මීලග ජනාධිපතිවරණය 2019 දෙසැම්බරයේ.. මෛත‍්‍රී තරග කර දිනනවා.. 2020 වි‍්‍රශාම නොයන බව කීවේ ජනාධිපතිවරණයට එන නිසයි..

May 13, 2018 at 10:40 am | lanka C news
මීලග ජනාධිපතිවරණය 2019 දෙසැම්බරයේ.. මෛත‍්‍රී තරග කර දිනනවා.. 2020 වි‍්‍රශාම නොයන බව කීවේ ජනාධිපතිවරණයට එන නිසයි..

තමා දේශපාලනයට පැමිණ අවුරුදු 27 ක් ගත වන බවත් එම කාලය පුරාවට ජනතාව අප කෙරෙහි විශ්වාසය තැබූයේ එක් පක්ෂයක් තුළ සිටිමින් කටයුතු කළ නිසා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයට යාමේ කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවත් එසේම පොහොට්ටුවට යාමේ බලාපොරොත්තුවක්ද නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට කටයුතු කරන බව ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩු සෑදීමේ හැකියාව පවතින බවත් 2020 විශ්‍රාම නොයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවත් එතුමා ඉදිරිපත් වන්නේ ඉදිරි ජනාධිපතිවරණයට බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසීය.

“සමරවිට නැවත එතුමා පොදු අපේක්ශකයෙක් වෙන්නත් පුලුවන්. සිංහල දෙමළ මුස්ලිම් ආදී සියලු ජන කොටස්වල විශ්වාසට දිනාගත හැකි එකම නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තව දෙයක් පොහොටිටුවෙ කටිටියට මතක් කරලා දෙන්න ඔන රනිල් අගමැතිතුමාට එරෙහිව ආපු විශ්වාසබංගයෙදි එතුමා සමග පාර්ලිමෙන්තුවෙ බහුතරය ඉන්නවා කියලා ඔප්පු කරා.ඒ වගේම අද වැඩ කරද්දි ලොකු නිදහසක් තියෙනවා පහුගිය කාලේනමි මගේ අමාත්‍යංශයට අනවශ්‍ය දේශාපලන බලපෑමි එමටයි.”

ඇමතිවරයා මෙ බව පැවසුවෙ ඊයෙ දින මුල්කිරිගල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි

– මහේන් රනවීර

98 views

11 Comments to “මීලග ජනාධිපතිවරණය 2019 දෙසැම්බරයේ.. මෛත‍්‍රී තරග කර දිනනවා.. 2020 වි‍්‍රශාම නොයන බව කීවේ ජනාධිපතිවරණයට එන නිසයි..”

  1. JABA says:

    dubalayo raja unama ohoma thamai.

Main News