මීලග ජනාධිපතිවරණයටත් මෛත‍්‍රී.. එන්නේ දිනන්මයි.. 60% ක ඡන්ද පදනමක් දැනටත් අතේ..

May 3, 2018 at 11:20 am | lanka C news
මීලග ජනාධිපතිවරණයටත් මෛත‍්‍රී.. එන්නේ දිනන්මයි.. 60% ක ඡන්ද පදනමක් දැනටත් අතේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මීළඟ ජනාධිපති අපේක්ෂකයා වන්නේ ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් කවුරු කුමන කතා කීවත් මෙරට 60%ක ජනතාවගේ සියලු බලමුළු එකට එකතුකරගෙන එතුමා තරගයට එන්නේ පරාජය වන්න නොවන බවත් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ලබුදුව දක්ෂිණ පායේ පිහිටි ප්‍රධාන අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශාන් විජයලාල් ද සිල්වා මෙසේ ද කීය.

“ කවුරු ඉල්ලුවත් කවුරු අපේක්ෂා කළත් මීළඟට පැවැත්වන ප්‍රධානතම මැතිවරණය මහ මැතිවරණය නොව ජනාධිපතිවරණයයි. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ සභාපති ලෙස ඉදිරිපත් කෙරෙනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ ලබාගත් සමස්ත ඡන්ද පදනම 40%යි. 60%ක ඡන්ද පදනමක් ජනාධිපතිතුමා ප්‍රධාන යහපාලන කඳවුරේ තියෙනවා. සුළු ජාතීන්ගේ සහායත් ඒ තුළ තිබෙනවා.

ජනාධිපතිතුමා මෙවරද ජනාධිපතිවරණයට එන්නේ පරාජය වෙන්න නොවේ. එසේ පරාජය නොවෙන්න 60 ජනතාවගේ සියලු බලමුළු එකතුකිරීමේ ‍පොදු අපේක්ෂකයා වීම සඳහා ගත හැකි තීරණ තීන්දු හා පියවර ඉදිරි දිනවලදී දැකිය හැකිය.

කවුරුන් කුමන කතා කීවත් තවමත් ජනාධිපතිතුමාට ලබා දී තිබූ යහපාලන කඳවුරේ ජනතා සහාය එසේම තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ 40ට බැහැලා. ඒ නිසා ජනාධිපතිතුමා මෙවර ජනාධිපතිවරණයට එන්නේ නව වැඩපිළිවළකින් ඇති වූ දුර්වලතා යන ගැටලු සහගත තත්ත්වයන් නිරාකරණය කර ගෙනයි.”

නව කැබිනට් සංශෝධනයද සිදුකළේ ඉදිරි පාලන තන්ත්‍රය නිවැරදි කර බලා‍පොරොත්තු වූ ඉලක්ක කරා යමින් ජනතාවත් රටත් ඉදිරියට රැගෙන යාමට යැයිද මහ ඇමැතිවරයා පැවැසීය.

– lakbima

143 views
Main News