මීලග ජනාධිපති අපේක්‍ෂකත්වයට ජනාධිපතිගේ පුත‍්‍රයා..? 20 ගේන්නේ ඒ වෙනුවෙන්..? – නලින් බණ්ඩාර හෙලිදරවුවක..

September 21, 2020 at 10:01 pm | lanka C news
මීලග ජනාධිපති අපේක්‍ෂකත්වයට ජනාධිපතිගේ පුත‍්‍රයා..? 20 ගේන්නේ ඒ වෙනුවෙන්..? – නලින් බණ්ඩාර හෙලිදරවුවක..

20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත රාජපක්ෂ පවුලට නොව ගෝඨාභය රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන ගෙන ආ එකක් දැයි සැක හිතන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ද්විත්ව පුරවැසිභාවයට තිබූ බාධා අහෝසි කරමින් ජනාධිපතිගේ වයස් සීමාව 30 දක්වා අඩු කරන්නේ නාමල් රාජපක්ෂ වෙනුවෙන් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

බොහෝ විට ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා ඉලක්ක කරගෙන විය හැති බවත් ඇතැම් විට ඊළඟ ජනාධිපතිවරනයේදී අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා ඉදිරිපත් කරන්නේ දැයි සැක සහිත බව ද ඔහු කියා සිටියේය.

සමගි ජන බලවේගය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

20 සංශෝධනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුවේ වාර්තාව කුණු කූඩයට විසි කර ඇති බවත් පැවසූ ඔහු මෙම සංශෝධනය ගැන ජනාධිපති සහ අගමැතිට එකගතාවයකට ඒමට නොහැකිනම් එය ඉදිරියට ගෙන යන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් ඇතැයිද කියා සිටියේය.

46,488 views

29 Comments to “මීලග ජනාධිපති අපේක්‍ෂකත්වයට ජනාධිපතිගේ පුත‍්‍රයා..? 20 ගේන්නේ ඒ වෙනුවෙන්..? – නලින් බණ්ඩාර හෙලිදරවුවක..”

  1. Viveka says:

    Mun rata rata kudu gahana ada manda users me cagey mol Katha kiyanne. Anika e vage kenekuta ape rate minissu chande deviya..mechchra kala hitapu Namak kumarayatath sahena fight ekak denna venava kavada Hari ape hith Dina yanna. Me lokewath hitiye nathi yakekuta janadipathi karavanna ape minissunta e tharamma pissu naha.

  2. Charith says:

    ගෝටගෙ පුතාට 38 යි.
    ද්විත්ව පුරවැසි නම් බැසිල් හින්ද.

  3. Duka says:

    තොපි වගේ කසිපුවෝ පාර්ලිමේන්තු එනවාට වැඩිය ගොඩක් හොදයි.

  4. Priyankara says:

    UNP/SJB karayanta kiyanna dewal nathi unama ,mokak hari Joke kathawak kiyanawa. Yako ratata wada dayaka deyak kiyapallako niksn jokes nokara

Main News