මීලග ආණ්ඩුවේ නාමල්ට ප‍්‍රබල කැබිනට් ඇමති ධුරයක්..

February 8, 2020 at 1:20 pm | lanka C news
මීලග ආණ්ඩුවේ නාමල්ට ප‍්‍රබල කැබිනට් ඇමති ධුරයක්..

මීළඟ පාර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පිහිටුවන නව ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමැති ධුරයක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හිමිවනු ඇතැයි ඔහුගේ සමීපතමයන් පවසමින් සිටියි.

මෙවර පිහිටුවා ඇති ආණ්ඩුවේද ඇමති ධූරයට මන්ත‍්‍රීවරයා යෝජනා වුවද එය ඔහු විසින් ප්‍රතික්ෂේප කරන ලද බව මන්ත්‍රීවරයාට හිතවත් රාජ්‍ය ඇමැතිවරයෙකු විසින් මෑතකදී පවසා තිබිණි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරම්භක සාමාජිකයෙක් වන අතර ඒ අර්ථයෙන් එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්ද වෙයි.

නාමල් රාජපක්‍ෂ මහතාගේ බාප්පා ගෝටාභය රාජපක්‍ෂ මහතා මෙරට ජනාධිපති වන අතර පියා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වෙයි. මහප්පා වන චමල් රාජපක්‍ෂ මහතාද ප‍්‍රබල ඇමතිවරයෙකි.

30,204 Viewers

26 Comments to “මීලග ආණ්ඩුවේ නාමල්ට ප‍්‍රබල කැබිනට් ඇමති ධුරයක්..”

  1. Love nature says:

    පංච සීලය රකිනවා නම් පමණයි එය සහතික කල යුතුය

    • Love says:

      හොරකම සහ කාමය වරදවා හැසිරීම් තමා මෙයා කරපු වැරදි

  2. Eiffel says:

    ඕකට තමා පවුල් පාලනය කියන්නෙ…මිනිස්සු දැනගන්න ඕනා නොසුදුස්සන්ට ඡන්දෙ නොදී ඉන්න..

  3. රදාදාස says:

    මේ ගොන්පැටියට මොන ඇමතිකම්ද. එජ පාරක්
    මුන්ගෙ කෙරුවාවල් නිසා ආණ්ඩුවත් පෙරලුනා.

  4. Janaranjana says:

    නාමල්ට අනිවාර් යෙන්ම ඇමති දූරයක් හිමිවිය යුතුයි. නමුත් චමල් රාජපක්ශ මහත්තය දේශපාලනයෙන් සමුගත යුතුයි. මොකද බැසිල් මහත්තයට කැබිනට් ඇමති දූරයක් නිසැකයෙන්ම ලැබිය යුතුයි. එවිට එකම පවුලේ මෙතරම් ඇමති දූර සංක්‍යවක් දැරීම සදාචාරත්මක නොවිය විය හැක. එසේම ජනාධිපති තුමාට දැඩි විවේචන එල්ලවිය හැක.

  5. Sun says:

    He is really thousand miles away from Gotabaya’s thinking of politics and no clear vision of politics. May be related to the president but not the vision and qualities for the country my dear friends.

  6. EPF says:

    බේබි සොකරි බලන්න
    බැසිල් රැගුම් දකින්න
    EPF එකට කෙලව ගන්න
    කතිරේ ගහන්න

  7. Open mind says:

    2030 ට ඔහු සූදානම් කළයුතු යි. එතැන් සිට පිරිසිදු රටක් සඳහා පිරිසිදු නායකත්වයක්.

    • සිංහල බණ්ඩා says:

      2030 උබ වගේ හරක්ට නායකත්වය දෙන්න සූදානම් කරමු. ඔපන් බැක් සයිඩ් කියල දාගන්.

  8. ඩපයා says:

    මෙතුමා තමා අනාගතේ පොහොට්ටුව අවසන් කරන්නෙ

  9. හිටන්ගෙදර අප්පුහාමි says:

    කොහෙත්ම නොවිය යුතු දෙයක්. ඒ ඒ ශේස්ත්‍ර වල විශේෂිත දැනුම සහ පළපුරුද්ද ඇති වියත් මග උගතුන්ගෙන් කැබිනට් මණ්ඩලය හදමු. නාමල්ට තව කල්තියෙනවා රේස් පදින්න. චමල් වත් කැබිනට් එකෙන් අයින් කරානම් තමයි වඩා හොද.

  10. kawinda says:

    eka nam wenne nehe.. wenna dennath epa. onama nak raajya emathikamak dunnata waradak nehe. eth oya kiyana aakaaraye prabala amaathanshayaka nan newei. parisara ho wanajeevi nam hondai.

  11. විජේපාල says:

    බැසිල් බාප්පා සමග එකතුවී 2015 තම පියාගේ පරාජයට අතිවිශාල දායකත්වයක් දුන්නු පුතා.

  12. තම වැඩිහිටි රාජපක්ෂවරුන්ගේ බුද්ධිමත් නායකත්ව ආදර්ශයන් දෙස විමසුම් නුවන හෙළමින් එම වටිනාකම් තම
    ජීවිතයේද ආදර්ශයන් කොට ගනිමින් එම කීර්තිනාමයට හිමිවන අනාගත වගකීම් බාරගැනීමට ,දුර ගමනක් යාමට
    පුතුනි!ඔබට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා.

  13. aladin says:

    බලාගෙන යනකොට පවුලේ සැවොම එකතතුවෙලා පොහොට්ටුව හදල තියෙන්නේ නාමල් සර්ට ගොඩයන්න. කාලා වරෙල්ලකෝ! තව ටික දොහකින් අනික් දෙන්නත් ඕකෙම සාමාජිකත්වය අරන් ගොඩ යයී. නියමායී.

  14. cobra says:

    හේතුව පවුල් බලේද ? ඔහුට වඩා දක්ෂ පුද්ගලයින් දේශපාලනයේ සිටිනවා නේද ?

  15. Ab says:

    Oh boy not even god can help Gotabaya if this fellow be come a minister. He has no vision he is more like Sajith. If MR hoping that he becomes future president of Sri Lanka. Dream again. There are many talented young politicians are in the SLLp.

  16. Asa says:

    Kalinma kiyanna apitath vena athak balaganna

  17. Niru says:

    Nooo. He is an expert at nothing yet. One Rajapakse in cabinet is enough

  18. Disce ammata discede says:

    මේකෙ සමහර කොමෙන්ට් කරල තියෙන අය උපතින්ම PhD කාරයන් වගේ කතාව.
    නාමල් යනු ලංකා දේශපාලනයෙ පැහැදිලවම නිවැරැදි දෙසට දියුණු වන ප්‍රමුඛයා.
    2010 සිටි තරුණයා ට වඩා දැන් බොහෝ පරිණත බව පෙන්වනවා . ඒක නොපෙනෙන අයියලා බයිලා කියනවා .

  19. Sam Fernando says:

    OMG !! These people should get a side and let the talented and educated guys to help the prez lead the country in the correct direction. I do not think that he can do any difference. Country need innovative politicians who can make a change. What on earth has this man done in past regimes ?

  20. David Milli-banda says:

    NO position.
    Namal is still an immature apprentice in the political field.

    These are feelers for Gota……. Gota should not tolerate nor entertain.
    Namal is a nobody other than being a Rajapakshe.

  21. Parakum says:

    All Rajapakses got SKELETONS IN CUBBARDS, Head of the family has the title GODFATHER OF CORRUPTION.

Main News