අවධානය ඒකට යොමු වෙලා තියෙද්දි කොලේ වහල ඕනි ගේමක් දැතෑකි මේව තමා රියල් තක්කඩි පොලිටිකල් ගේම් අපේ රටේ පාලකයො රට දියුණු කරන්න ජනතාවට සේවය කරන්න අදක්ෂ උනාට මේ තක්කඩිකම්වලට නම් ඔස්තාර්ල

    • Rohan Silva says:

      අපිට මැයි රැලිය තියන්න ඕනෑ
      අපේ 10000 කෑලි වලට වැඩ තියෙන්න ඕනෑ

  2. Ravana parapura says:

    කොරෝනාවට හෙළ ඔසු.

    නවීන දැනුම ඉවත දමා දේශීය දැනුම යළි බාර ගත යුතු කාලයයි .

    ඇස් ඇර බලන්නට කාලය එළඹ ඇත. වෙදකම වාණිජකරණයට යටත්වන තෙක් අප බලා සිටිනවා ද? දීර්ඝ කාලයක් තිස්සේ එක් කරගත් දැනුම් සහ අත්දැකීම් සම්භාරය සංරක්ෂණය කොට සංවර්ධනය කොට මතු පරපුරට දායක කිරීමේ වැඩපිළිවෙළකට යාමට මේ සුදුසු කාලය නො වේ ද?

    මේ ඔබට සිතන්නට කාලයයි.

  3. MD says:

    ඔවුන් සියලුම දෙනාට මෙන්ම ඥාතීන්ටත් නිදුක් නිරෝගී සුව ලැබේවා.තෙරුවන් සරණයි!

  4. Love nature says:

    දේශීය වෙදකම රැකගනිමු කොරෝනා පරදවමු

    ‘‘ඔවුහු විස්මයජනක වෙදැදුරෝ ය. තුවාලවලට, ගෙඩිවලට, කැඩුණු අත්පාවලට, ඔවුහු දින කීපයකින් සුවය ලබා දෙන්නට සමත් වෙති. පිළිකා අපට සුවකළ නො හැකි රෝගයක් වූවාට ඔවුනට එසේ නො වේ. ඔවුහු පිළිකා දින අටකින් සුව කරති. සමෙහි හෝ බාහිර කැළැලක් වූවා නම් එය කලින් එතැන තිබුණාදැයි සොයා ගත නො හැකි වන තරමට ම කැළැල් සුව කරති. මා මෙම දිවයිනේ සිටි කාලය තුළ දී හමුදා සොල්දාදුවන්, කපිතාන්වරුන් ඔවුන්ගේ ප‍්‍රතිකර්මවලින් සුවය ලබනු මා දැක ඇත. වඩාත් විස්මයජනක වන්නේ ඔවුන් එය එතරම් ම සැහැල්ලූවෙන් කරන අන්දම ය.” (“Fat alidade Historia de Ceilao”, ජොආ රිබෙයිරෝ, 1641-1658 කාලය තුළ ලංකාවේ සේවය කළ පෘතුගීසි සොල්දාදුවෙක්)

  5. Sajeewa says:

    munta hodamawede mata me lagadi dadakolyak dunna

Main News