මීලග ජනපති සටනට මහින්දගේ ආශීර්වාදයෙන් ගෝටාභය රාජපක්‍ෂ…

July 21, 2017 at 2:10 pm | lanka C news
මීලග ජනපති සටනට මහින්දගේ ආශීර්වාදයෙන් ගෝටාභය රාජපක්‍ෂ…

මීලග ජනාධිපතිවරණය සදහා ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඉදිරිපත් කරන්නේ ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ නෙත් ගුවන් විදුලිය සමග අදහස් පල කරමිනි.

2019 දී ජනාධිපති වීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරන බවත් එම තරගයට හොදම සුදුස්සා ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවත් පැවසූ මන්ත‍්‍රීවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ පූර්ණ ආශිර්වාදයෙන් ඔහු තරගයට පැමිණිය යුතු බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත් මෙය තම පුද්ගලික මතය බවද කී ඔහු අද වන විට රටේ බහුතරයක් සිටින්නේ එම මතයේම බවද සදහන් කලේය.

628 views
Main News