මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුනේ ඇයි.. පුත්තලම කුණු බැහැර කිරීමේ ව්‍යාපෘතියට වූ අපරාධය..- ගෝටා හෙලි කරයි..

April 22, 2017 at 11:23 am | lanka C news
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුනේ ඇයි.. පුත්තලම කුණු බැහැර කිරීමේ ව්‍යාපෘතියට වූ අපරාධය..- ගෝටා හෙලි කරයි..

මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ කොළඹ කුණු විධිමත් ක‍්‍රමයකට පුත්තලමට බැහැර කිරීමට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ ව්‍යාපෘතිය අතරමග නවතා ව්‍යාපෘතිය භාරව සිටි ප‍්‍රධානියාද මාරුකර යැවීම බව ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසයි.

නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා විසින් කසළ බැහැර කිරීමට යෝජනා කර ඇති වෙනත් ව්‍යාපෘතියක් නිසා ඇති වූ විරසකයක් මත මීතොටමුල්ල ව්‍යාපෘතිය භාරව කටයුතු කල නිලධාරියා ඉවත් කර ඇතැයිද ඔහු පවසයි.

මූතොටමුල්ල කසල කන්නේ ඇති කසල දුම්රිය මගින් පුත්තලමේ හුනුගල් වළවල්වලට බැහැර කිරීමට ලෝක බැංකුව ආධාර මත වූ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම එකි නිලධාරියාට පැවරී තිබියදී මාරුකර යවා ඇත.

රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේ 2014 වසරේ දී මෙම ව්‍යාපෘතිය සදහා කැබිනට් අනුමැතියෙන් මුදල්ද වෙන් කර තිබූ බවයි.

15 views

8 Comments to “මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුනේ ඇයි.. පුත්තලම කුණු බැහැර කිරීමේ ව්‍යාපෘතියට වූ අපරාධය..- ගෝටා හෙලි කරයි..”

  1. Palitha says:

    Balaya thibba kale awshya wedata wada shobana wedane keruwe. Dan Wadi-Bana kiyanawa. hik. hikz…..!!!

    • Vichi says:

      Sri lankans such as you who have no gratitude and selfish, no point of doing anything. I think politicians have realized that. Just live the way you live.. that deserves for you, fourth world countrt.. hikz.. hukz..

    • බන්ඩය්යා says:

      නොදකිං තොගෙ මොලේ.

      • palitha says:

        Dear Mr. Vichy,Bandaiye,

        Gratitude is something else. It is there, But rather than spending tax payers money giving priority to “Shobana” Weda”, He should have been given priority to this. Go back to the history and see what really happened in the past.This problem begins with his and Sarath N Silva`s decisions.

        • බන්ඩය්යා says:

          We’re not talking about gratefulness to Rajapakses, on the contrary we’re talking about what they’ve done to the country during their rule. බොරු කතා නැතුව බලයට අැවිත් පළවන වසර දෙකහමාර තුල රාජපක්ෂලා පටන් ගත් වැඩ ලිස්ට් එක ලියන්න. ඊලඟට ‘යහපාලනය’ පටන් ගත් වැඩ ලිස්ට් එක ලියන්න. විකුනන් කන එක අැරෙන්න කරන වැඩක් නැහැ නේද? ණය කතා කියල උත්තර හදන්න එපා. මොකද රාජපක්ෂලා රට බාර ගන්නකොට රටේ ණය බර GDP යෙන් 101% ය්. ‘යහපාලනයට’ රට බාර දෙනකොට ණය බර 70%ය්.

        • බන්ඩය්යා says:

          පාලිත උන්නැහේ, කොලපාට කන්නඩි දාගෙන මොඩයෙක් වගේ කුණු කන්දෙ ඛේදවාචයෙ වැරැද්ද සරත් සිල්වා පිටේ පටවන්න එපා. කුණු අයිති නගර සභාවටය්. මීතොටමුල්ලට කුණු ගෙනියන්න අවසර ඉල්ලලා ශේෂ්ඨාධිකරණයෙ නඩුව දැම්මෙ 2008දී කොළඹ යූඒන්පී නගරාධිපති මුසාමිල් විසිනුය්. එකල මහින්ද රජයේ පරිසර අැමතියා පාච රණවක කුණු කන්ද උඩ ඉඳගෙන කිව්වෙ රටේම කුණු ප්‍රශ්ණය වසර දෙකක් තුල විසදනව කියලය්. කොළඹ නගර සභාව ඉල්ලුවේ කුණු වලට විසඳුමක් ගෙනෙනවා එතෙක් අවසර දෙන්න කියලය්. සිල්වාගෙ තීන්දුවෙන් අවසර දීල තියෙන්නෙ අක්කර දෙකක කුණු දමන්න පමනය්. අක්කර දහසයක කුණු කඳු ගොඩ නගන්න නෙවෙය්.

  2. Nevil says:

    Welcome our president mr gota all sri lanka waiting for you

  3. Nevil says:

    Welcome mr president gota all sri lankans waiting for you please give us develop country

Main News