මීලග ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී වුණාට ප්‍රශ්ණයක් නෑ.. ඔහුට වැඩ කරන්න සූදානම්..- බැසිල් පොහොට්ටුවේ ප්‍රතිපත්තිය කියයි..
March 13, 2019 at 10:08 pm | lanka C news
මීලග ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කලද ප්‍රශ්ණයක් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
එම ජනාධිපතිවරණයේදී රාජපක්ෂ වරයෙක් නොවන කෙනෙක් නම් කලද එම අපේක්ෂකයා වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් යයිද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
කෙසේ වෙතත් අපේක්ෂකයා කවුරුන් වුවද ඔහු එම ජනාධිපතිවරණය ජයගත හැකි පුද්ගලයෙක් විය යුතු යයිද ඒ මහතා පැවසීය.
‘ගම සමග පිලිසදරක්’ නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සකස් කරමින් ඇති එම පක්ෂ ප්‍රතිපත්ති ප්රකාශණය ගැන දැනුවත් කිරීමට එම මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වන නව සන්ධානයක් සම්බන්ධයෙන් නිල වශයෙන් වන සාකච්චා හෙට දිනයේ දෙපාර්ශවයේ නියෝජිතයන් අතර සිදුවන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
Good attempt by Basil to balance the SLFP dreamers who can not think otherwise than Sirisena becoming the President again.
But the fact is an independent candidate will win if Sirisena is chosen as the candidate from the Pohottuwa.
What is the justification to bring Sirisena again as the presidential candidate as he has proved to be a miserable failure.
Rathgama MC ගෙ අදහස සම්පූර්ණයෙන්ම යථාර්තවාදී බව මගේ අදහසයි. මොකෙන් ආවත් සිරිසේනට දේශපාලන අනාගතයක් නැහැ……නිකම් පණ්ඩිතකම් දෙඩුවට ඔහුට පැහැදිළි දර්ශනයක් නැති බව ඔහු කළ කී සෑම දෙයකින්ම ඔප්පුවුණා.
මෛත්‍රි ඉල්ලුවොත් රනිල් ජනාධිපති වෙන එක නවත්තන්න බැහැ.
ඇති යංතං අපේ ගුරුතුමා වන නලින් ද සිල්වා ඇදුරුතුමාට දැන්වත් නින්ද යයි