මීලග ජනාධිපති කවුරු වුණත් එජාපය පරදවන පුළුල් බලවේගයක් ඔ්නෑ..- මහින්ද-බැසිල් වේදිකාවේ තබාගෙන ජනපති කියයි..

February 18, 2019 at 10:40 am | lanka C news
මීලග ජනාධිපති කවුරු වුණත් එජාපය පරදවන පුළුල් බලවේගයක් ඔ්නෑ..- මහින්ද-බැසිල් වේදිකාවේ තබාගෙන ජනපති කියයි..

රටේ හෙට දවස වෙනුවෙන් අලුත් ආණ්ඩුවක් සහ අලුත් වැඩපිළිවෙළකට සුදුසු නව ජාතික පුළුල් බලවේගයක් බිහිකර ගැනීම ප‍්‍රගතිශීලි මෙන්ම රටට ආදරය කරන සෑම දේශපේ‍්‍රමියෙකුගේම අද දවසේ වගකීම වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ (17) කොළඹ නගර ශාලාවේ පැවති මහජන එක්සත් පෙරමුණේ 22 වන වාර්ෂික මහා සමුළුවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි.

මෙම වසර ස්ථීර වශයෙන්ම අලුත් ආණ්ඩුවක් හදන වසරක් බවත් එම අලුත් ආණ්ඩුව අන්ත දක්ෂිණාංශික බලවේගයකට ලබා දෙනවා ද, රටට ආදරය කරන සහ රටේ ප‍්‍රශ්න හඳුනාගත් මෙන්ම රටේ හෙට දවස වෙනුවෙන් වඩා සුදුසු අණ්ඩුවක් බිහිකර ගන්නවා ද යන්න සියලුදෙනා හෘද සාක්ෂියෙන් විමසිය යුතුව ඇති බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.
එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේ අද එක්සත් ජාතික පක්ෂය මෙහෙයවමින් සිටින්නේ එහි නායකත්වය විසින් නොවන බවයි.

එබැවින් රටට හිතකර සහ රටට අවශ්‍ය අලුත් ආණ්ඩුවක් මෘතෘ භූමියේ හෙට දවසේ අවශ්‍යතාවය බව අවධාරණය කළ ජනාධිපතිතුමා පුළුල් ජාතික සන්ධානයකින් තොරව එම ජයග‍්‍රහණය ලැබිය නොහැකි බව ද කියා සිටියේය.

රට මුහුණදී ඇති දැවැන්ත ණය බරින් රට නිදහස් කර ගනිමින් රටට ආර්ථික සමෘද්ධිය ඇති කිරීම සහ ජනතා සිතුම් පැතුම් මල් ඵල ගැන්වීම වෙනුවෙන් යුගයේ අවශ්‍යතාවයක්ව ඇති එම නව ජාතික පුළුල් සන්ධානය බිහිකර ගැනීම වෙනුවෙන් රටට ආදරය කරන සියලු බලවේග එකට එක්විය යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.

මහජන සිතුම් පැතුම් ඉටුකර ගැනීම වෙනුවෙන් පුළුල් ජාතික අරගලයක නිරත වූ ඓතිහාසික දේශපාලන පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ ගමන් මග ද මෙහි දී ජනාධිපතිතුමා කෘතවේදීව සිහිපත් කළේය.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් වහන්සේ ද, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එහි සාමාජික සාමාජිකවන් ද , බැසිල් රාජපක්ෂ, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ශ‍්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් සහ නියෝජිතයන් ද, විදෙස් තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මහජන එක්සත් පෙරමුණේ 22 වන සමු`එව අමතා ගරු ජනාධිපතිතුමා කළ කතාව
2019-02-17 දින කොළඹ නව නගර ශාලාව

මේ රටේ පොදු මහජනතාවගේ සිතුම් පැතුම් සහ අරමුණු ඉටුකර ගැනීම ස`දහා පු`එල් ජනතා අරගලයක නිරතවන මහජන එක්සත් පෙරමුණේ 22 වන පාක්ෂික සමුඑවට සහභාගීවීමට ලැබීම ගැන මම සතුටට පත්වෙනවා. එසේම ඒ ස`දහා මා වෙත ආරාධනා කළ දිනේෂ් ගුණවර්ධන මැතිතුමාටත් විධායක සභාව ඇතු`එ සියලූ දෙනාට මගේ ස්තූතිය පිරිනමනවා. මේ රටේ සිදුවූ සමාජ, ආර්ථික, දේශපාලනික පෙරළිය ස`දහා මහජන එක්සත් පෙරමුණ සිය දීර්ඝ කාලීන ඉතිහාසය තුළ, එක් එක් අවස්ථාවල දී සිය යුග මෙහෙවර කොතෙක් දුරට ඉටුකළා ද කියන කාරණය ඔබ දන්නවා. අද වගේ දවසක මහජන එක්සත් පෙරමුණ බිහිකළ මේ රටේ වාමාංශික ප‍්‍රගතිශීලී ව්‍යාපාරයේ මාක්ස්වාදී ශ්‍රේෂ්ට නායකයෙක් විදියට ගරු පිලිප් ගුණවර්ධන මැතිතුමා අපට අමතක කරන්න පු`එවන්කමක් නැහැ. එතුමා රට වෙනුවෙන් කළ සේවය අපි සිහිපත් කරන්නට ඕනෑ.

බි‍්‍රතාන්‍ය පාලන කාලය තුළ දී සිරගෙවල්වල දුක් වි`ද මේ රටින් පැනලා ගිහින් ඉන්දීය සිරභාරයේ ඉ`දලා කටුක දේශපාලන අත්දැකීම් සමග ඔහු සිය යුග මෙහෙවර ඉටු කළ ශ්‍රේෂ්ට නායකයෙක්. කීර්තිමත් ඉතිහාසයක් තිබෙන මහජන එක්සත් පෙරමුණේ පාක්ෂික සමු`එව පවත්වන අවස්ථාවේ මම අහගෙන හිටියා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ දේශනය. ඒ වගේම ඊට පෙර තිබූ පුංචි ප‍්‍රකාශනයේ තියෙනවා අපි පතන අනාගතය, අලූත් ආණ්ඩුවකට අලූත් වැඩපිළිවෙළක් කියලා. අලූත් වැඩපිළිවෙළක් කියන දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ යෝජනාව ඒ ආකාරයෙන්ම සිදුවිය යුතුයි කියාත් මා ඊට සහයෝගය දෙන බවත් මම ඒ යෝජනාව ස්ථීර කරනවා කියන එක කියන්න ඕනෑ.

අපිට අලූත් ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ඇයි. අපිට අලූත් වැඩපිළිවෙළක් අවශ්‍ය වන්නේ ඇයි. අලූත් ආණ්ඩුවකට අලූත් වැඩපිළිවෙළකට පදනම ඇති වන්නේ කෙසේද කියලා විමසා බැලිය යුතු වෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය 51 වසරේ බිහිවෙලා 52 වසරේ පළමු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා, ආසන 9 ක් ජයග‍්‍රහණය කරලා, ඉන් පසුව 56 වසරේ මහ මැතිවරණයේ දී මහජන එක්සත් පෙරමුණ සමගි සන්ධානය බිහිකරනු ලැබුවා. එදා බණ්ඩාරනායක මැතිතුමන්ලාගේ පිලිප් ගුණවර්ධන මැතිතුමන්ලාගේ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව මේ රටේ පළමු සන්ධාන ආණ්ඩුව විදියටයි අපි දකින්නේ. වාම ප‍්‍රගතිශීලී දේශපාලන බලවේගවල විශේෂයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහය ශක්තිමත් කිරීමේ දී දේශීයත්වය, ජාතිකවත්වය, දේශජබව ශක්තිමක් කරන පු`එල් පදනමක් සහිත ජාතික ආණ්ඩුවක් තමයි 56 ආණ්ඩුව කියන්නේ. දේශපාලන ප‍්‍රවාහයකට වඩා සංස්කෘතික ප‍්‍රවාහයක්. සංස්කෘතික බලවේගයක්.

48 වසරේ යටත්විජිතවාදයෙන් නිදහස ලබා ගත් අපි 55, 56 තෙක්ම රටේ ජනතාව බලා සිටි අපේ උරුමය, දේශීයත්වය. සංස්කෘතික වටිනාකම්, ගමේ පන්සල, ගමේ වෙද මහත්තයා, ගුරුවරයා, ගොවියා, කම්කරුවා, පීඩිතයා මේ සියලූදෙනාට අවශ්‍ය පරිපාලන වෙනස්කම්, රාජ්‍ය පාලනයේ වෙනස්කම්, සංවර්ධනයේ වෙනස්කම්, තුළ ඒ සෑම අංශ එකමුතුවකින් සංස්කෘතික බලවේගයන් ගොඩ නැගුණා. ඒ නිසා 56 ආණ්ඩුව කියන්නේ මම දකින විදියට දේශපාලන ප‍්‍රවාහයක් නෙවෙයි. 56 ආණ්ඩුව කියන්නේ සංස්කෘතික බලවේගවල කේන්ද්‍රස්ථානයක් වෙලා ගොඩනැගුණු පු`එල් ජාතික බලවේගයක්. එහෙම තමයි සිය යුග මෙහෙවර ඉටුකරනු ලැබුවේ. 56 මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුව හදන්න, එදා පොත පත කියෙව්වහම, එදා හැන්සාඞ් බැලූවොත් 56, 57 කාලය තුළ එදා නායකයෝ මොනතරම් අමාරුවකින් ද ඒ පෙරමුණු ආණ්ඩුව හැදුවේ කියලා හොයලා බලන්න පු`එවන්. මම ඒ ගැන කියවලා තියෙනවා. 64 බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව කාලේ ලේක්හවුස් පනත නිසා ඒ ආණ්ඩුව කඩාගෙන වැටුණා. එහෙම වුණේ ඇයි. මගේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කය නියෝජනය කළ සී.පී. ද සිල්වා මැතිතුමා එදා කිව්වා සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ එක්ක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පළවෙනි වරට එක`ගතාවයෙන් පෙරමුණ හදාගන්න කොට සිරිමා මාක්ස්වාදීන්ට රට දෙන්න යනවා කියලා තමයි සී.පී. ද සිල්වා මැතිතුමා ඇතු`එ 11 දෙනෙක් ආණ්ඩුවෙන් එළියට ඇවිත් ලේක්හවුස් පනත පරාජය කරලා ආණ්ඩුව පරාජය කළේ. ඒක තමයි එතන ඉතිහාසය. එහිදී ත් සිදුවුණේ කුමක්ද. ප‍්‍රධාන වශයෙන්ම වාම ප‍්‍රගතිශීලී බලවේග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එකතුවෙන කොට පක්ෂ තුළම පිරිසක් ඒකට විරුද්ධව හිටියා. එහි අනියම් ප‍්‍රතිපලය වුණේ 65 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහිවෙච්ච එක.

70 දී ආණ්ඩුව තමුන්නාන්සේලා දන්නවා සමගි පෙරමුණ ආණ්ඩුව කොහොමද හැදුනේ කියලා. 77 දී පරාද වුණේ ඇයි කියන කාරණාව තමුන්නාන්සේලා වැඩිහිටියන් විශේෂයෙන් දන්නවා. 75 සමසමාජ පක්ෂය ඉවත්වීමත් ඒ වගේම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අරගල අනුර බණ්ඩාරනායක මැතිතුමා එක පැත්තක. සුනේත‍්‍රා බණ්ඩාරනායක මැතිනිය තවත් පැත්තක. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය තවත් පැත්තක. ජනවේගය, අද පත්තරය, මේවා එදා ආණ්ඩුව බරපතල අභ්‍යන්තර ආරවුලක් බවට පත් වුණා. අවසානයේ ප‍්‍රතිඵල වුණේ ජේ.ආර්.ජයවර්ධන මහතාට හයෙන් පහට බලයක් ලැබීමයි. හයෙන් පහක බලයක් ලැබුණේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ දක්ෂකමටවත් එක්සත් ජාතික පක්ෂයේ දක්ෂකමටවත් නොවෙයි ශී‍්‍ර ලංකා සමසමාජ කොමියුනිට් පක්ෂවල ඇති වෙච්ච අසමගිය තුළ ඒ කඩා වැටීම නිසා තමා හයෙන් පහක ජයග‍්‍රහණය හම්බ වුණේ.
ඉන්පසු 80 ගණන්වල ජනමත විචාරණ, ජනාධිපති ඡුන්ද මේවාට එරෙහිව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, සමසමාජ පක්ෂය, කොමියුනිස්ටි පක්ෂය, මහජන එක්සත් පෙරමුණ තවත් වාම ප‍්‍රගතිශීලි දේශපාලන පක්ෂ අපි පෙරමුණු කොච්චර හැදුවා ද? අපි ඊළ`ගට 94 සමගි පෙරමුණ පොදුජන එක්සත් පෙරමුණ හදලා පුටුව ලකුණන් තරග කෙරුවා. පුටුව ලකුණනින් අපි තරග කරලා අපිට පුළුවන්කම ලැබුණේ ඒ සියලූ දෙනාත් එදා එකතු වෙලා මේ තිබුණ මැතිවරණ ක‍්‍රමයත් එක්ක පොදුජන එක්සත් පෙරමුණට අපිට ගන්න පුළුවන් වුණේ පාර්ලිමේන්තුවේ වැඩිපුර එක ආසනයක් විතරයි. එක ආසනයකින් තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය 94 ඉ`දලා 2000 දක්වා ගමන් කළේ.

ඊළ`ග මේ රටේ ඓතිහාසික සන්ධානය තමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ සන්ධානය. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ සංධානය බිහි කිරීම තමා මේ රටේ මම දන්න විදියට ඉතා අසීරු, අමාරුම සන්ධානය බවට පත්වුණේ.

එදා ජනතා විමුක්ති පෙරමුණයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි එකතු කරලා ගොඩනගපු සන්ධානය ගැන ඔබතුමාලා දන්නවා. පසුගිය අවුරුදු කිහිපයම 2004 ඉදලාම ඒ විදිහයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය හදන්න එදා ජනතා විමුක්ති පෙරමුණයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි සාකච්ජා කරන විට කවුද එකට තදින්ම විරැුද්ධ වුණේ. ඒකට තදින්ම විරැුද්ධ වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ දරුවෝ දෙන්නා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ දරුවෝ දෙන්නා තමයි කියන්නේ අපේ තාත්තා මරපු නායකයොත් එක්ක අපේ තාත්තා මරපු පක්ෂයත් එක්ක අම්මා එකතු වෙන්න හදන්නේ කියලා. සන්ධාන හැදීමේ ඉතිහාසය තුළ හැමවේලේම අසීරුතා අමාරුකම් තිබෙන්නේ. නමුත් සන්ධානය වලින් තොරව කිසිම වේලාවක මේ රටේ පුළුල් ජාතික බලවේගයක් ගොඩ නගලා නැහැ. සන්ධානයකින් තොරව මේ රටේ අන්ත දක්ෂිණාන්සික දේශපාලනය කිසිම තැනක ඉතිහාසයේ පරද්දලා නැහැ කියන එක මම බොහොම පැහැදිලිව තමුන්නාන්සේලාට කියන්න අවශ්‍යයි.

ඒ නිසා හැම වේලාවේ ම අපේ පක්ෂය ලකුණු ද මේ සෑම දේශපාලන අනන්‍යතාවයන් ද අපි පස්සට අරගෙන තිබෙනවා රට වෙනුවෙන් තීරණාත්මක අවස්ථාවල්වලදී. එක්සත් ජාතික පක්ෂයත් අලියා ලකුණ ඉවත් කරගත්තා ඒ ගොල්ලන්ට ජයග‍්‍රහණය කරන්න අලියා ලකුුණින් බැරි නිසා මම ජනාධිපති ඡුන්දයට එන විට හංසයා ලකුණ ගත්තා.

සැමවිටම ඉතිහාසය තුළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පුළුල් ජාතික බලවේගයක් නමුත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සිය ලකුණ අයින් කරගෙන තිබෙනවා. අනෙක් සහෝදර වමේ පක්ෂත් එක්ක සාකච්ජා කරලා, එක තැනකට එන්න අවශ්‍ය නිසා. මේක තමා අපේ පක්ෂ ඉතිහාසය. අද රටේ දේශපාලනය කුමක්ද ? අද එක්සත් ජාතික පක්ෂය මෙහෙයවන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා නොවන බව අපි පැහැදිලිව තේරුම් ගත යුතු වෙනවා. මේ තත්ත්වයට මුහුණ දෙන්න නම් අපිට පුළුල් ජාතික සන්ධානයක් අවශ්‍ය වෙනවා. මහජන එක්සත් පෙරමුණේ 22 සමුළුවේ තමුන්නාන්සේලා කතා කරන, අලූත් ආණ්ඩුවකට, අලූත් වැඩපිළිිවෙලක් ස`දහා අලුත් පුළුල් ජාතික බලවේගයක් අවශ්‍ය වෙනවා. ඒ පුළුල් ජාතික සන්ධානය ගොඩ නගන්නේ නැතුව මම හිතන්නේ නැහැ ජනතා ජයග‍්‍රහණය අපිට ලබන්න පුළුවන් වෙයි කියලා. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ කතාව, ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙතන දක්වපු අදහස් මම එන්න කලින් අනෙක් පක්ෂ නායකයින් අදහස් දක්වන්න ඇති. මම හිතනවා ඒ සියලූ දෙනා එකම අරමුණක අදහස් ප‍්‍රකාශ කරන්න ඇති ඒ තුළින් පවතින දේශපාලන තත්වයත් අද රටේ තත්ත්වයත් හෙට දවසේ සිදුවිය යුතු කාර්යයත් මේ අවුරුද්ද මැතිවරණ වර්ෂයක්. මේ අවුරුද්ද අලූත් ආණ්ඩුවක් හදන වර්ෂයක්. ඒක රහසක් නොවෙයි. මේ අවුරුද්ද ස්ථිරව අලූත් ආණ්ඩුවක් හැදෙනවා. ඒ හදන අලූත් ආණ්ඩුව අපි අන්ත දක්ෂිණාන්සික දේශපාලන බලවේගයකට දෙනවාද මේ රටට ආදරය කරන, මේ රටේ අද තිබෙන ප‍්‍රශ්න හ`දුනාගෙන හෙට දවස වෙනුවෙන් මේ රටට සුදුසු අලූත් ආණ්ඩුවක් හදන්න, ඒ ස`දහා සකස් වෙනවාද කියන කාරණාව අපි සෑම කෙනෙක්ම තම තමාගේ හෘද සාක්ෂිය තුළ ඇසිය යුතු කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා.

මෙතන ප‍්‍රශ්නය විය යුත්තේ මීල`ග ජනාධිපති විය යුත්තේ කවුද කියන එක නොවෙයි. මීළ`ග අගමැති කවුද කියන එක නොවෙයි. මීළ`ග ආණ්ඩුව කුමක් ස`දහා ද මීළ`ග ආණ්ඩුව කුමන අරමුණක් ද ස`දහා ද මිළ`ග ආණ්ඩුව කුමක් ස`දහා ද ? රටේ අනාගතය වෙනුවෙන් සකස් කරන්නාවු අලූත් ආණ්ඩුවක වැඩපිළිවෙලකට සුදුසු නව ජාතික පුළුල් බලවේග සකස් කිරීම තමයි අද සියලූ වාම ප‍්‍රගතිශීලි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටට ආදරයක් තිබෙන සෑම දේශපේ‍්‍රමියෙකුගේ වගකීම සහ යුතුකම වෙන්නේ කියලා මා විශ්වාස කරනවා.

ඒ නිසා අද මහජන එක්සත් පෙරමුණේ 22 වන වාර්ෂික සමුළුවට මමත් සුබ පතනවා, ආශිර්වාද කරනවා. අපි අපේ හෘද සාක්ෂිය තුළ අපි වැඩ කළ යුතු වෙනවා. රටේ තිබෙන ප‍්‍රශ්න පිළිබදව ඔබට අපිට හො`ද අවබෝධයක් තිබෙනවා. ණය කන්දරාව විදේශීය වශයෙන් නොවෙයි දේශීය වශයෙන් ගත්තත් බරපතලයි. මේ කාලය ගත්තොත් අමාත්‍යාංශවලට සංවර්ධන වැඩවලට ගෙවන්න මුදල් නැහැ. මේ රටේ පෞද්ගලික අංශ කොන්ත‍්‍රාත්කරුවන්ට ඔබ දකින්න ඇති මාධ්‍ය තුළ කෝටි හත්අට සියයක් සල්ලි ගෙවන්න තියෙනවා. රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවීම ප‍්‍රශ්නයක් වෙලා තියෙනවා. මේක තමයි ඇත්ත තත්ත්වය. රාජ්‍ය බැංකුවල අභ්‍යන්තර තත්ත්වය පිළිබ`ද නිසි වාර්තා දෙන්නේ නැහැ. මේ තත්ත්වයන් සමග මේ හෙට දවස අපි කොහොමද රටට හො`ද දවසක් කරගන්නේ. ඒ ස`දහා අපි සියලූ දෙනාගේම පොදු පුළුල් ජාතික අරමුණක් ඉෂ්ට කරගැනීමේ වැඩපිළිවෙලකටයි යායුත්තේ. ඒ ස`දහා මහජන එක්සත් පෙරමුණේ 22 වන සමුළුවේ ඔබ බලාපොරොත්තු වන පුළුල් අභිමාතාර්ථයන් ඉටු වේවා යි කියා මා ප‍්‍රාර්ථනා කරනවා. ඔබ සියලූ දෙනාටම සුබ පතමින් ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.

– ජනාධිපති මාධ්‍ය අංශය

31,522 Viewers

6 Comments to “මීලග ජනාධිපති කවුරු වුණත් එජාපය පරදවන පුළුල් බලවේගයක් ඔ්නෑ..- මහින්ද-බැසිල් වේදිකාවේ තබාගෙන ජනපති කියයි..”

  1. අප්පුහාමි says:

    මේ වසලයෝ 225ත් උන් නියෝජනය කරන පක්ෂත් වසලයන්ගේ නායකයනුත් මෙවර සියලු මැතිවරණ වලින් පරාජය කරන්න මේ රටට ආදරේ ජනතාව කටයුතු කරත්වා.

  2. Nandasoma says:

    2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා, දිනල, රනිල්ව අගමැති කරල, රටම විනාශ මුඛයට ඇදල දාන්න කටයුතු කරපු ඔබ මේ සියල්ලටම වගකිව යුතුමයි…..!

    දැන් මුුකුත් නොදන්න බබා වගේ කථා කෙරුවට, ප්‍රශ්ණ විසඳෙන්නෙ නැහැ….!! බැරිනම් පුලුවන් කෙනෙකුට දීල ගෙදර ගියානම් රටට හොඳයි….!!!

  3. Ratawasiya says:

    Jeppoth epa. Unuth Dan naki wechcha pakshayak

  4. Parakum says:

    SWRD had the same notion in 1956, he was determine to defeat the UNP at any cost. His PACHA BALAWEGAYA is responsible for the plight of this nation today.

  5. gamarala says:

    නුතන දොන් ජුවන් පැරදවීම රටට ආදරය කරන සැමදෙනාගේම වගකීමක්

  6. Sam says:

    No noise from Gota. Seems like he has to give up S.L Citizen ship too.

Main News