මීතොටමුල්ල කුණු කන්දේ උයනක් හදනවා..- චම්පික

May 4, 2017 at 4:40 pm | lanka C news
මීතොටමුල්ල කුණු කන්දේ උයනක් හදනවා..- චම්පික

කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්ද ඇති භූමියේ නාගරික වන උයනක් ඇති කිරීමට ඇමති චම්පික රණවක ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව මාස පහක කාලයක් අතුලත හමුදාවේ සහායෙන් කුණු කන්දට දැනට කරගෙන යන වැඩපිලිවෙල අවසන් කර එම පරිසරය වන උයනක් ලෙස සංවර්ධනය කරයි.

එසේම කසල බැහැර කිරීමට දැනට ක‍්‍රියාත්මක හා ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘතීන්වලට පාරිසරික අනුමැතීන් ලබාදෙන ලෙසද මධ්‍යම පරිසර අධිකාරියට බලය පැවරීමටද තිරණය වී ඇත.

246 views