මීලග ජනාධිපතිවරණයට තරග කරන්නට ජනාධිපති මෛත‍්‍රී ප‍්‍රතිපත්තිමය තීරණයක් ගනී..

May 21, 2018 at 10:31 pm | lanka C news
මීලග ජනාධිපතිවරණයට තරග කරන්නට ජනාධිපති මෛත‍්‍රී ප‍්‍රතිපත්තිමය තීරණයක් ගනී..

ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා සදහන් කරයි.

මව්බිම පුවත්පත හා අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කර ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ යයි පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ එවකට ඔහු නිර්පාක්ෂිකව සිටි නිසා යයිද පවසන මහ ඇමතිවරයා දැන් ඔහු ශ‍්‍රිලනිප සභාපතිවරයාද වන නිසා මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයිද මහ ඇමතිවරයා කියයි.

මීලග ජනාධපතිවරණයට මෛත‍්‍රීපාල සිරිසේන මහතා තරග වැදිය යුතු යයි ශ‍්‍රීලනිපයේ ස්ථාවරය නිසා ජනවාරි 08 මතය දරන්නට ජනාධිපතිවරයාට නොහැකි නිසා මෙම ප‍්‍රතිපත්තිමය තීරණය ගෙන ඇති බ වද ඔහු සදහන් කරයි.

59 views