මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුනේ රසායනිකයක් කණු කන්දට ඉසීම නිසා..
April 18, 2017 at 12:09 am | lanka C news
මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේ කොළඹ නගර සභාව කුණු කන්දට ඉසින ලද රසායන ද්‍රව්‍යයක් නිසා යෑයි අවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
දැන් මාසයකට කලින් ගිනි නිවන හමුදාවේ බවුසර්වලින් ඇවිත් රසායන ද්‍රව්‍යයක් කුණු කන්දට ඉසිනු ලැබුවා. අපි ඒ ගැන ඇසූ විට කිව්වේ කුණු ඉක්මනින් දිරන්න බැක්ටීරියාවක් ඉසිනවා කියලා.
අපි කියන්නේ ඔය රසායන ද්‍රව්‍ය ඉසින්න එපා මේ කුණු කන්ද මෙතැනින් ඉවත් කරන ලෙසටයි. ඔය රසායන ද්‍රව්‍ය නිසා අපට මොන ලෙඩ බෝවෙයිද දන්නේ නැහැ යෑයි මීතොටමුල්ල කුණු කන්ද අවට ප්‍රදේශවාසීහු පැවසූහ.
මෙම රසායන ද්‍රව්‍ය පිළිබඳව කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතාගෙන් අපි විමසුවෙමු.
මීතොටමුල්ල කුණු කන්ද මතින් වහනය වන දුර්ගන්ධය නැතිව යන්නයි අපි එම රසායන ද්‍රව්‍යය ඉසිනු ලැබුවේ. එය අපි සිදු කළේ පර්යේෂණයක් විදිහටයි.
කුණු කන්ද නාය යැමට එම රසායන ද්‍රව්‍ය හේතුවූවා කියා කෙළින්ම කියන්න බැහැ.
පසුගිය දින කිහිපයේ මීතොටමුල්ල ප්‍රදේශයට මි.මී. 100 ක පමණ වැස්සක් ඇද හැළුණා. කුණු කන්ද අවට ප්‍රදේශයේ ජලය පිරී තිබුණා. නාය යැමට එය හේතු වුණා කියලා තමයි දැනට අප සැක කරන්නේ යෑයි නාගරික කොමසාරිස්වරයා අපගේ පැනයට පිළිතුරු ලෙසින් සඳහන් කළේය.
කොළඹ ගිනි නිවන හමුදාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ දැනට මාසයකට පමණ පෙර කොළඹ නගර සභාවෙන් ලද නියෝගයක් අනුව කුණු ඉක්මනින් දිරා යන බැක්ටිරියාවක් කුණු කන්දට ඉසිනු ලද බවය.
ජලය සහිත බවුසර් පනහක් පමණ ඒ සඳහා යොදාගත් බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
– දිවයින
Battle over who gets to burn waste
While many countries struggle to get rid of household waste, Norway cannot get enough of it – to run its waste-to-energy incinerator plants. Oslo even has to import waste.
මේ හැමදේකටම මුල අපේ කිසි උගත් කමක් නැති තක්කඩි දේශපාලුවන් නිසා
මිතොමුල්ල කුණුකන්දට වසවිස රතන රසායනික ද්‍රවයක් ඇතුල් කරලා…කන්ද නාය යෑමේ ඇත්ත මෙන්න ..
මිතොමුල්ල කුණුකන්දේ කොටසක් කඩා වැටිමට හේතු වි ඇත්තේ ඒම ප්‍රදේශයේ කිසියම් පුපුරන ද්‍රවයක් යොදවා කල පිපිරුමක් හේතුවෙන් බව දැනට අනාවරණය වි ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු පසුගියිදා කල අනාවරණය මේ වනවිට් තහවුරු වි තිබේ. අදාළ කුමන්ත්රණකාරී පිපුරුම පසුපස කිළීගේ අතකොලු මරික්කාර්ට අමතරව එජාපයේ බඩට ගසා මන්ත්‍රීකම අරගෙන පා.ච රණවකගේ ජනපති සිහිනය වෙනුවෙන් ජනතාව් ගොනාට අන්දවන චිවරධාරි වස විස ඇති අතුරලියේ රතන හිමිද සම්බන්ධ බවට අනාවරණය වි තිබේ.
http://www.sinhala.lnwtoday.com/archives/15658
හදිසියෙම කුනු කන්දට විරෝධය දක්වපු මරික්කාරුත් මෙම මිනීමැරුමට/ බිලි පූජාවට සම්බන්ධයි. විමල්ගෙ උපවාසයෙන් ඇහැරෙමින් සිටි සිංහලයන් යලි නිද්‍රාවට පත්කිරීමට මිත්‍යා දෘෂ්ටික නොපෙනෙන බලවේගයන්ට දුන් බිලි පූජාවක් මේ. මතකද ඉන්දියාවෙ බමුණෙක් ගෙන්නල දුන්න සාමසර කන්දෙ බිල්ල. යහපාලනය පසුපස සිටින්නේ යමරජුට සේවය කරන දේශීය විදේශීය පිරිසක්. බුද්ධ වචනයෙන් දමනය කරපු යම රජුට බුද්ධ ශ්‍රාවකයො බිලිදෙන්න සැදී පැහැදී ඉන්න කුජීත පුද්ගලයෙක් අතට රටේ බලය ලබුන.ඇනෝපිලස් පිස්සෙක් කියන්න කලින් ඉතිහාසය ගැන හොඳින් සිතා බලන්න.
නෑ.මං වගකීමෙන් කියනවා, විදේශික පරීක්ෂණවලින් සාක්කි සාධක ඇතුව තහවුරුවෙලා තියනවා කන්දෙන් මතුවුණේ රාජිතයගෙයි පුතාගෙයි කටේ ගඳ