මීලග ජනාධිපතිවරණයට මහින්ද තරග කලොත් තුන් අවුරුද්දක් හිරේ..- ආණ්ඩුව කියයි.. [Video]

August 19, 2018 at 10:52 pm | lanka C news
මීලග ජනාධිපතිවරණයට මහින්ද තරග කලොත් තුන් අවුරුද්දක් හිරේ..- ආණ්ඩුව කියයි.. [Video]

ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණ මැතිවරණයක් සඳහා නුසුදුසු වූ නාම යෝජනාවක් ඉදිරිපත් කළහොත් ඔහුට වසර තුන දක්වා වූ සිරදඩුවමක් නියම කළ හැකි බව ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේය නුගේගොඩ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

ජනාධිපතිධූරයට දෙවරක් තරග කල පුද්ගලයෙකුට තෙවැනි වතාවට ඒ සඳහා ඉල්ලීමක් සිදු කරන්නේ නම් ඔහු දිවුරුම් ප‍්‍රකාශයක් දිය යුතු යැයි ද කී ඔහු එය අසත්‍ය වුවහොත් මෙම දඬුවමට යටත් වන බව ද සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැකි ජනාධිපතිවරයා පමණක් බවත් එක් එක් පුද්ගලයාට පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය මතය විමසිය නොහැකි බවත් ඇමතිවරයා පැවසීය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති වීමට බාධාවක් නැතැයි ඇමති වරයා කියූ විට මාධ්‍ය විමසා සිටියේ එවන් අවස්ථාවක වැඩබලන ජනාධිපති වීමට ඔහුට බාධාවක් නැතිද යනුවෙනි.

ඊට පැහැදිලි පිලිතුරක් නොවූ ඇමතිවරයා කියා සිටියේ ‘ඒක නම් පොඩ්ඩක් බලන්න ඔ්න’ යනුවෙනි.

170 views

17 Comments to “මීලග ජනාධිපතිවරණයට මහින්ද තරග කලොත් තුන් අවුරුද්දක් හිරේ..- ආණ්ඩුව කියයි.. [Video]”

  1. parakum says:

    He is PUNCH DRUNK with GRRED FOR POWER!

  2. King says:

    මේ හාදය මේපාර ඇමැතිකම ගත්තෙ දැන්ඉන්න ජනාධිපතිට කම්බුරල නිසා මේ වැඩේ කරන එක ගැන කලබල වෙන්න දෙයක් නහැ

  3. Dushantha says:

    මෙයත් මේ ගවපාලනේටම තමයි හරියන්නෙ. ටික කාලෙකට ඉස්සර ඈමති කම නෑති කරපු එකේ තරහට කෑ ගෑහුවනෙ හම්බන්තොට වරාය විකුනපු එක නීති විරෝධියි උසාවි ගියින් ඒක අවලන්ගු කරනවා කියලා. ඈමති කමක් හම්බ වෙච්ච ගමන් දෑන් සද්ද නෑ.

Main News