මීලග ජනාධිපතිවරණයේදී අපට පහසුවෙන්ම පරාජය කල හැකි අපේක්‍ෂකයා ගෝටාභයයි..

April 13, 2018 at 3:50 pm | lanka C news
මීලග ජනාධිපතිවරණයේදී අපට පහසුවෙන්ම පරාජය කල හැකි අපේක්‍ෂකයා ගෝටාභයයි..

මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා තරග වදින්නේ නම් ඔහුව ඉතා පහසුවෙන් පරාජය කළ හැකි යයි ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍යවේදීන් පිරිසක් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දීය.

2020 ජනාධිපතිවරණයට ගෝටාභය ඉදිරිපත් වන්නේ නම් පරදවන්න හැකි හොදම අපේක්‍ෂකයා ඔහු බවද ඇමතිවරයා කීය.

ගෝටාභය රාජපක්‍ෂට සුලු ජාතික ඡන්ද කිසිවක් නොලැබෙන බවත් සිංහල ජන්ද පමණක් ලැබෙනු ඇති බවත් ඇමතිවරයා වැඩි දුරටත් කීය.

195 views
Main News