කෑගල්ලේ කොරෝනා ඖෂධ වට්ටෝරුවට WHO අනුමැතිය ලැබී අවසන්.. හිටපු ආයුර්වේද කොමසාරිස් කියයි..

December 15, 2020 at 10:25 pm | lanka C news
කෑගල්ලේ කොරෝනා ඖෂධ වට්ටෝරුවට WHO අනුමැතිය ලැබී අවසන්.. හිටපු ආයුර්වේද කොමසාරිස් කියයි..

කොරෝනා මර්ධනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධ වට්ටෝරුව තමන් මීට පෙරද දැන සිටි බව බස්නාහිර හිටපු ආයුර්වේද කොමසාරිස් සහ රජයේ වෛද්‍ය රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කරයි.

වසර දෙදහසකට වඩා පැරණි ඖෂධ සංයෝගයන් සායනික පරික්ෂා කින් තොරව අනුමැතිය ලබාදීමට ලෝක සෞක්‍ය සංවිධානය විසින් ගෙන ඇති තීරණය මත එම සංයෝගයටද අනුමැතිය ලැබී ඇති බවත් ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක් සමගින් පැවති සාකච්චාවකට එක්වෙමිනි.

මීපැණි රත් කිරීමේදී විෂ වන්නේ යැයි ඇතැම් පුද්ගලයන් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍යයයි බවද පවසන ඔහු පෙන්වා දෙන්නේ යුනානි වෙද ක්‍රමයේ දී මී පැණි වල ගුණය ඉහළ දැමීම සඳහා රත් කරන බවයි.

නමුත් ආයුර්වේද වෙදකම තුළ මීපැණි රත් කිරීම තුළින් ගුණය අඩු වන බවට මතයක් ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙම වෛද්‍ය ක්‍රම දෙකම දේශීය වෛද්‍ය විද්‍යාලයේදී ඉගැන්වීම සිදු කරන බවත් එම ක්‍රම දෙකම රට තුළ සිදුකරන බවද ඔහු කියා සිටියේය.

ගුණය අඩු වැඩිවීම විෂ වීමක් ලෙස පෙන්වීමට ව්‍යාපාරිකයන් වීමෙන් පසු වෛද්‍යවරුන් බවට පත් වූ ඇතැමුන් උත්සාහ කිරීම හෙළා දකින ඔහු පැවසීය.

රත්කිරීමේදී මී පැණි විෂ වන්නේ යයි සිදු කරන ප්‍රකාශ අසත්‍ය යැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.

160,017 views

34 Comments to “කෑගල්ලේ කොරෝනා ඖෂධ වට්ටෝරුවට WHO අනුමැතිය ලැබී අවසන්.. හිටපු ආයුර්වේද කොමසාරිස් කියයි..”

  1. රනවීර says:

    WHO එකත් අනුමත කරලා තියෙන නිසා ලොකු කොමිස් මුදලක් තියාගෙන, ගිවිසුමක් ගහලා කොයි රටටද දැන් ඕක විකුනන්න හදන්නේ ?

    • Orpheus says:

      WHO Seal එක කොහෙද? වේද මහත්තයාගේ මූනේද, බෙහෙතේ විස්තර සහිත ලියුමකද? WHO Test කලේ කොහොමද දන්නේ නැහැ.

  2. Felix says:

    Me Miniha Pnesion Eka Bera Gannada Koheda, Liyala Dena Boru Okkoma Kiyawana… Ane Meheme Bath Balayek… Comasaris Wela Hitiya Kiyana Ekath Pudumai.

  3. pathma says:

    patta kuhaka boru karayek.

  4. Orpheus says:

    සාදික්ක ඉස්සර තිබුන එකම රට Banda දූපතෛ (ඉන්දුනීසියා ). ඒ කලේ වටිනාම කුළු බඩු වර්ගය. ඉන්දොනේසිය එකාදිකාරිය බිදින්ද , ඉංග්‍රීසි ජාතිකයෝ ලංකාවට සහ ඉන්දියාවට වගාව හදුන්වා දුන්නේ. ලංකාවේ සාදික්ක වගාවේ ඉතිහාසය වසර 200 ට අඩු බව අපි මතක තියා ගත යුතුය.
    අපි පොඩි දව වල සාදික්ක ලෙලි කෑව . ඇටයට අලී තියෙන රතු පට(නැත්නම් කහපාට) රේණු කන්ද එපා කියලා තිබුනේ. ඒ රේණු තමෛ , බට හිර රටවලට අපනයන කලේ. ඒවා ඉතාමත් සුළුවෙන් හැම් වගේ කෑම ටින් කරන්ඩ ඉස්සෙල්ල බාවිතා කරනවා. අපි සාදික්ක ඇට විසිකලා. රේණු වුනත් කන්ද දුන්නේ නැහැ, සර වැඩි කියල. මම දන්නා තරමට සාදික්ක ඇට විසි කලා. ලේසියෙන් පල වුනේ නැහැ. Vasara 1000 ganank Sadikka lankave minussu danagana hitiye naha. Eva genave Suddo vasra 200 vithra udsdee(19 vana siya vasare).Ita pera Sadikka thibune Indonesiayave BANDA dupathe vitharai. Vasara 2000 k kohomada? CORANA is only 1 year old.

Main News