මීලග ජනාධිපති අපේක්‍ෂිකාව ශිරන්ති රාජපක්‍ෂමයි.. ගෝටාට මහින්ද දෙන්නේ නෑ.. ගෝටා ආවොත් මහින්ද-නාමල් ඉවරයි..

April 7, 2019 at 9:20 am | lanka C news
මීලග ජනාධිපති අපේක්‍ෂිකාව ශිරන්ති රාජපක්‍ෂමයි.. ගෝටාට මහින්ද දෙන්නේ නෑ.. ගෝටා ආවොත් මහින්ද-නාමල් ඉවරයි..

මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස ගෝටාභය රාජපක්‍ෂ මහතා පත් කලහොත් ඉන් එහාට දේශපාලන කේන්ද‍්‍රය බවට ගෝටාභය රාජපක්‍ෂ මහතා නිතැතින්ම පත්ව මහින්ද රාජපෙක්‍ෂ මහතාගේ දේශපාලනය අවසන් වන බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

එනිසා මහින්ද විසින් මේ දිනවල සිදු කරමින් සිටින්නේ ගෝටාභය ‘මාරුවෙන් මාරුවට උස්සනවා.. පොලොවේ ගහනවා’ වැනි කටයුත්තක් යයිද ඔහු කියා සිටියේය.

එනිසා මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස පත් කිරීම කිසිසේත්ම සිදු නොකරනු ඇති බවත් ශිරන්ති රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂිකාව ලෙස නම් කරනු ඇතැයි තමනට දැඩි විශ්වාසයක් ඇති බවත් ඔහු තව දුරත් පැවසීය.

ලාල් කාන්ත මහතා මෑතකදී බීමතින් රිය අනතුරක් කිරීම හේතුවෙන් රක්‍ෂිත බන්ධනාගාරගතවද සිටියේය.

69 views

26 Comments to “මීලග ජනාධිපති අපේක්‍ෂිකාව ශිරන්ති රාජපක්‍ෂමයි.. ගෝටාට මහින්ද දෙන්නේ නෑ.. ගෝටා ආවොත් මහින්ද-නාමල් ඉවරයි..”

  1. Raji says:

    Mu ayeth awill. den minissunta amathaka wela athi kiyala athi. pahugiya tike penna hitiye nette.

Main News