මීතොටමුල්ල ඛේදවාචකයෙන් දෙමාපියන් අහිමි වූ අනුජ පුතු නාලන්දා විද්‍යාලයට..

May 10, 2017 at 8:02 am | lanka C news
මීතොටමුල්ල ඛේදවාචකයෙන් දෙමාපියන් අහිමි වූ අනුජ පුතු නාලන්දා විද්‍යාලයට..

මීතොටමුල්ල කසල කන්ද නාය යෑම හේතුවෙන් සිදු වූ ඛේදවාචකයෙන්  කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කීර්තිරත්න පෙරේරා මහතාගේ බිරිද, දියණිය, බෑණනුවන් සහ මිණිපිරිය යන සියල්ලන්ගේම දිවි අහිමි වෙද්දී මුණුපුරා වන අනුජ නෙත්සර සමග මෙලොව තනි වීමට සිදුවිය.

රජයක් යුතුකම විය යුත්තේ ස්වභාවික අනතුරක් හෝ අත්වැරැද්දක් නොවී ආපදාවට ලක් වූ අනුජ නෙත්සර දරුවාට හොදින් උගනීමට අවස්ථාව සලසා දී රටට වැඩදායි පුරවැසියකු කරලීමට අවශ්‍ය උපරිම දායකත්වය ලබා දීම වේ.

ඒ බව හොදින් අවබෝධ කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා විසින් අධ්‍යාපන ඇමතිතුමාට සිදු කරන ලද ඉල්ලීමකට අනුව අනුජ නෙත්සර පුතනුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා කොළඹ නාලන්ද විද්‍යාලයට ඇතුලත් කරලීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදී.

ඒ අනුව පාසලට ඇතුලත් කර ගැනීම ලිපිය අධ්‍යාපනය අමාත්‍යාංශයේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අතින් එම පුතනුවන්ට ලබා දීම අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කරන ලදී.

– මිනුර රෂාන්ත

74 views
Main News