මීලග ජනාධිපතිවරණයට බැසිල් බව පොහොට්ටුව නිල වශයෙන් කියයි…
March 12, 2021 at 9:20 am | lanka C news
2024දී පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන්නේ නම් සහ මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් වීමටත් නොහැකි නිසා ඊට සුදුසුම පුද්ගලයා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා මේ බව පැවසීය.
කෙසේ වෙතත් ගෝටාභය රාජපක්ෂ මහතාට තවදුරටත් ජනාධිපතිධුරයේ සිටින්නැයි මෙරට ජනතාව එදා සේම ඉල්ලා සිටිනු ඇතැයි ද පැවසූ ඔහු විවිධ ප්‍රකාශ කර පොහොට්ටුව විනාශ කරන්න හදන අයගේ සිහින සැබෑ නොවන බවද සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ඉදිරිපත් නොවන්නේ නම් සියලු පක්ෂ එක් කරගෙන රටේ ජනතාවට සේවය කළ හැකි බුද්ධිමත් නායකයෙක් සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා පමණක් යැයිද ඔහු කියා සිටියේය.
බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට එනවාට අකමැති අය මඩ ගසන බවත් එනමුත් ඔහුට හෝ පොහොට්ටුව වැට්වවීමට කිසිදු පුළුවන්කමක් නැති බවත් මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.
Lost of that UNP has not a single members of Parliment is great set back to local recatinorty politics in Island .
Indeed UNP is/was of enemy number of People that political party being wipe out from majority voters was correct and Right verdict by people of all Sri Lankan.
Which is created that Lanka political platform demand by new Path and shape of new culture of norms of governances of nation Democracy. We are slowly moving forward by leadership of Gotabaya Rajapaksa as President of Island.
මල්වානෙද නවචින්නෙ පල්හොරා වරෙල්ල උඹල එනකම් ඉන්නෙ
Minorities Prefers Basil more than any Rajapaksha”s
AYE NAM RAJAPAKSHALA EPA. dan nam epaaaaaaaaaaa wela thiyenne